සෆියා බිනත් හුය්යය් (රලියල්ලාහු අන්හා) Wife of the Prophet Muhammad,(pbuh)

,නබිතුමාණන්ෙ,අාර්්‍යාව, ඇයගේ පෙළපත් නාමයඃ හුය්යය් නැමත්තාගේ දියණිය වන සෆියා (රදි යල්ලාහු අන්හා)මූසා අලෙහිසලාම් තුමාගේ සහෝදරයෙකු වූ හාරූන් අලෙහි සලාම් තුමාගේ පරම්පරාවේ කෙනෙක් විය

  • ඇයගේ මව : බර්රාහ් බිනත් සමූල් (බනූ කුරෙයිදා ගෝත්‍රයෙන්)
  • ඇයගේ ගෝත්‍රය බනු අන්නදීර්
  • යූදෙව් ගෝත්‍රයට අයත්වූ අතර බනූ ඉස්රාඊල් වරුන්ගෙන් පැමිණි නබිවරුන්ගේ මිනිපිරියන් ගෙන් කෙනෙක් විය  තමන්ගේ මව හෝ පිය පාර්ශවයෙන් ඇයගේ පියා හුය්යයි ඉබ්නු අහ්තාබ් මව හාරුන් සහ මූසා නබි වරුන්ගේ පරම්පරාව  ඇය මදීනාවෙහි හයිබර් කොටුවෙහි ඡීවත්විය යුදෙව් ගෝත්‍රයේ හයිබර් වල ජීවත්වුණු ලස්සන කාන්තාවක් වු අතර ඉස්ලාමයට වැළද ගැනීමට පෙර ප්‍රථමයෙන්  ඇය යුදෙව් සමාඡයේ කවිවරයෙකු වූ සලාම් ඉබ්නු අබ්ල් හකීක් සමඟ විවාහ විය
  • පසුව ඔහු මරණයට පත්වූ  පසු ඇය  කිනානා ඉබ්නු අබුල් හුකෙයික් සමඟ විවාහ විය ඔහුද කවියෙකි ඔහු හයිබර් සටනේ දී මුස්ලිම් වරුන්ගේ අතින් මරණයට පත්විය

ඇයගේ චරිතය :

  • ඇය ඉතා උසස් පරම්පරාවකට උරුමකම් ඇති ඉතා ඉතා අලංකාර සුරෑපී කාන්තාවක් විය ඇය
  • ඇය ඉස්ලාමය වැළදගැනීමට ප්‍රථමයෙන් විවාහ වූයේ  සලාම් බින් මිෂ්කම් සහ පසුව කිනානා ඉබින් අබි හකීක් නැමත්තා සමග විවාහවී සිටිය අතර  ඔහු ක්හයිබර් යුද්ධයේදී මරණයට පත්විය

