මයිමූනා බින්ත් හාරිස් රදියල්ලාහු අන්හා Wife of the Prophet Muhammad,(pbuh)

මයිමූනා රලියල්ලාහු ැන්හා ඇයගේ පෙළපත් නාමය :

  • ඇයගේ සත්‍ය (සැබෑ) නම  බර්රාහ්ය   හාරිත්ගේ දියණිය විය
  • මෙතුමිය බනු හලාල් ගෝත්‍රයට අයත්වේ
  • පියාගේ නම හාරිත් බින් හ zසන් බින් බුජයිර් බින් අල් හzසම් බින් රුවයිබහ් බින් අබ්දුල්ලාහ් බින් හිලාල් බින් ආමිර් බින් සාසහ් අල්හිලාලියා
  • මවගේ නම හින්ද් බින්ත් අවුප් බින් සුහයිර් ඇයගේ සහෝදර්යන්ගේ නම් වශයෙන් ලුබාබා අල් කුබීරා අස්මා සහ ඉzස්සා වේ ලුබාබා (උම්මු අල් පදල්) අබීබාස් බින් මුත්තලිබීගේ භාර්්‍යාවවිය මෙතුමිය කදීජා රදි තුමියගෙන් පසු ප්‍රථමයෙන් ඉස්ලාම් දහම වැළදගත් තැනත්තියවේ මෙතුමිය අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් සහ කාලිද් ඉබ්නු වලීද් තුමණන්ගේ නැන්දණිය වූවාය
  • ඇයගේ මවගෙන් ඇයට සහෝදරියන් දෙදෙනෙක් විය එක්කෙනෙක් ක්හුසයිමාගේ දියණිය Zසෙයිනබ් විය ඇය නබි(සල්)තුමාගේ භාර්්‍යාවක් විය

ඇයගේ මවඃ

එතුමියගේ මව ශේෂ්ට වයස් ගත කාන්තාවක් වූ අතර විවාහ සම්බන්ධයන්ගෙන් පහත සදහන් අය ඥාතීන් විය

  • දෙවියන්ගේ දුතයා
  • අබූබකර් අල් සිද්දීක්
  • අලි බින් අබූතාලිබ්
  • ජාබිර් බින් අබිතාලිබ්

ඇයගේ උපත සහ ළදරුවිය :

  • ඇය නබි(සල්)තුමාගේ ප්‍රචාරයට අවුරුදු 6 කට උපත ලැබූහ
  • එතුමිය නබි(සල්)තුමා මදීනාවට සංක්‍රමණය වීමට පෙර වැඞ්වියට පත්විය
  • ඇය කුඩාකාලයේ සිට ඉස්ලාමය ඉතාමත් නැඹුරුවූ තැනත්තියක් විය
  • ඇයගේ සමීප සහෝදරීය වන ලුබාබා මගින් ආගම කෙරෙහි දැක්වු නැඹුරුකම වර්ධනය වූ අතර නමුත්ඇය විශ්වාස නොකරන පවුලක ජීවත්වූ  ප්‍රසිද්ධියේ ඉස්ලාමය ගැන දැනුම් දීමට  නොහැකි විය

ඇයගේ ප්‍රථම විවාහයඃ

  • ඇය ප්‍රථමයෙන් විශ්වාස නොකරන පුද්ගලයක් සිටි අබූරුහ්ම් බින් අබ්දුල් උස්සා විවාහ වූ අතර ඒවිට ඇයගේ වයස අවුරුදු 26ක් විය

