තවිහීද් පිළිබඳ විග්‍රහය thawheed

තවිහීද් නමි මෙම සංකල්පය පිළිබඳ විචාරාත්මක අධ්‍යනයක යෙදීමේ අනිවාර්‍ය අවශ්‍යතාවක් සහාබාවරුන්ගේ කාලයෙන් පසු ඇති විය.ඉස්ලාමය ඊජිප්තුව,සිරියාව,රෝමය,ඉන්දියාව වැනි රටවල්වල ව්‍යාප්ත වීමත් සමගම එම රටවල සංස්කෘතීන්ද ඉස්ලාමය හා සමිමිශ්‍ර විය.ජනතාව තම ධර්මය හැර ඉස්ලාමය තුළට පැමිණියත් ඔවුන්ගේ පැරුණි ආගමිවල විශ්වාසයනුත්,ඇතැමි චාරිත්‍ර වාරිත්‍ර හා ඇතැමි පුරුදුන්ද ඔවුන් නොහැර ඒ අනුවම කටයුතු කිරීම ස්වභාවික දෙයකි.මෙවන් පුද්ගලයින් තම පොත් පත් මාර්ගයෙනුත්,සාකචිඡාවෙන් මාර්ගයෙනුත් දෙවියන් පිළිබඳ කරුණු කාරණා ගැන එකිනෙකට පටහැනි මත ඉදිරිපත් කිරීම හේතුවෙන් ඇතිවූ අපැහැදිලි බව වැඩියෙන්ම බලපෑමි කළේ ඒක දේව විශ්වාසයටයි.තවත් සමහරුන් ඉස්ලාමය වැළඳගන්නා බව බාහිරයට පෙන්වාගෙන ඉස්ලාමය විනාශ කරන්නට රහසිගතව ක්‍රියා කළහ.මොවුන් කවර වර්ගයේ අයද යත් ඉස්ලාමය වේගවත්ව ලොව පුරා පැතිරීම යුද්ධයකින් නවත්තන්නට නොහැකි වූ පිරිසයි.ඔවුන් දෙවියන් අල්ලාහ් පිළිබඳ විකෘති කරන ලද පුවත් ප්‍රචාරය කර ඉස්ලාමීය ප්‍රතිපත්තියේ මූලික කණුව නමි ඊමානය නමි විශ්වාසයට පහර එල්ල කොට ඒ හරහා මුළුමහත් ඉස්ලාමය සුණු විසුණු කරන්නට කූටෝපක්‍රම මෙහෙයවීය.ඉස්ලාමි ධර්මයෙහි ජනයින් විශාල සංඛ්‍යාවක් එක්වුණු පසු ඒ ඒ රටවල් වල ඉස්ලාමය සමිප්‍රදායන් හා මිශ්‍ර වූ ඒ ස්වභාවයෙන්ම පවතිද්දී,ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වීමේ දෝෂද ඇති වන්නට විය.

මේ නිසා මෙවන් විකෘති කිරීමි වලට විරුද්ධ වීම ඉස්ලාමීය විද්වතුන්ගේ කර මත පැටවුණි.ඔවුන්ද එම අභියෝගයට බුද්ධිමත් අයුරින් මුහුණ දුන්හ.ඔවුන් ඉතාමත් නිවැරදි අයුරින් ඉස්ලාමය හා එක්ව තිබූ පිටස්තර සිද්ධාන්තයන්ද,ආගමික ප්‍රතිපත්තීන්ද වෙන් කොට ඒවා ශුද්ධ වූ අල්කුර්ආනයෙනුත් නබිතුමාගේ මාර්ගෝපදේෂයෙනුත් ලබා ගත් ප්‍රතිපත්තීන්ගෙන් යළි පුදා ගත්හ.මෙම ආගමි වාදයට විරුද්ධවීමේ ක්‍රියාවලියේ එක් අංගයක් ලෙසයි තවිහීද් සංකල්පය එහි මූලිකාංග තුන සහිතව ඉදිරිපත් කරන ලද්දේ.මෙවන් විශේෂ සැලකිල්ලක් ඉස්ලාමි ධර්මයේ සෑම අංශයකම දක්වනු ලැබීය.එමනිසා මෙහි එක් එක් අංගය වෙත වෙනම,ගැඹුරින් අධ්‍යනය කරන්නට බලාපොරොත්තු වන්නෙමු.එමෙන්ම මේ තවිහීද් සංකල්පය වනාහි ඉස්ලාමයේ අඩිතාලම යන්නද අප වටහා ගත යුතුය.

