පරිහානියට පත්වෙමින් පවතින වර්තමාන කාළයේ මානව සංහතිය ප්රපාතය කරා වේගයෙන් ගමන් කරන බව අපට දැක
ගන්නට පුˆවන.
වත්මත් මුස්ලිම්වරුන්ගේ ප්රබෝධයට හා නවීකරණයෙන් මතුවන නොයෙකුත් ගැටලූවලට හා ප්‍රශ්ණවලට මුහුණ දීමේ අභිරහස වී ඇත්තේ ඉස්ලාමීය සංකල්පයයි.
චින්තනය හා සමාජ පවිත්රකමින්ද තම සියලූ සම්පත් ප්‍රයෝජනයට ගෙන නැගී සිටින්න මුස්ලිම්වරුන් තැත් කරන්නේ මෙම ඉස්ලාමීය පදනමයි.
සමස්ත ලොවටම ආවේනික වූ සමාජ ක්‍රමයක් සොයා යන මෙම අවදියෙහි ජනයාගේ ප්‍රශ්ණවලට නියම විසඳුම ලබාදෙන අලූත් ක්‍රමයක් කෙරෙහි ඉස්ලාම් ආගම අවධාරණය කරයි.
සමාජ ප්‍රතිසංස්කරණ හා විප්ලවයන් යනාදිය දියත් කළ වූ අනන්ත අප්‍රමාණ ව්‍යාපාරයන් පිළිබඳ තොරතුරු අපට දැනගන්නට ඇත. බාහිර වශයෙන් සිදු වූ ඒ වෙනස්කම් ජීවන හා ආර්ථික, සංස්කෘතික, ගැටˆ විසඳීමට තරම් සමත් නොවීය.
නමුත් ඉස්ලාමීය සංකල්පය පුද්ගලික, සමාජීය හා මිනිස්කම අගේ කරන යුක්තිසහගත ක්‍රමයක් කරා මිනිස් සමාජීයට මග පෙන්වයි. තවද මුස්ලිම් සමාජයට ගෞරවාන්විත සම්මානීය, සාධාරනාත්මක ජීවිතයක් පිරිනමා ද ඇත, එයින් ප්‍රධාන දේ දේවභ්කතිය හා යහපත් ගුණාංග වේ.
අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබිතුමාණන් මෙසේ ප්‍රකාශ කළහ:
(මා මෙලොවට යවනු ලැබුවේ යහපත් ගති ගුණාංග සම්පූර්ණ කිරීමටය).
වහලා හා අධිපති අතර සම්බඳතාවය
ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන පාඨය ඉස්ලාම් ආගමේ අත්තිවාරමකි, ඉස්ලාම් ආගමේ ප්රමුඛ ස්ථානයක් මෙයට හිමිව තිබේ, ඇත්ත වශයෙන්ම මෙහි තේරුම වන්නේ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බවය, තවද දෙවියන් අල්ලාහ්ට ඔහුගේ ගෞරවය, කීර්තිය, භිය, අපෙක්ෂාව යනාදීන් යුත් ඇල්මෙන් ආදරය කළ යුතුය.
මෙයින් වහලා හා දෙවියන් අල්ලාහ් අතර සම්බඳතා තහවුරු වේ. තවද ස්වකීය ස්වාමියාට කීකරුව,ඔහුගේ කැමැත්තට අනුකූලව වහලෙකු කරන සෑම දෙයක්ම ඉබාදත් (නැමදුම්) වේ.
මෙලෙස ඉටුකරන මේ නැමදුම්වලින් භක්තියේ පදනම සුවිශක්තිමත් කෙරේ, එහයින් සුසිල්වත් හා සුවධ වූ දිවියකට අදාළ වූ දිරිය, වීරිය, ඕනෑකම, විශAවාසදායිබව, සත්‍යභාවය, සිතේ පිවිතුරු බව, හා යහපත් ගුණාංග හා අධ්‍යාත්මික දියුණුව හා සදාචාරාත්මක යනාදිය සංවර්ධනය නෙකඩවා පවති.
තවද තම අධිපති සමග වහලාගේ සම්බන්ධය තහවුරු වන විට මිනිසා සහ සමාජය අතර සම්බන්ධය අලංකාර වේ, එයින් ප්‍රතිඵලය වශයෙන් පිවිතුරු සමාජයයක් ද බිහි වේ.
මෙවැනි පිවිතුරු සමාජයයක් බිහි කරීමට නම් නැමදුමට සුදුස්සා වන අල්ලාහ්ට පමණක් වැඳුම් පිඳුම් කිරීම අනිවාර්්‍ය වේ.