ආශීර්වාදාත්මක විවාහයඃ

  • මයිමුනා රදිතුමිය නබි (සල්) තුමාගේ ධර්ම ප්‍රචාරයට අවුරුදු හයකට කලින් මක්කාවේ ඉපදුණහ ඇය  ප්‍රථමයෙන් ඉස්ලාම් ධර්මය වැළද ගන්නට පෙර මස්ඌද් ඉබ්නු අම්ර් අත් සඛාපි සමග විවාහ වු නමුත් මේ දෙදෙන කෙටිකාලයකදී වෙන්වූහ පසුව එතුමිය  අබු රුහුම් ඉබීනු අබීදුල් උස්සා (රදි යල්ලාහු අන්හු) සමග විවාහ වු නමුත් ඔහුද කෙටිකාලයකදී   මරණයට පත්විය එතුමාගේ අභාවයෙන් පසු මයිමූනා (රදි) තුමිය වැන්දඹු කාන්තාවක් බවට පත්වූහ මින් අනතුරුව එතුමිය තම වැඞ්මහල්  සහෝදරියවූ ලුබාබා අල්කුබ්රා (උම්මු අල් පද්ල්) තුමියගේ නිවසෙහි ඔවුන් සමග ජීවත් විය අනතුරුව එතුමිය තමාට  සුදුසු ස්වාමිපුරුෂයෙක් සොයා දෙන මෙන් තම සහෝදරිය වන  උම්මු අල් පදල් ගෙන් ආයාචනය කලහ එතුමිය මෙයට එකගවූ නමුත් මේ රාජකාරිය අකුරටම ඉටුකිරීම සදහා තම ස්වාමිපුරුෂයාවන අබ්බාස් බින් අබීදුල් මුත්තලිබී (රදි) තුමාවෙත භරකළහ මෙම කාර්යය කිරීමට මෙම කාර්යය ඉටුකිරීමට ස්වකීය ස්වාමි පුරුෂයාට හැකි එතුමිය හොšන් දැන සිටිය හෙයින්  බාර කලහ ඔහු ඉතාමත් යෝග්‍යමත් පුද්ගලයා වු අතර ඔහු කෙලින්ම    තම සහෝදරයාගේ පුතාවන මුහම්මද්  නබි (සල්) තුමාට  මයිමුනා බින්ත් හාරිත් විවාහ කරගන්නා ලෙස  යෝජනා කලහ පසුව නබි (සල්) තුමාද එතුමාගේ ඉල්ලීමට  සිය කැමත්ත ප්‍රකාශ කලහ පසුව  අබීබාස් (රදි) තුමා මේ සතුටු දායක සුභආරංචිය තම භාර්යාව වෙත ප්‍රකාශ කළ නමුත් එම අවස්ථාවේ මයිමුනා  නිවසෙහි නෙසිටියාය ස්වල්ප වේලාවකට පසු මයිමූනා රදි තුමිය ආපසු ඔටුවාගේ පිෙටි   තම සහෝදරියගේ නිවස කරා  පැමිණෙද්දී ස්වකීය සහෝදරිය වන  උම්මු අල් පදල් මෙම සුභආරංචිය ආශිර්වාදාත්මක ආනන්දජනක පුවත දැන්වූ එතුමිය වෙත ප්‍රකාශ කළහ  මෙයට සවන් දුන් ඇය උතුරා යන සතුටින් ඔටුවාගේ පිටින් උඩපැන මෙම ඔටුවා නබි (සල්) තුමා වෙත පරිත්‍යාග කරමි යනුවෙන් පැවසූහ එතුමාද එය ඉතා සතුටින් භාරගත්හ මංගල්‍ය උත්සවය සියල්ල සුදානම් කිරීම සදහා නබි( සල්)තුමා තමාගේ ලොකු පියාගේ පුතා වු ජාපර් බින් අබූ තාලිබී වෙත භාරකලහ එතුමා මෙය නබි (සල්) තුමාගේ වන්දි( කල්ගිය උම්රාවෙන් පසු)තීරණය කළහ මෙහිදී නබි (සල්) තුමාට මක්කාවේ රැදී සිටීමට අවස්ථාවේ ලබාදුන්නේ දින 3ක් පමණය  මෙය හුදෙයිබියා ගිවිසුමේ කොන්දේසියක් විය සුහයිල් ඉබ්නු අම්ර්  හුවයිතිබ් ඉබ්නු අබ්දුල් උස්සා නබි වෙත පැමිණ ඔබගේ කාල සිමාව අවසාන වන හෙයින් දැන් පිටත් වන්න යනුවෙන් එතුමාට දැනුම් දුන්හ
  • මුහම්මද් නබි (සල්) තුමා කල්ගිය උම්රාවෙන් පසු මයිමූනා (රදියල්ලාහු අන්හා) සමග විවාහ ගිවිස ගත්හ නබි (සල්) තුමා  අවසාන වශයෙන් විවාහ කරගත්තේ මයිමූනා (රදි)තුමියයි එවිට එතුමියගේ වයස අවුරුදු 26ක් විය
  • මේ විවාහය හිජ්රි 7 වන වසරේ මක්කාවේ සිට කිලෝමිටර් 10 ක් දුරින් සරිප් නම් ස්ථානයෙ සිදුවිය මෙහිදී අබීබාස් (රදි) තුමා නබි (සල්) තුමා වෙනුවෙන් දිර්හම් 400ක් ගෙවුහ