කෛබර් යුද්ධයඃ

  • මෙම සටන හිජ්රි වර්ෂ 7 මුහර්රම් මස අගභාගයේදී  සිදුවිය යුදෙව්වන් වාසය කළ මෙම ප්‍රදේශය සිරියාවට සම්පව මදීනාවට සැතපුම් 100ක් දුරින් පිහිටියේය
  • මෙම ගැටුමට හේතුවූ කරුණු මෙසේ ගොනු කළහැක එනම් හුදෙයිබියා ගිවිසුම නිසා කුරෙයිෂි වරුන් ගෙන් නබි (සල්)තුමා  ඇතුලු පිරිසට බාධා ඇති නොවුණි මේ නිසා මදීනාව අවට වාසය කළ යුදෙව්වන්ගේ ජනාවාස පිළිබද විසදුමක් ඉදිරිපත් කිරීමට සුදානම් විය
  • කෛබර් ප්‍රදේශයේ යුදෙව්වන්ගේ විශාල ස්ථිර බලකොටු දක්නට විය එහි යුදෙව් සෙබලුන්  10 000ක් පමණ වාසය කළහ ඔවුන් ආයුධ බලයෙන් මෙන්ම උපායශීලි හා රැවටිලිකාර බවින් යුක්ත විය මුස්ලිම්වරුන්ගේ අගනුවර වන මදීනාවට මොවුන් ගෙන් තර්ජනයක්  එල්ල වන්නට පෙර මොවුන්ගේ ගැටලුව විසදීමට් අවශ්‍යවිය මේ හේතුව නිසා නබි (සල්)තුමා මුහර්රම් මස අවසාන භාගයේ තම සහාබාවරු 1600ක් හා 2000ක අශ්වාරෝහක හමුදාවක් රැගෙන කෛබර් බලා පිටත්විය හුදෙයිබියා ගිවිසුමට සම්බන්ධවූ සහාබාවරුන්ද නබි(සල්) තුමා ආරාධනා කළේය ක්හයිබර් ප්‍රදේශය ආසන්නවත්ම තම සහාබාවරුන්ට නවතින ලෙස අණකර පසුපසට හැරී අල්ලාහුතාලාගෙන් දුආ ප්‍රාර්ථනා කළේය
  • යා අල්ලාහ් අහස හා එහි සෙවනැල්ල පතිත වන දැයහි අධිපතියාණනි ෂෙයිතාන්වරුන් හා ඔවුන් නිසා නොමග ගියවුන්ගේ අධිපතියාණෙනි අපි ඔබගෙන් මෙම ප්‍රදේශයේ ඇති පින්වත් බව යහපත් ගුණාංග ඇති අයද ගුණ ඇති අයගෙන්ද අයහපතෙන්ද ඔබගෙන් ආරක්ෂාව පතන්නෙමු යැයි ප්‍රාර්ථනා කළයැයි නබි(සල්) තුමා අල්ලාහ්ගේ නාමයෙන් ඉදිරියට යමු යැයි පැවසුවේය
  • නබි(සල්)තුමා ඇතුලු පිරිස හුස්නන් නුආත් වන පෙදෙස අසළ කදවුරු ඉදි කළේය යුදෙව්වන් ද රැස්ව සිටියේ එම ප්‍රදේශයේමය හබීබාබී  ඉබ්නු මුන්දර් (රදි) තුමා එම ස්ථානයේ සිට වෙන්ත් තැනකට  ගමන් කලයුතු යැයි නබි (සල්)තුමාට යෝජනා කළේය ඊට හේතුව එම ප්‍රදේශ වැසියන් ගැන ඔහු හොදින් දැන සිටිමයි එම වැසියන් ඉලක්කයට දුනු ව්දීමේ අති දක්ෂයන් වූහ ඔවුන් මුස්ලිම්වරු සිටි ස්ථාන වලට වඩා ඉහළින් ස්ථානගත වී සිටි නිසා මුස්ලිම්වරුන්ට ඉලක්ක කිරීම පහසුවිය මේ නිසා නබි (සල්) තුමා වෙනත් ස්ථානයකට ගමන් කලහ
  • යුද්ධය ඇරබිණි මුස්ලිම්වරු ජයග්‍රහණය කරමින් සිටින විට යුදෙව්වන්ට බලකොටු දෙකක් පමණක් ඉතිරිවිය මෙනිසා නබි (සල්) තුමා සමග සමාදාන වීමට යුදෙව්වන් කැමති වූහ තම සෙබලුන් ආරක්ෂිතව පිටත්වීමටද  තම දරුවන් බිරින්දන්දෑවරු ආරක්ෂිත වීමටද තමන්ට එක ඇදුමක් පමණක් රැගෙන යාමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ නබි (සල්) තුමා ඊට එකග විය යුදෙව්වෝ එම බලකොටු අතහැර ගියහ විශාල ආයුධ ප්‍රමාණයක් හා තව්රාත් ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මුස්ලිම්වරු එහි තිබි සොයා ගත්හ ඒවා නැවත යුදෙව්වන් ඉල්ලු  අවස්ථාවේ නබි(සල්)තුමා නැවත ඔවුන්ටම එය ලබා දුන්නේය වේ යුද්ධයෙන් මුස්ලිම්වරුන් 15ක් හා යුදෙව්වන් 93 ක් මරණයට පත්විය

නබි (සල්)තුමා ගේ අභියස:

