2013/02/12 5 වර්ථමානයේ අප රට තුල නිර්මාණය වෙමින් තිබෙන ආගමික අන්තවාදය තුල ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ප්‍රධාන චෝදනා අතර එකක් වන්නේ ‘මේ රට එක නීතියක් ක්‍රියාත්මක නොකොට මුස්ලීම්වරුන් සදහා ඉස්ලාමීය නීතිය යනුවෙන් වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීම’ යන්නයි. (මේ පිලිබදව මෙම අඩවිය තුල කිහිප අවස්ථාවක ම කරුණූ පැහැදිලි කොට ද ඇත) මෙහිදී ද මුලින්ම කිවයුතුව ඇත්තේ මෙම කාරණය සැබෑවක් යන්නයි. එනම් විවාහ, දේපල බෙදීම හා දික්කසාද… නීතිය එවැනි නීති කිහිපයකි. දිව්‍යමය මඟපෙන්වීමක් මත ගොඩනැඟුණු දහමක් වන ඉස්ලාම් දහම තුල පනවා ඇති නීතිරීති අද වර්ථමානයේ අන්තවාදී පිරිස් විවේචන කරන ආකාරයට පටු සීමාවන් තුල හෝ පූර්ව නිගමනවල හිඳ විවේචනය කලහැකි සරල කාරණයක් නම් නොවේ. මෙහි හාස්‍යජනකම කාරණය වන්නේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මූලික අවබෝධය පවා නොමැතිව මෙවැනි ව්‍යාපාරවල සමහරක් පිරිස් කටයුතු කිරීමයි. ඉහත තත්වයන් විටින් විට මෙම අඩවිය තුල කරුණු සහිතව පෙන්වා දුන්නා ඔබේ මතකයේ ඇතැයි සිතමි. සමහරක් පිරිස් අනවබෝධය ආභම්බරයක් කරගෙන තර්ක විතර්ක ඉදිරිපත් කල ආකාරයත් මේ අඩවිය තුල මීට ඉහත සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. (මෙම අඩවිය තුල එවැනි ලිපි කිහිපයක් ඉස්ලාම් විවේදනය හා අනවාබෝධය යන පිටුව තුලින් ඔබට තවදුරටත් කියවීමට පුළුවන) කෙසේ වෙතත් වර්ථමානයේ ඉස්ලාම් දහම විවේචනය කරන්න දිවා රෑ වෙහෙසෙන පිරිසට පූර්වාදර්ශයක් ගෙනදෙන සිදුවීමක් පසුගිය දිනක අප රට තුල වාර්ථා වුණි. ඒ ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත “මුස්ලිම් නීතිය” නම් කෘතිය දොරට වැඩීම හා එහිදී එතුමාණන් මේ පොත නිර්මාණය කිරීමේ දී ලබාගත් අත්දැකීම ඉදිරිපත් කල ආකාරයයි. එම වීඩියෝව පහත ආකාරයට වේ.
මුස්ලිම් නීතිය – පොත දොරට වැඩීම
අද අප රටේ හතු පිපෙනවා සේ බිහිවන ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් හා සංවිධානයන් ඉස්ලාම් ගැන දන්නේ මොනවාද?. දිනක් දෙකක් හෝ පැයක් දෙකක් හෝ විනාඩියක් දෙකක් ගවේෂණය කොට ලබාගත් කරුණු නොඑසේනම් තවත් කෙනෙකු පැවසූ කිසිදු පදනමක් නොමැති කරුණූ එසේත් නැත්නම් තමන් විසින් ම එළඹුණු පූර්ව නිගමන කිහිපයක් පදනම් කරගෙන වෙබ් අඩවීන් පවත්වාගෙන යමින් එහි පිටුගණන් පුවත් මවන පිරිස් සැබෑවටම ඉස්ලාම් ගැන දන්නේ මොනවාද?. මෙය ඔවුන්ගේ විවේචන හා අදහස් දැක්වීමන් දෙස බලන විට නිතර මතුවන පැනයකි. ඔවුන් තම ක්‍රියාදාමය තුල කොතරම් අසරණ වී සිටිනවාද? යන්නට පසුගිය දිනක මෙම අඩවිය තුල ඉදිරිපත් කල ‘දිය බිංදුව තුල කිඹුලන් දැකීම‘ යන ලිපිය සමීපතම නිදසුනකි. මනක්කල්පිත කරුණූ මිස ඔවුන්ගේ බොහෝ තර්කවලට කිසිදු පදනමක් එහි නොවීය. ජාතික සමඟිය