අල්කුර්ආනයේ මෙසේ පවසා ඇත

එම්බා නබිවරයාණෙනි ඔවුන්ගේ දායාද ඔවුනට ඔබ දුන් බිරියන්ද යුද්ධෝ පාර්ජිතයෙන් ඔබට අල්ලාහු දුන් ඔබගේ දකුණු අත අයිතිකරගත් අයද ඔබ සමග නිෂ්ක්‍රමණය කළ සුලු පියාගේද  ලොකු පියාගේද දියණියන්ද  ඔබගේ මයිලන්ගේ දියණියන්ද ඔබගේ සුලු මවගේද ලොකු මවගේද දියණියන් විශ්වාස කරන ස්ත්‍රියක්ද ඈ තමාම නබිවරයාට කැපවන්නී නබිවරයා ඇය විවාහකර ගතැටියද ඔබට  නිත්‍යානුකූල කෙළෙමු එය ඔබට පාපයක් නොවනසේ මෙය ඔබට විශේෂයෙකි  විශ්වාස කරන අන්අයට නොවෙයි ඔවුන්ගේ බිරියන්ද ඔවුන්ගේ දකුණූ අත් අයිති කරගත් අයද පිළිබදව අපි ඔවුනට නියෝග කළ දැය අපි දත්තේ දෑමය අල්ලාහු සදා කෂමාන්විතය දයාලුය                          (සුරා අහ්zසාබ් 33: 50)

මෙම විවාහයේ ඇති ප්‍රඥාව :

  • මුහම්මද් නබි (සල්) තුමා මයිමුනා (රදි) තුමිය විවාහකර ගැනීමේ මූලික අභිප්‍රාය (ඉලක්කය)  වූයේ බනු හිලාල් ග්‍රෝත්‍රය සමග සුභසාධනය තහවුරු කිරීමට එතුමියගේ පූර්ණ සහයෝගය ලබාගැනීමෙන් ඔවුන්ට ඉස්ලාමය කරා ලගාවිමට උනන්දු කරවිමය මෙහිදී ඔවුන් අනුකම්පා සහගත සහ සහයෝගය දැක්වූ බව නබි(සල්)තුමාට මැනවින් වැටහී ගියහ
  • මෙම ආශීර්වාදත්මක විවාහය ඉස්ලාම් ධර්මයට මහත් ප්‍රයෝජන අත්කර දුන් අතර බනු හිලාල් ගෝත්‍රය සමග සමිප සම්බන්ධතාවයක් ඇතිවිම සහ සමෘද්ධිමත් ලෙස ඉස්ලාම් ධර්මය වැළද ගත්හ
  • මේ විවාහය නිසා අමිහිරි  වාතාවරණය තුරන්වූ අතර බනු නජද් ගෝත්‍රකයන් මදීනා ආධිපත්‍ය පිළිගත්හ

ඇයගේ යහගුණ ( සුචරිතය):

  • මෙතුමිය හොද ආදර්ශමත් කාන්තාවක් ලෙස හැදින්විය හැක ඇය   පවිත්‍රවු ස්ථීර විශ්වාසකින් හා දේවභක්තියෙන් යුතුව කටයුතු කල විශීෂ්ට කාන්තාවක් විය ඇයගේ වේලාව අධික වශයෙන් දෙවියන් ඇදහීමේ කටයුතු වල නිරත වූහ අධිකව වශයෙන් රාත්‍රීකාලයේ සිටගෙන සලාතය ඉටුකළ අතර  දිවා කාලයේ උපවාසයේ යෙදුණහ තවද මෙතුමිය දෙවියන් වෙනුවෙන් අධික වශයෙන් සදකා දානය කලහ එතුමියගේ අනෙක් සහෝදරියන් වන උම්මු පදල්  අස්මා ඇය මෙන් භක්තිමත්විය තම පවුලේ තම ඥාතීන්ට ඉතා ඉහලින් සංග්‍රහ කළහ උදාහරණයක් වශයෙන් දිනක් එතුමිය තම වහල් ස්ත්‍රිය නබි (සල්) තුමාගෙන් අනුමැතිය නොගෙන  මුදා හැරියහ ඇයට හිමි දවසේ නබි (සල්) තුමා පැමිණ පසු එතුමිය මෙසේ පැවසූහ යා රසූලුල්ලාහ් (අල්ලාහ්ගේ දුතයාණෙනි ) මාගේ වහල් ස්ත්‍රිය මුදවා හැරිය බව ඔබ තුමා දන්නෙහිද?එතුමා එසේ ඉටුකලාද? එතුමිය එසේමය යනුවෙන් පිළිතරු දුන්හ ඔබ ඇයව දුන්නේ ඔබගේ මාමාට ඔබට හිමි කුසල් අතිශ්‍රේෂ්ටය වනුයේය නබි (සල්) තුමාගේ ඉලක්කය වූයේ එතුමියගේ පවුලේ අයට කරුණාව හා සදකා දීමට ඉගැන්විමය
  • ආයිෂා (රදි යල්ලාහු අන්හා) එතුමිය ගැන මැනවින් අවධානය අතර ඇය වෙනුවෙන් මෙසේ ප්‍රකාශ කළහ එතුමිය ඉතා භක්තිමත් හා දෙවියන්ට බියබැතිව කටයුතු කිරීම හා තම ඥාතීන්ට ඉතා සමිපව සංග්‍රහ කළහ
  • තම ඥාතීන් හෝ නොදන්නා ඔනැම කෙනෙකු ඉදිරියේ   සත්‍ය ප්‍රකාශ කිරීමට බිය නොවූහ  කිසි කෙනෙකුට එය තහනම් කිරීමට ඉඩ නොදුන්හ
  • එතුමිය නිතර සෘජු බැල්ම කෙරෙහි  තමා ඉටුකරන සියලුම ක්‍රියාවන් සුලු  හෝ විශාලදේ කෙරෙහි  දෙවියන් මැනවින් දර්ශනය කරමින් සිටියි යනුවෙන් සිතා බිය බැතිව  කටයුතු කිරීම ඇය සතුවූ ශ්‍රේෂ්ට ගුණාංගයක් විය එක් අවස්ථාකදී දිනක් එතුමිය දෙලුම් ඇට බිම විසිකර තිබීම දැක ඒවා අහුලා ගෙන මෙසේ පැවසූහ නිශ්චය වශයෙන්ම අපතේ හැරීම පීරිය නොකරයි
  • ඉබ්නු අබ්බාස්  (රදි)තුමාගේ සෙවකයා වූ කුරෙයිබ් මෙසේ පැවසූහ  ඉබීනු අබ්බාස් (රදි) තුමා මයිමුනා (රදි) තුමියගේ ඔටුවා සමග ගමන් කිරීමට ලබාදුන්  අවස්තාවේදී මෙතුමිය හජ් උම්රා කර්තව්‍ය  ඉටුකිරීමට ගමන් කරද්දී ගමන් අවසන් වනතුරාවට අකබාවට ගල් විසිකරන තුරාවට දෙවියන්ට ප්‍රශංසා කරමින් ගමන් කල බවට ඔහු පැවසූහ

