Originally posted 2023-11-16 08:15:10.
ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කොට ඇත්තේ කුමක් සදහාද? යන කාරණයයි. මෙය ආකාර දෙකකට සාකච්චා කල හැක. එනම්,
- ලෞකික හේතු
- ලෝකොත්තර හේතු

ඉහත පලමු කාරණය එනම් “මෙම උපවාස රැකීම නිසා ඇතිවන ලෞකික යහපත කුමක්ද?” යන කාරණය වෙත ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්, මෙයට ශුද්ධ වූ කුර්ආනය පිලිතුරු ලබාදෙයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යයෙන් මෙසේ පවසයි.
“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනුපිණිසය.”
ඉහත කුර්ආන් වාක්‍යයෙන් මෙම උපවාසය අතීතයේ සිට පැවත එන්නක් බව පවසන අල්ලාහ් (දෙවියන්) මෙය වර්ථමාන සමාජයටත් අනිවාර්ය කලේ ඔවුන් “(දෙවියන්ට) බියබැතියන් වී යහපත් මනුෂ්‍යයන් වීම පිණීස” බව පවසයි. දැන් වර්ථමාන බුද්ධීමත් මෙන්ම තාර්කික සමාජයට ගැටළුවක් පැනනැගිය හැක. ඒ “ලෞකික වශයෙන් විවිධ වූ ඉල්ලීම් හා අයිතීන් දිනාගැනීම පිණිස උපවාසය කිරීම සාධාරණය. නමුත් දෙවියන් සදහා කරන උපවාසය තුලින් මනුෂ්‍යාහට දිනාගත හැකි කිසිවක් තිබෙනවාද?, මේ උපවාසය එනම් කුසගින්නෙහි සිටීම තුලින් ලෞකික ජීවිතයට කිසියම් යහපතක් අත්වෙනවාද?” යන්නයි. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.
මෙම උපවාසය කුමක් සදහා ද?
මෙම ප්‍රශ්නය තුල උපවාසය තුලින් මනුෂ්‍යා ලෞකික වාසියක්, පලයක් අපේක්ෂා කරනවා යන්න පැහැදිලි වේ. එසේ නම් ඉස්ලාම් මෙම උපවාසය මනුෂ්‍යා සදහා අනිවාර්ය කරන්නේ ඔහුට ලෞකික වාසි ලබාගැනීම පිණිස ද? යන ගැටළුව මේ තුලින් පැන නැඟේ. ප්‍රථමයෙන් මෙම කාරණය වෙත අවධානය යොමු කලේ නම්, ඉස්ලාම් මෙම උපවාසය පමණක් නොව තවත් කරුණු කිහිපයක් ද මුස්ලිම් ජනයා සදහා අනිවාර්ය කරයි. එනම්,
- (අල්ලාහ් (දෙවියන්)) විශ්වාස කිරීම
- සලාතය (දිනකට පස්වතාවක් වන්දනය කිරීම)
- උපවාසය (රමලාන් මාසයේ උපවාසය රැකීම)
- හජ් වන්දනය (වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ)
- “සකාත්” නම් අනිවාර්ය බද්ධක් ගෙවීම (ධනවතුන් සදහා පමණි)
මේ සියල්ල තුලින් දෙවියන් අපේක්ෂා කරන්නේ ඔහු කෙරෙහි මනුෂ්‍යාගේ අවනතභාවයයි. නමුත් ඉන් ලෞකික යහපතක් නැතැයි යන්න අදහස් නොකෙරේ. අල්ලාහ් (දෙවියන්)ගේ මුඛ්‍ය අරමුණ මනුෂ්‍යාගේ අවනතභාවය වන අතර එකම අරමුණ එය පමණක් නොවේ. මෙහි දී සියළුදෙනා අවබෝධ කර ගතයුතු තවත් මූලික කාරණයක් ඇත. එනම් සැබෑ දහමක් ලෝකෝත්තර දිවියට පමණක් නොව ලෞකික දිවියටත් එකසේ ප්‍රායෝගිකය. (මෙය මා මීට පෙර මෙම අඩවිය ඔස්සේ ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය යන ලිපිය තුලින් කථා කලෙමි) මන්ද එය අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ දැනුමක් ඇති දෙවියන්ගේ සැලසුම් කරණයක් වන බැවිණි. ඒ අනුව ලෝකොත්තර අරමුණු පෙරදැරිව මේ උපවාසය මුස්ලීම් සමාජයට ඉස්ලාම් අවධාරනය කල ද එය තුල ලෞකික දිවියට යහපත ගෙනදෙන බොහෝ දෑ අන්තර්ගතය. ඒ පිලිබදව දැන් අවධානය යොමු කලේනම්,
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