ආගම් අතර අවබෝධය පිලිබදව වෙන කවරදාකටත් වඩා අද අප රටේ කථා කරන තරමට සමාජය අවාසනාවන්ත දිශාවකට යොමු වෙමින් ඇත. මෙවන් පසුබිමක වැදගත් වන්නේ ඊනියා සමඟියක් නොව සැබෑවටම අවබෝධයෙන් ගොඩනැගෙන ජාතික සමඟියකි. ඒ සදහා ඉහත සදහන් නිතීඥ කරුණාරත්න හේරත් මහතාගේ වසර දෙකක උත්සාහය රටට ම පූර්වාදර්ශයකි. එපමණක් නොව එතුමාගේ ඉහත කථාව මේ රටේ සියළු ජාතීන්ට ආදර්ශයකි. මේ හේතුව නිසාම මෙම ලිපියේ අවසානය ලෙස එම ආදර්ශමත් කථාව සාරාංශ කොට නැවත ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,
“අපේ රටේ නීතිය විවිධාකාරයි. යම්කිසි වරදක් කළ අයකුට දඬුවම් කිරීම සඳහා අපරාධ නීතිය තිබෙනවා. 1815 මාර්තු 2 ශ්‍රී ලංකාව යටත් විජිතයක් වුණා. ඒ වන විට රටේ පැවැති නීතිය ඒ වාගෙම පවත්වාගෙන යන්න ඒ අය ඉඩ දුන්නා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව හැම යටත් විජිතයක් හඳහාම ඒ ක්‍රමය අනුගමනය කළා. එනිසා අපේ රටේ රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, මුස්ලිම් නීතිය තේස වලමේ නීතිය, රෝම ලන්දේසි නීතිය ආදී සියල්ලේ සංකලනයක් පවතිනවා. මේ පොතේ මුස්ලිම් පුද්ගල නීති විස්තර වෙනවා. මුස්ලිම්වරයෙක් විවාහ විය යුත්තේ කෙසේද විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේද ආදී සෑම දෙයක්ම. බුදුරජාණන් වහන්සේ පරාභව, සිඟාලෝවාද සූත්‍රවල බෞද්ධ ජනයා සඳහා මෙවැනි අදහස් දක්වා තිබෙනවා. මුස්ලිම් නීතියට පාදක වී තිබෙන්නේ මුහම්මද් නබිතුමා ගේබ්‍රියල් (ජිබ්රීල්) දේව දූතයා මඟින් ඉදිරිපත් කළ ප්‍රතිපාදන බව අප දත යුතුයි. මට මේ මුස්ලිම් නිතිය හදාරනකොට සිද්ධ උනා මුස්ලිම් ආගම හදාරන්න. මොකද මුස්ලිම් නිතිය කියන්නේ මුස්ලිම් ආගම. මුස්ලිම් නිතිපොත කියන්නේ ශුද්ධ වූ කුරානය.ඉතින් කුරානයේ ගත්තොත් ගාථා තියෙනවා හයදාස් හයසිය හැට හයක්. ඉතා දීර්ඝ සහ ඉතා කෙටි ඒවා.ඒ වලින් කියවෙන ධර්මය ඉතා ගැඹුරුයි. මිනිසුන් මෙහෙයවන ආකාරය සමාජය මෙහෙයවන ආකාරය ඉතා විශිෂ්ඨයි. අපි ඉතා පටු විදියට බලලා ඇතැම් කරුණු මත ගන්න දිරන මත ඇති වන ජාතික ප්‍රශ්න වලට හේතුව වන්නේ තේරුම් නොගැනීම කියන එක. අද හලාල් කියල ප්‍රශනයක් ඇතිවෙලා තියෙනවා. ඔය කියන අය දන්නවද දන්නේ නැහැ හලාල් කියන වචනයේ තේරුම. හලාල් කියන්නේ දෙවියන් වහන්සේ විසින් අවසර දී ඇති යන්නයි.එක ඇඳුමක් වෙන්න පුළුවන් ආහාරයක් වෙන්න පුළුවන් ..එකේ විරුද්ධ වචනය තමයි හරාම් කියන එක.කරන්න එපා කියන එක. අපේ හැම ආගමක තියෙනවා කරන්න එපා කියන දේවල්. මෙම නීති ග්‍රන්ථය ලියනකොට මේ පොතේ මුල් පරිච්චේද කිහිපයක්ම වෙන්කර තියෙනවා ඉස්ලාම් ධර්මය පිලිබඳ මට තේරිච්ච දේ කියන්න. ඉස්ලාම් ධර්මයේ යහපත් බාවය කියන්න”. (මෙම ලිපියේ ඉහත ප්‍රකාශය ගොසිප්9 වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)
අබූ අර්ශද්