“එදා එම (ඉස්ලාම් ප්‍රකාශවීමට පෙර (ජාහිලියා)) සමාජයේ කිසියම් කාන්තාවක් විවාහවීමට අපේක්ෂා කරන්නේ නම් ඇය තම නිවස ඉදිරිපස කොඩියක් ලෙලදෙනු ලැබේ. එවිට එම ප්‍රදේශයේ ජීවත්වන ඇය විවාහ කරගැනීමට අපේක්ෂා කරන සියළු පිරිමීන් පැමිණ ඇය හා ලිංගිකව එක්වනු ලැබේ. එසේ කාලයක් ගතවීමත් සමඟ ඇය ගැබ්ගෙන දරුවකු මෙලොවට බිහිකරයි. ඉන්පසු ඇයි විසින් හෝ ඒ සදහාම එදා සමාජයේ පත්කර තිබූ කාන්තාවක් විසින් බිහිවුනු දරුවා දෙස බලා මේ දරුවාගේ පියා මොහු තමා යයි නම්කරනු ලැබේ. එවිට එම පුද්ගලයා ඇයව විවාහ කරගතයුතු වේ.”
මෙවන් වූ අරාජික සමාජය තුල දුරාචාරය රජකල බව ඉහත කාරණයෙන් ඔබට මනාව පැහැදිලි වනු ඇත. මෙවන් වූ සමාජයක් තුල පිරිසිදු ජීවිතයක් ගතකරනවා යනු ඉතා දුලභ වූ කරුණක් විය. එවන් සමාජයක් තුල පිරිසිදු චරිතයකට උරුමකම් කියන්නට හැකිවුයේ ඉතාම සීමිත පිරිසකට පමණි. එවන් පිරිස් අතර මුහම්මද් (සල්) තුමාණන් ද කෙනෙකු බව ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව මෙන්ම එදා මෙදා තුර ඉස්ලාම් දහමට එරෙහිව මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ට කල විවිධ අපහසයන් අතර මෙම චෝදනාව අඩංගු නොවීම තුල ද මනාව පැහැදිලි වේ. කුඩා කලසිටම දෙමාපිය සෙනෙහස අහිමිවී ගිය නබිතුමාණන්, වරදකට පෙළඹෙන්නට සියළු අවස්ථාවන් හොදින් පිහිටුනු මෙපමණ අරාජික සමාජයක් තුල නිසි මඟපෙන්වවීමක් නොමැතිව කාගෙත් ආකර්ශණය හා විශ්වාසය දිනාගෙන පාරිශුද්ධ ජීවිතයක් ගතකිරීම අද අපව පවා මවිත කරවන කාරණයකි. එතුමාණන්ගේ ඒ අසමසම ආදර්ශමත් ජීවිතය කියාපාන සාධක බොහෝමයක් ඉතිහාසයේ සදහන්ව ඇත. එදා එම සමාජය තුල දිනාගෙන සිටී ගෞරවය හා ආදරයට හොදම නිදසුන ලෙස පහත සිදුවීමන් සදහන්කල හැක.
- එතුමාණන් ඉස්ලාම් දහම සමාජයට දේශනා කිරීමට පෙර එතුමාණන්ව එම සමාජය ආමන්ත්‍රණය කලේ “අස්සිද්ධික්” එනම් “සත්‍යවාදියා” යනුවෙනි.
- එදා එම “ජාහිලියා” (ඉස්ලාමය ප්‍රකාශවීමට පෙර) සමාජයේ කිසියම් තීරණාත්මක හෝ ගැටළුකාරී අවස්ථාවල තීරණ ගැනීමේ ඒ අවස්ථාව හිමිවුයේ මුහම්මද් (සල්) තුමාණන්ටය. එයට නිදසුනක් ලෙස කව්බතුල්ලා නම් ශුද්ධ වූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ දී එහි තිබූ “හජ්රුල් අස්වද්” නම් වූ ගල නැවත තිබූ තැන සවිකිරීමට එය කවුරුන් විසින් එම ස්ථානයේ තබනවාද යන්න පිලිබදව දරුණු මතභේදයක් එවකට සමාජයේ පැවතී කුල අතර ඇතිවිය. මේ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන්ට (වක්තෘවරයෙකු වීමට පෙර කාලයේ) මැදිහත් වී එම තත්වය සමතයකට පත්කිරීමට හැකි වුයේ එම සමාජයේ එතුමාණන්ට තිබූ ප්‍රසිද්ධිය හා ගෞරවය හේතුකොටගෙනය.
- “එසේම එතුමාණන් දිනක් කන්දක් මුදුනට නැඟ එදා සමාජයේ ජීවත් වූ සියළු කුලයන් ඒ ඒ නම්වලින් ආමන්ත්‍රණය කොට මෙසේ විමසන ලදී. ‘මේ කන්ද පිටුපසින් ඔබලාට පහරදීමට සේනාවක් එනවා යයි මා පැවසුවේ නම් එය නුඹලා පිලිගන්නෙහිද?’ එයට එම පිරිස් එක හඩින් පවසා සිටියේ “ඔබ අප අතරේ විශ්වාසම පුද්ගලයා ඔබ කුමක් පැවසුවත් අප පිලිතනිමු” යනුවෙනි… (මෙය දීර්ඝ හදීසයක්)
ඉහත කරුණූ එතුමාණන් කෙරෙහි සමාජයේ තිබූ ආදරය ගෞරවය මනාව පිළිඹිබු කරනවා නොවේද? අපට ඉස්ලාමි අාගම ලැබුණාට පසු ෙමවැනි අාදර්ශමත් ජීවිතයක් ගතකරන්ෙනමුද ? අපෙග් සමාජයට අපි අාදර්ශමත් වන්ෙනමුද?
අබූ අර්ශද්