zසකාත් ෙහවත් දුගී බද්ධ (zakath)

සදකා

ඉස්ලාමීය යුතුකම

සකාත් යනු කුමක් ද?

ඉස්ලාමි දහම කිසියමි නීතිරීති පද්ධතියකට යටත්ව මුස්ලිමිවරුන් කෙරෙහි අනිවාර්‍ය බද්දක් ලෙස “සකාතය” නියම කරයි.”සකාත්” යන වදනේ සෘජු අර්ථය පිරිසිදුකම,පවිත්‍ර,වර්ධනය,භාග්‍ය යනාදිය වේ.

නමුත් මුස්ලිමිවරයෙකු තමන් සතු දේපල,මිලමුදල් හා අනෙකුත් වස්තූන්වලින් කිසියමි අනුපාතයක් සමාජයේ ජීවත් වන දුප්පතුන්,අසරණයින් වැනි (පිරිස් පිළිබදව මෙහි ඉදිරියට සාකචිඡා වේ.) පිරිස් වෙනුවෙන් ලබා දීම ඉස්ලාමීය දෘෂෟධියෙන් සකාතයේ අරුථ වේ.

මා පෙර සදහන් කළාසේ මෙම සකාතය ඉස්ලාමි දහම මුස්ලිමි සමාජය කෙරෙහි අනිවාර්‍ය කරන්නේ ප්‍රධාන කොන්දේසි කිහිපයකට ද යටත්වය.එයින් එකක් වන්නේ “ජිසියා” වැනි බදු ගෙවීම ඉස්ලාමීය පාලනයක් තුළ පමණක් ක්‍රියාත්මක කළ යුතු එකක් වූවත් “සකාත්” බද්ද එවැනි සීමාවකට යටත් කළ නොහැකි සෑම කාලයකටම කුමන තත්ත්වයක් යටතේ වූවද වලංගු බද්දක් යන්නයි.එනමි,ඉස්ලාමීය පාලනයක් තුළ වූවත් නොවූවත් සකාත් බද්ද ගෙවීම සෑම මුස්ලිමිවරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වේ.නමුත් එයද තවත් ප්‍රධාන කොන්දේසියකට යටත්වය.එනමි,සකාත්දීම සඳහා අවම සීමාවක් සපුරා තිබීම අත්‍යවශයය.(මේ සීමාවන් පිළිබඳව ද පහතින් සාකචිඡා කෙරේ) ඒ අනුව මුස්ලිමි සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම මෙම බද්ද අන්වාර්‍ය නොවන අතර මේ සඳහා අවම සීමාවක් පවතින අතර එය ඉස්ලාමි දහම “නිසාබය” (සකාතය අනිවාර්‍ය වන අවම ප්‍රමාණය) ලෙස හඳුන්වයි.ඒ අනුව මෙතැන් සිට මේ සකාතය සඳහා වලංගු වන දෑ පිළිබඳව හා එහි “නිසාබය” පිළිබඳව දැන් කරුණු විමසා බලමු.එහිදී ඔබේ අවෙබෝධයේ පහසුව පිණිස වර්ථමානයේ ලෝකයේ භාවිතා කරන සමිමත මිනුමි ඒකකවලට අනුව මෙහි ඉදිරිපත් කරමි.

ලෝකයේ බොහෝ ආගමි තම දහම අසමසම දහම බවත්,ප්‍රායෝගික දහම බවත්,ලෝකයේ පවතින සියළු ගැටළුන් සදහා එකම විසදුම ඇත්තේ තම දහම තුළ බවත් වහසිබස් දොඩන වකවානුවකි මේ අප පසු කරමින් සිටින්නේ.මෙවැනි වකවානුවක මේ සියළු පාර්ශවයන් ඉස්ලාමීය ඉගැන්වීමන් පිළිබදව දැන්වත් විමසා බැලිය යුතුම කාරණයකි.ලොව සෑම දහමක්ම ඇදහිලි වතාවත් තුලින් දිනාගන්නා විමුක්තියක් පිළීබදව කතා කරන විට ඉස්ලාමි දහම ද උපවාසය,සලාතය,හජ් වන්දනය යනාදී වශයෙන් වතාවත් පිළිබදව කතා කොට එයින් නතර නොවී ලෝකයේ කිසිදු ආගමක්,ආගමික කටයුත්තක් ලෙස කතා නොකරන විෂයන් ඉස්ලාමි දහම ආගමික රාමුව තුළ හිද කථා කරයි.ඒ සකාත් නමි අනිවාර්‍ය බද්ද පිළිබඳවයි.

එය කොතරමි ද යන්න පවසනවා නමි,ශුද්ධ වූ අල්කුර්ආනයේ සෘජුවම සකාතය පිළිබඳව ස්ථාන 30ක පමණ කථා කරන අතර එයින් ස්ථාන 27ක “සලාතය” (දිනපතා ඉටු කරන පස්වේල වන්දනය) සමිබන්ධ කොට කථා කරයි.මුස්ලිමිවරයෙකුට “සලාතය” කොතරමි දුරකට වැදගත් වනවාද?යන්න මා මෙහි පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත.එවැනි “සලාතය” සමග “සකාතය” සමිබන්ධ කොට ශුද්ධ වූ අල්කුර්ආනය කථා කරනවා නමි,එහි වැදගත්කම වෙන පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.එවැනි වාක්‍ය කිහිපයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නමි,

“විශ්වාසවන්තයිනි!අල්ලාහ් කෙරෙහි හ අන්තිම දිනය කෙරෙහි විශ්වාසයක් නමැතිව මිනිසුන්ට පෙන්වීමට තමාග ධනය වැය කරන තැනත්තා මෙන්,ඔබලා කරන පුන්‍යාධාර අනුන්ට කියාපාමින් (දානලාභීන්ග සිත්) රිදවීමෙන්ද ඔබලාග ධානමය පුන්‍ය කර්මයන් නිෂ්ඵල නකරන්න.එවන් (දානපතීන්ට) උදාහරණයක් නමි,(තුනී) පස්තටිටුවක් වසා ති ලිස්සන සුළු පර්වතයක් වැනිය. මත තද වර්ෂා පතනයක් පතිත වූ විට (මුළු පස් තටිටුවම සදී ගස්) එය මුඩු පර්වතයක් ලෙසට පත් වන්නය.(මෙවන් දානපතීන්ට) ඔවුන් උපයාගත් දෙයින් කිසිදු ප්‍රතිලාභයක් ඔවුනට අත් කර ගැනීමට නහැකිය.අල්ලාහ් අකෘ ජනයාට නිවැරදි මාර්ගය පෙන් වන්න නැත.” (අල්කුර්න් 02 :264)

“සලාතය ඉටු කරන්න.සකාතයද (බෙදා) දෙන්න.”   (අල්කුර්න් 02 : 110)

“ඔවුන් අළුයමි කාලයෙහි (නැගිට දෙවියන් නැමද,තමන්ග දෙවියන් වෙතින්) සමාව ඉල්ලමින් සිටිනු ත.ඔවුන්ග වස්තුවෙන් (කට ර හිමන්) ඉල්ලන්ටද,නඉල්ලන්ටද පංගුවක් ත.” (අල්කුර්න් 51 : 19)

  අබූ අර්ෂද්

Related Post