තවිහීද් අර් රුබූබියා මේ වනාහි,මෙලොව සිදුවන පවතින සියල්ලකම හේතුකාරකය දෙවියන් අල්ලාහ් පමණි.මැවීමි සියල්ලක්ම ඔහු කිසිම දෙයක් නැති තත්ත්වයේ සිට ඇති කරන ලද්දක්,මේ සියල්ල ජීවත් කරවන්නේ ඔහු පමණි යන මූලික සංකල්පය දරන අංගයයි.මැවීමිවල අවශ්‍යතාවයෙනුත්,මැවීමිවල රදා පවතින තත්වයෙනුත් දෙවියන් අල්ලාහ් ස්වායක්තය.මැවීමවල පැවැත්මක් ඇත්තේද එම මැවීමි පෝෂණය කරන්නේද සකල විශ්වයේම අධිපති දෙවියන් අල්ලාහ් වේ.ඔහුගේ බලයට විරුද්ධ වී ඔහුට අභියෝග කරන්නට කිසිම කෙනෙක්ට හැකියාව නැත.එවන් මැවීමකට අරාබි භාෂාවෙන් යොදන වචනය “රබි” යනුවෙන් හැඳින්විය හැක.සත්‍ය වශයෙන්ම සදාකල් ජීවත් වන්නට හැකියාව ඇත්තේ දෙවියන් අල්ලාහ්ට පමණක් නිසා සෑම මැවීමකටම සෙලවීමේ ශක්තිය (වෙනස් කර ගැනීමේ හැකියාව) පවා ලබා දී ඇත්තේ දෙවියන් අල්ලාහ්ටය.ඔහුගේ අනුමැතිය නැතිව කිසිම මැවීමක සෙලවීමක් හෝ ක්‍රියාවක් හෝ සිදු නොවේ.මේ සත්‍යය අනුමත කිරීමක් ලෙසයි මුහමිමද් (එතුමාට දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමා මේ වචනය පවසා ඇත්තේ.එනමි,”ලා හුවල වලා කුවිවත ඉල්ලා බිල්ලාහ්” (දෙවියන් අල්ලාහ්ගේ කැමැත්ත නැතිව කිසිම සෙලවීමක් හෝ ශක්තියක් හෝ නැත.

“දෙවියන් අල්ලාහ්ම සියළු වස්තූන් උත්පාදනය කළය.ඔහුම සියල්ලෙහි රක්ෂකයාය.   (අල්කුර්න් 39 : 62)

“ඔබත්,ඔබ අඹන ලද දැයත් දෙවියන් අල්ලාහ්ම උත්පාදනය කළය.”  (අල්කුර්න් 37 : 96)

“දෙවියන් අල්ලෙහ්ග අනුමැතියෙන් තර කිසිම විපතක් (කිසිවෙකු වෙත) පැමිණ සන්දු වන්න නැත.එබැවින් කවුරුන් දෙවියන් අල්ලාහ්ව විශ්වාස කරන්නද,ඔහුග හෘදය (විද දරා ගැනීම,ඉවසීම යන) සෘජු මාර්ගයෙහි යාමට ඔහු සලස්වන්නය.දෙවියන් අල්ලාහ් සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නය.”  (අල්කුර්න් 64 : 11)

පරිවර්තනය උමිමු උස්මාන්

 

Related Post