  • සෆියා ක්හයිබර් සටනේදී සිරකාරියක් වශයෙන්  මුස්ලිම්වරුන්  අතට පත්විය පසුව බිලාල් (රදී) යල්ලාහු අන්හු සෆියා සහ ඇයගේ කුල සහෝදරියක් සමඟ කැඳවාගෙන ආවේය
  • සෆියා (රදි යල්ලාහු අන්හා)තමන්ගේ සමාඡයේ පරාඡය හා ඔවුන් මැරි වැටි සිට්න ආත්දමද තමන්ගේ දෑස්වලින් ඇය දැක්කත් කිසිම ප්‍රතිචාර්යක්  නොපෙන් විය
  • නමුත් ඇයගේ ඡාති සහෝදරිය ඊට හාත් පසින්ම වෙනස් විය ඇය වැලින් අරන් තමන්ගේ මුහුණට එම වැලිවලින්  ගසා ගැනීම  සහ විලාප කියමින් පසුවූහ    මේ කාන්තාවන් දෙදනා නබි(සල්)තුමාගේ සභාවට රුගෙන ආ විට සෆියා ඉතා ශෝකයෙන් සහ කණගාටුවෙන් දිස්වෙන්න විය
  • නමුත් අනෙක් තැනත්තිය  විලාප දී තම වස්ත්‍රය ඉරා දුවිලි කැවරි අසෝභන භයානක ස්වරුපයෙන් පසුවිය ඇය දුටු  නබි(සල්) තුමාගේ මුහුණ ඇයව තමන්ගෙන් ඈත් කරන මෙන් ඉල්ලා සිටියහ

ආශිර්වාදය :

  • පසුව ඔහු බිලාල් (රදි)තුමා වෙත පැවසූහ
  • පසුව නබි (සල්) තුමා සෆියා දෙස ආදර අනුකම්පාවෙන් කරුණාවෙන් සහ දයාවෙන් නෙත් යොමු කළහ  ඇය තමන්ගේ හිස පහත් කර නිහඬව සිට්යාය
  • නබි (සල්) තුමා බිලාල් (රදි) යල්ලාහු අන්හු දෙස බලා මෙසේ පවසූහ  ඔබ මැරි වැට් සිට්න  අතරින්  කාන්තාවක් දෙදෙනකු රැගෙන ආවේය

ආශීර්වාදාත්මක විවාහය :

  • සෆියා ක්හයිබර් සටනේදී සිරකාරියක් වශයෙන්  මුස්ලිම්වරුන්  අතට පත්විය ඇයගේ ස්වාමිපරුෂයා මෙය යුද්ධයෙන් මුස්ලිම් වරුන්ගේ අතින් මරණයට පත්වූහ
  • ක්හයිබර් සටනේදී සෆියා රදියල්ලාහ් අන්හා තුමිය වැටුණේ දිහ්යා අල් කල්බි ගේ කණ්ඩායමටයි පසුව නබි (සල්)තුමාට දුන්හ පසවු එතුමා ඇය වහල්භාවයෙන් මුදවා හැරීයහ
  • නබි(සල් )තුමා ඇයට තෝරා ගැනීමට අවස්ථාව දුන්හ මුදා හැරීමෙන් පසු ඇයගේ පවුල වෙත ගොස් ඔවුන් සමග ජීවත් හෝ ඉස්ලාමය වැළදගෙන දෙවියන්ගේ දුතයා සමග විවාහ ව් ඇයගේ භාර්යාව හැටියට රැදී සිටිම

විවාහය :

  • එතුමිය දෙවියන් වහන්සේ සහ දුතයාව තෝරාගෙන හොදමුස්ලිම්වරියක් හැටියට ජීවත්විම
  • මදිනාවට ගමන් කරද්දී නබි (සල්) සපිය්යා රදි තුමියට විශාල මංගල උත්සවයක් පැවත්වූහ
  • නබි (සල්)  තුමා සෆියා ලබා ගත්තු අවස්ථාවෙහි මෙසේ පැවසූහ ඔබ කැමති නමි ඔබෙග් නෑයන් සමග ජීවත්විය හැක නැති නමි මා විවාහකර ෙගන මා සමග ජීවත්විය හැක මම ආදෙශ කරමින් සහ ෂිර්ක් ඉටුකරමින් සිට්න විට පවා මෙය පැතිය අල්ලාහ් මට එය ඉස්ලාම්හි දි ම ලබා දී තිෙබි එම නිසා නබි (සල්)තුමා ඇය විවාහ කර නිදහස කළාය මෙය ඇයගේ මහර් ඇය විය
    • නබි(සල්) තුමා ඇය සමඟ ක්හයිබර් මතකයෙන් තමන්ගේ ස්වාමි පුරුෂයා  හා කුල ගෝත්‍රකයන් නැතිවුණු කම්පනය නැතිවු විට ඇය සමඟ සංසර්ගයේ යෙදුණේය නබි (සල්) තුමා හයිබර් හි සිට තමන්ගේ සේනාව සමඟ පැමිණෙන විට සහ්බා  යන ස්ථානයෙහි ගිමන්  හැරීම සදහා නැවතිය එවිට උම්මු අනස් ස සෆියා ගේ හිස පීරා ඇයව අලංකාරවත් කර සුවඳවත් කළාය එ විට ඇය අලංකාරවත්ම කාන්තා විය කාන්තාවන් අතර අලංකාරවත්ම කාන්තාව විය   විවාහය සඳහා වලීමා සංහ්‍රය  පිළියෙල කර දුන්නේය එයින් බඩ පිරෙන්නකම් අනුභව කළාය

