යහපත් සමාජයේ,වර්ථමාන අපට හා අපගේ දරු පරපුරට අහිමිවීමේ ප්‍රධාන සාධකය,සමාජයේ මුදුන් මුල වන මිනිසා බාහිර හා අභ්‍යන්තර දෙයාකාරයෙන්ම පිරිහීම බව අප සාකච්ඡුා කළෙමු.එකී බිඳ වැටීමට ආර්ථික සමාජීය මෙන්ම පාලක පන්තියේ සෘජු බලපෑමද හේතුවන බව සඳහන් කළෙමු.මෙකී සමාජ පරිසරය තුළ සීමිත අවශ්‍යතා ප්‍රමාණයකට කොටුවන මිනිසාට අහිමිව යන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් වන ලිංගික තෘප්තිය අහිමිවීම තුළ සමාජයට නිර්මාණය වන අසංතෘප්ත මිනිසා හරහා ගොඩනැගුණු ලිංගික දඩයම පිළිබඳව අප පළමු ලිපියෙන් ආරම්භයක් ලබා ගනිමු.
ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඇතැමුන්ට තවමත් ලිංගිකත්වය යනු,මුහුණ බලාගෙන තවත් කෙනෙකු සමග කතා කළ නොහැකි ලැජ්ජා සහගත මාතෘකාවකි.එහෙත්,මෙකී ලිංගික අසහනය ඔස්සේ ගොඩනැගෙන අසම්මත සමාජ දඩයම අප කතා කළ යුතුම කරුණකි.එසේ කතා නොකිරීම තුළ ගොඩනැගෙනුයේ එකී අපරාධ සඳහා උඩගෙඩි දීමකි.
ආර්ථික කාරණා මත සැමියා හා බිරිඳ දීර්ඝ කාලීනව වෙන්වීම පවුල් සංස්ථාවක අනාගතය පිළිබඳ සලකා බලන විට අපට නවතා දැමිය නොහැක.එකී කාරණාව මතම විවාහය කල්යෑමට මුහුණ දෙන තරුණ පිරිසගේ ඉරණම වෙනස් කිරීමද අද හෙටම අපට කළ නොහැක.තම ලෙයින් ජාතක දියණිය බිළිඳු වියේදීම වනසන පියාගේත් බිරිඳගේත් දික්කසාද වීමෙන් පසු තම අවශ්‍යතා පිරිමසා ගන්නට තම පුතු අමානුෂිකව වනසන පියාගේත් විකෘති මනස ප්‍රකෘති කිරීම අපට කෙටි කලකදී කළ හැක්කක් නොවන්නේය.පියා මල පසු හෝ පියා,මව හැර ගිය පසු දීර්ඝ කාලීනව වෙන්වී සිටීමෙන් ආශාවන් හිත යට සඟවා මානසික අසහනයෙන් පීඩිත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අසම්මත ලෙස හෝ එම පීඩනයෙන් මිදීමට යාමත් අපට කඩිමුඩියේ නවතා දැමිය නොහැක.
එහෙත්,යහපත් සමාජයක සාමූහික ජීවිතයේ පැවැත්ම උදෙසා මෙම අපරාධ කලාවෙන් හා අසම්මත ක්‍රියාවන්ගෙන් නිදහස් වීමට එක්ව කතිකා කර ක්‍රියාත්මක විය හැක.අසංස්තෘප්ත බැඳීම් හේතුවෙන් හා තවත් විවිධ හේතු සාදක නිසාවෙන් දිනෙන් දින දෙදරා යන විවාහයන් මේ සමාජ භීතිකාවට අත්වැල් සපයන බවද අපි දනිමු.එමෙන්ම මාධ්‍ය හා අනෙකුත් මාර්ගයන් ඔස්සේ සමාජය තුළ ගොඩනගන අසම්මත ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ උන්මාදනීය ව්‍යසනය තම ජීවිතයේදී මුදුන් පමුණුවා ගන්නට යෑමෙන් අනියම් බිරිඳ හෝ පෙම්වතිය අතින් මිය යන සංඛ්‍යාවන් දිනෙන් දින ඉහල යනවා මිස පහළ බසිතැයි වර්ථමානය දෙස බලන කල අපට පැවසීය නොහැක.මේ සියල්ල අප විසින්ම මර්ධනය කළ යුතු කාරණාවන්ය.එක්ව ගොඩනගන කතිකාවකින් යම් තරමකට හෝ අපට පිළියම් සෙවීමට නොහැකි වන්නේ නැත.මෙය අපගේ වගකීමක්ද වන්නේය.
පාලන තන්ත්රය,සිවිල් ජන සමාජය හා ලාංකීය නීතිය එක්වන තැන මෙකී සියල්ලට විසඳුම් ඇති බව නොරහසකි.එහෙත්,සිදු නොවන්නේද අවාසනාවට මේ තුන් පාර්ශවයෙන් දෙපාර්ශවයක් සිවිල් ජන සමාජය සමග එක් නොවීමය.නමුදු,වර්ථමාන සංස්කෘතික හා ආගමික ගරාවැටීම යථා තත්ත්වයට පත් කරමින් යහපත් සමාජයක යහපත් මිනිසෙකු නිර්මාණය කිරීමට මේ තුන් කොට්ඨාශයම එක්වීම අත්‍යවශ්‍ය බව පෙනී යයි.
එසේ නොවනතාක් අපිට මෙන්ම අපේ දරුවන්ටද සිදුවන්නේ අතීත කතාවන් කියමින් ඔවුන්ගේ දරුවන් නලවන්නටය.තනියම එළිපහළියේ නොයා ගේ මුල්ලට වන්නටය.නැතිනම් මග තොටක,කැලෑවක,බසයක හෝ කොතැනක හෝ කාමාතුරයෙකුගේ ගොදුරක්ව ජීවිතයම විඳවන්නට හෝ සාහසික ලෙස ජීවිතය හැර යන්නටය.
වර්ථමාන සිවිල් ජන සමාජයේ වගකීම් දරන්නන් ලෙස මිනිසුනි,ඔබට මට එක්ව නැගෙනු හැකි නම් දිනෙන් දින සමාජය බියෙන් පීඩිත කරන ලිංගික දඩයම නම් අපරාධ යළිත් යහපත් සමාජයක් තුළින් තුරන් වූවක් බවට පත් වේවි.ආර්ථිකව ඇද වැටුණු මිනිසා ගොඩනැගීම එකී මිනිසාගේ මනාපයෙන් ඉහල තලයට ගිය පාලන තන්ත්රයේ අයවලූන් සතු යුතුකමකි.
ලිංගිකත්වය යනු,සැබැවින්ම සියුම් කලාවකි.ලිංගිකත්වය පිළිබඳ අප සමාජය නිවැරදිව දැනුවත් වී නොමැති බව පෙනී යයි.අපගේ අධ්‍යාපනය තුලින් මෙය පිළිබඳ නිවැරදි දැනුම ළමුන්ට,තරුණයන්ට මෙන්ම ජනතාවට ලබා දිය යුතු කාලය එළඹී ඇතැයි අප තේරුම් ගත යුතුය.මෙමගින්,ලිංගිකත්වය තුළින් මතුවන ව්‍යවසනයන් ප්‍රායෝගිකව වළක්වා ගත හැකි වන අතර ජනතාවට එය නිවැරදිව විඳීමටද අවස්ථාව සැලසේ.වගකිව යුත්තන්ගේ අවධානය මෙම කරුණ වෙත යොමු වේවි යැයි සිතමි.
ෙරශාන් ජවාද්
(ස්තූතිය අරුෙණා්දය සගරාව)