මයිමූනා (රදි)තුමිය දෙවියන් වෙනුවෙන් කෝපවිමඃ

යාසිඞ් ඉබ්නු අල් අසාම් මෙසේ පැවසූහ දිනක් මයිමුනා (රදි යල්ලාහු අන්හා) තුමියගේ ඥාතියෙක් මත්පැන්පානයකර පැමිණ නමුත් එතුමිය කෝපයට පත්වි දෙවියන්ගේ නාමයෙන් ඔබ මෙතනින් පිටවූයේ නැති නම් මුස්ලිම්වරුන්ගේ කසපහරට දඩුවමට ලගාකරමි නැතහොත් පිරිසිදු වෙන්න නැවතත් ඔබට මෙහි පැමිණීමට අනුමත නොකරමි යනුවෙන් අණ කළහ පසුව ඔහු ඇයගේ ඉල්ලීමට කීකරු විය

මයිමූනා (රදි යල්ලාහු අන්හා)  තුමිය දෙවියන් වෙනුවෙන් සටන් වැදීම (ජිහාද්):

මයිමුනා (රදි අල්ලාහු අන්හා) සත්‍යවිශ්වාස වන්තියෙක් පමණක් නොවූ අතර ඉතා ප්‍රඥාවන්ත නුවණැති බුද්ධිමත් දේව මෙහයන්හි ඉතා භක්තිමත්ව සහ අවංකව කටයුතු කල තැනත්තියක්  වූවාය තබූක් සටනේදී තුවාල ලැබූ යුධකරුවන්ට සහ අසනීපවූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්හ මෙතුමිය ප්‍රථමයෙන් යුධ වැදණු සෙබලුන්ට සාත්තු කිරීමේ වරප්‍රසාදය හිමි කරගත්තාය

හදීස් කලාව වනපොත්  හා  වාර්තා කීරීම :

මෙතුමියද අනෙක් උම්මු හාතුල් මුංමිනාත් මෙන් නබි (සල්) තුමාගේ හදීස්  කටපාඩම් කළහ තවද එතුමිය හදීස් 76ක් වාර්තා කළහ

මරණයඃ

මයිමූනා රදි තුමිය හිජ්රි වර්ෂ 51 න් පසු එතුමිය විවාහ ගිවිස ස්ථානය වන සරිප් නැමති ස්ථානයේ භූමිදානය කලහ එතුමිය මරණයට පත්වන විට ඇයගේ වයස අවුරුදු 80ක් විය පත්වුයේ මුආවියා (රදියල්ලාහු අන්හු)ගේ කාලයේ අභාවප්ප්‍රාප්ත විය අබ්දුල්ලාහ් බින් අබ්බාස් ජනාZසා සලාතය ඉටුකළහ

Related Post