ඇය දුටු සුභ සිහින :

  • නබි (සල්) තුමාගේ නිවසට ඇතුලුවු මොහතේ ඇය තමන් දුටු හීනයක් පිළිබද නබි(සල්) තුමාට පැවසීය මෙම හීනය තමන් අනාගතයේදි අවසන් නබිවරයාව විවාහ කරන බව වු සුභාශිංෂණයයි
  • ඇය මෙසේ තමන් දුටු සිහීනය පැවසීය ඇය තමන්ගේ ස්වාමියා වු කිනාන් සමඟ මුල් රාත්‍රීයේ හීනෙන් ඇයගේ කලව ප්‍රදේශයෙන් චන්දාලෝකය  විහිදෙන ආකාරය දුටුවාය තමන් උදෑසන අවදිවී අවස්ථාවේ  කිනානට පැවසුවාය
  • පසුව මෙයට සවන් දී ඔහු කේන්තියෙන් මෙසේ පැවවුවේය  මෙය මොකක්ද? ඔබ හිඡාස් හි රඡු මුහම්මද් පතනවාද?
  • අධි කෙන්තියට ලක්වූ  හේතුවෙන් ඇයගේ කම්මුලට පහරවල් කීපයක් එල්ල කළහ එහිදී එම පහරවල සළකුණු නබි(සල්)තුමාද  දුටුවේය

සහාබාවරයා :

  • උදේ එළිවෙන තුරාවට අබූ අය්යූබී අන්සාරි එතුමාගේ කඩුව ඔසවා නබි(සල්)තුමාගේ කුටිය අසල රැදී සිටියහ
  • පසුව නබි (සල් ) මෙසේ රැදී සිටිම ගැන හේතු විමසූහ
  • ඔබ වේ කාන්තාව සමග කුටියට ඇතුල් වූ නමුත් ඇයගේ පියා ස්වාමිපුරුෂයා සහ ඇයගේ ගෝත්‍රකයන් අධික සංඛ්‍යාවක් මියයන්නට වූහ මේ හේතුව නිසා මම බියෙන් පසුවූයෙමි
  • පසුව නබි (සල්) ඔහු දෙස බලා සිනා සුණ අතර ඉතා කරුණාබර වූහ

විවාහ මංගල උත්සවය :

  • නබි(සල්) තුමා මදීනාවට ඇතුල් වූ විට ඇයව සමහර කාරණාවන් හේතු කොටගෙන හාරිසා ඉබ්නු නුඃමාන්ගේ නිවසෙහි  රැදවිය මදීනාවේ කාන්තාවන් ඇයගේ පැමිණීම දැනගත් විට ඇයගේ ලස්සන රූපාඅලංකාරය දැක ගැනීම හේතුකොට ගෙන රැල්ල පිට්න් පැමිණියහ
  • කෙතරම් දුරට කියනවා නම් ආයිෂා (රදි)යල්ලාලාහු අන්හා) තුමිය පවා තම මුහුණ වසා වෙස් මාරුවී  හාරිසා ඉබ්නු නුඃමාන්ගේ නිවසට සෆියා දැක ගැනීම සඳහා මදීනා කාන්තාවන් ඇයගේ ලස්සන පිළිබඳ කියන ප්‍රවෘත්තිය ස්ථීර කර ගැනීම සඳහා ගියෝය
  • නමුත් නබි (සල්) තුමන් ආයිෂා(රදි)තුමිය  එතුමාගේ නිවසින් පිටව යන්න සූදානම් වු විට ඇයගේ මුහුණ තිරයේන් දිස්විය ඇයගේ වස්ත්‍රය අල්ලා ඇය තමන්ගේ ළඟට ඇඳ සිනාමුසු මුහුණෙන් මෙසේ විමසූහ යා ෂුඛයිරා ඔබ කෙසේ දුටුවෙහිද? ඇය කේන්තියෙන් මෙසේ පැවසිය ඇය යුදෙව් කාන්තාවක්  දුටුවෙමි එවිට  නබි(සල්) තුමා මෙසේ පිළිතුරු දුන්නේය
  • එසේ නොපවසන්න එය ඉස්ලාම්ය  පිළිගත් හොඳ මුස්ලිමි කාන්තාවක් වේ මූඃමින්වරුන්ගේ මවක් බවට පත්කර තමන්ගේ නිවසට රැගෙන ආවිට ඊර්ෂ්‍යාවේ ගින්න ඇවලිය උම්මාහාතුල් මුඃමින්වරුන්ගේ හිත් තුළ මක්නිසාද ඔවුන් අතුරින් ඇය ලස්සනම කාන්තාවක්විය

