දුර්ගුණාංගයන්ගෙන් මිදෙමු

දරු සමිපත

ළමයින්ට උගන්වමු

සමාජයේ විවිධ තරාතිරමිවල මිනිසුන් හා එකට ජීවත් වන විට ධනය,බලය,සහජ හැකියාවන්,අලංකාර ස්වරූපය වැනි බොහෝ දේවල්වල තමාට වඩා පහල සිටින කෙනෙකු දකින විට ඔබේ සිත තුල ආඩමිබරකම,අහංකාරබව හා ලොකුකම වගේ අප්‍රසන්න සිතුවිලි ඔබේ මනස තුලට ඇතුල් වනු ඔබ අවධානය කොට තිබෙනවාද?

එවන් හැගීමක් සිත මුල්ලක හෝ හටගනු යන්තමිවත් දැනෙනවා නමි ඒ ගැන දැඩි අවධානයක් යොමු කොට එය සමිපූර්ණයෙන් නැති කර ගන්නා ලෙස ඔබට මතක් කිරීමයි මෙම ලිපියෙහි අරමුණ.ඒ මන්දයත් යමෙකුට මනසෙහි අණුවක ප්‍රමාණයේ හෝ අහංකාරකම තිබේ නමි ඔහුට ස්වර්ගයට යා නොහැකි බව දෙවියන් අල්ලාහ්ගේ වක්තෘවරයා වන මුහමිමද් (එතුමාට දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) අපට අවධාරණය කර තිබෙන නිසයි.

ඔබේ හිතේ මුල්ලක හරි ආඩමිබරකම,ලොකුකම,අහංකාරකම හැංගිලා ඉන්නවාද?

අහංකාර කමින් ඔබ මුහුණ මිනිසුන්ගෙන් නහරවන්න.තවද පව මත අහංකාරයෙන් යුතුව ගමන් නකරන්න.නියත වශයෙන්ම අල්ලාහ් මමත්වය හා අහංකාරකම ති අයව ස්නහ නකරන්නය.

(ලුක්මාන් 18)

ඇත්තටම ආඩමිබර වන්න තරමි අපි ලග මොකක්ද තියෙන්නේ?අපි ආඩමිබර වන අපේ ධනය,බලය, අධ්‍යාපනය වගේ දේවල් අපි හොයාගත්තා වගේ අපි ලොකුකමි පෙන්නන්නේ ඒවා ලබා දුන්නේ දෙවියන් අල්ලාහ් බව අපි අමතක කරපු නිසාද?ඔබට හොද අධ්‍යාපනයක් ලැබෙන්න හේතු වුණ ඔබේ බුද්ධිය ඔබේ හැකියාවෙන් ලබා ගත්ත එකක්ද?ඔබේම අධ්‍යාපන මටිටමම ඇතිව ඔබේ හැකියාවෙන්ම ඇතිව ඔබට වඩා අඩු පඩියකට වැඩ කරන කී දෙනෙක් ඉන්නවාද?ඔබේ රුකියාව ඔබ සොයාගත් දෙයක් යැයි ආඩමිබර වන්නේ නමි ඔබේ මටිටමේම සිටි ඔබේ මිතුරන්ට හොද රස්සාවක් නොලැබුණේ රුකියාව ලැබීමට හේතුව ඔබේ දක්ෂතාවය පමණක් නොව ඒ සියල්ල ඉක්මවා අල්ලාහ්ගේ දයාව ඔබ කෙරෙහි වූ නිසා නොවේද? ඔබේ හෝ ඔබේ දරුවාගේ ආකර්ෂණීය පෙනුම ඔබ photoshop මගින් නිර්මාණය කර ගත්තක්ද?නැතිනමි අල්ලාහ්ගේ දායාදයක්ද?

මෙසේ අල්ලාහ්ගේ දයාවෙන් ලද සියල්ලක්ම අපේ යැයි හිතාගෙන අපිට වඩා අඩු මටිටමේ සිටින කෙනෙකුට ලොකුකමි පාන්නට අපට ඇති අයිතිය කුමක්ද?එසේ අහංකාර වන මිනිසුන් ඔවුන්ගේ මිත්‍රයින්ට ලොකු කමි පාන්නේ සියළු දෙනා මැරුණු පසු මහ පොළොවේ වැලි අතරට එක් වන්නේ ඔවුන්ගේ පුහු ආඩමිබරකමි හැරදමා බව අමතක කළ නිසාද?

අහංකාරකමට මුහමිමද් (එතුමාට අල්ලාහ්ග ආශිර්වාදය අත්වේවා) නබිතුමා දුන්නු නිර්වචනයට අනුව සත්‍ය පිළිනොගැනීම වගේම ජනයින්ව පහත් ලෙස සැලකීමත් එහි අන්තර්ගතයි.කෙනෙක් සත්‍ය කෙතරමි පැහැදිලිව කියා දුන්නත් ප්‍රතික්ෂේප කරද්දී අපිට ඔවුන් ගැන කොචිචර අනුකමිපා හිතෙනවාද?ආඩමිබරකමි පෙන්වන අපිත් ඒ බෝටිටුවේම නමි ඉන්නේ? අපි අපි ගැනම ඉස්සෙල්ල අනුකමිපා විය යුතුයි නේද?

ආඩමිබර වීමටත් අහංකාර වීමටත් උචිත එකම පුද්ගලයා කිසිවෙකුගේ උදවි උපකාර වලින් අවශ්‍යතිවලින් තොර දෙවියන් අල්ලාහ් මිසක් ශරීරයවත් අපට හිමි නැති වැළදෙන රෝගයක් වත් අපේ උවමනාවට නවත්තන්න බැරි,ජීවිතයවත් අපිට උරුම නැති හුදු නියෝජිතයෙකු ලෙස පමණක් මෙලොවට පරීක්ෂණයකට තාවකාලිකව යවා ඇති මිනිස් අප නමි නොවන්නෙමු.

අබ ඇටයක් තරමිවත් අහංකාරයක් අප තුළ පවතීනමි,දහසකුත් බලාපොරොත්තු පොදි බැදගෙන ටොන් පිටින් කුසල් රුගෙන අල්ලාහ්ගෙන් ස්වර්ගය ඉල්ලා බලා සිටින විට එම කුඩා අහංකාරය අපිව නිරයට ඇද දමාවි නමි,එය අප තුළින් නැති කරගන්නට අප කෙතරමි ඉක්මන් විය යුතුද

 

උමිමු උස්මාන්

Related Post