ඊර්ෂ්‍යාවඃ

  • වරක් ආයිෂා සහ හප්සා දෙදෙනාම තමන් ගැන ආඩම්බරයෙන් යුතුව නබි (සල්) තුමා නෑනාවරුන් වරුන් පැවසූ අතර යනුවෙන් සපිය්යා යුදෙව් කාන්තාවක් බව පැවසූ ආකාරය ගැන එතුමා පැමිණිළි කළහ
  • මේ නිසා දැඞ් ලෙස ඇඞ්ය නබි (සල්) තුමා පැමිණෙන විට පවා ඇය අඩාගෙන සිට්යේය නබි (සල්) තුමා ඇයගෙන් ඇඞ්මට කරුණ විමසූහ
  • එයට  ඇය මෙසේ පැවසුහ හෆ්සා මට මම යුදෙව්වක් දුවේක් බව පැවසු බව එවිට නබි(සල්) තුමා මෙසේ පැවසීය
  • ඔම නබිගේ දුවය ඔබගේ බාප්ප නබි ඔබ දැන් නබි(සල්) තුමා යටතේය ඔබට කෙසේ ආඩමිබර විය හැකිද පසුව හප්සාට සහ ආයීෂාට අල්ලාහ්ට භිය වෙන ලෙස පැවසූහ
  • මෙයින් පසු ඇයට කවරු හරි පැවසු විට ඇය මෙසේ පැවසිය ඔබලා මට වඩා ශ්‍රෙෂ්ඨ වන්නේ කෙසේද මගේ ස්වාමි පුරුෂයා නබි පියා හාරුන් බාප්පා මූසාය සපියා තමන්ගේ ඡීවිතයේ අවසන් කාලය නබි(සල්)  තුමා ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ ගත කළේය අවශ්‍ය තාවයට හා නැමදුමට හැර

ඇයගේ අවංකත්වය :

  • එතුමිය නබි(සල්)තුමාගේ සහාබාවරුන්ට ඉතා ඇල්ලමක් දැක්වූහ
  • එතුමිය ඔවුන් ආදරය දැක්වූයේ නබි(සල්) තුමා පෙන්වූ  ඉතා උසස් ස්ථානය මතය
  • උස්මාන් රලිතුමාගේ නිවස වැටලූ පසු ඔහුගේ නිවසට බලට සහ ආහාර සැපයීම සදහා එතුමියගේ නිවස අතර ලෑලි තැනූ පාළමක් සවිකිරීමට අනුමැතිය දුන්හ

ඇයගේ මරණය :

  • 53 හිජ්රි දී මුආවියගේ යුගයේදි අභාවයට පත්විය භකීය හි ඇය භූමදාන කරන ලදී  ජෙන්නතුල් බක්කහි භූමිදානය කළහ
  • References:

1-The Wives of the Prophet Mohammad (Blessings and peace be upon him)

Author:Farida Mas’ood Debas

2- The Honorable Wives of the Prophet Mohammad (Peace be upon him)

Complied by:Darussalam

3- The Honorable Wives of the Prophet Mohammad (Peace be upon him)

(Dr. Jasim Al-Mutawa)

4-Mothers of Believers (May Allah be pleased with them)Author:Shahid Zafar       Qasim     (Sinhala translation: Sharafun Nisa)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related Post