මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණයක් බවට
“දේවවාදය” පත්වෙමින් පවතී. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ඉදිරිපත් වෙමින් පවතී. මිනිසා බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට විය. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්විය. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවිය. මෙවැනි තත්වයකට මිනිසා පත්වීමට අතීතයේ පැවතී විශ්වාසයන් වන හිරු, සදු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම මෙන්ම අද පවතින දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් විය. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත්වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීමට අද සමාජය පෙළඹී සිටි. එම නිසා මෙවැනි පදනම් විරහිත විවේචකයන් හට ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද? වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමත් සමාජයට මේ පිලිබදව දැනුවත් කිරීමත් මුස්ලීම්වරුන්ට පැවරෙන අනිවාර්‍ය වු වගකීමකි.
එසේම දේව විශ්වාසය පිලිගන්නා සමාජයේ සිටින බහුතරයක් තම දහම කෙරෙහි තිබෙන අනවබෝධය නිසාත් දේව විශ්වාසය කෙසේ වෙතත් අන්‍ය ආගමිකයින් සමග තමාගේ ඇති සාමුහිතක්වය පෙන්වීම සදහාත් ජනප‍්‍රිය මතයක් ඉදිරිපත් කරයි. එනම් “සියලූ ආගම් එකයි හැම ආගමේම කියන්නේ එකම දේ තමයි” යනුවෙන් පවසයි. මෙය බැලූ බැල්මට සත්‍යයක්සේ පෙනුනත්, අද ලොව පවතින ආගම්වල විශ්වාසයන් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානයක් යොමුකලේ නම්, ඉහත වාදය කිසිසේත් ප‍්‍රයෝගික විය නොහැකි හිස් වචනයක් පමණක්ම බව හොදින් පැහැදිලි වේ. මන්ද එක් ආගමක් බහුදේව වාදය පවසද්දී තවත් ආගමක් ඒකදේව වාදය ඉදිරිපත් කරයි. එසේම තවත් දහමක් “දෙවියන් යනු බලයක් නොමැති දුර්වල වු මැවීමක්, ඒ දෙවියන්ට ප‍්‍රබලවු ශක්තීන් නැත. විටෙක ඔවුන් මිනිසුන්ට වඩා දුර්වලයි. කොතරම් දුර්වලද යයි පවසනවා නම් මිනිසුන්ගෙන් ලැබෙන පිං අනුවයි ඔවුන් ජීවත් වන්නේ.” යනුවෙන් පවසයි. “සියල්ලෙහිම බලධාරියා ඔහුයි, ඔහු සුපිරි බලයක්, සර්වඥානියෙක්” යයි තවත් දහමක් පවසයි. ඉහත මතයන් සියල්ල වර්ථමාන ලාංකීය සමාජයේම දක්නට ඇත. මෙම මතයන් සියල්ල එකින් එකට පරස්පරය. එසේම ඉහත මතයන් දරණ කිසිදු දහමක් තවත් දහමක ප‍්‍රතිපත්තීන් නිවරැදි යයි ද නොපවසති. එනම් සෑම ආගමක්ම තමන්ගේ මාර්ගය හරියයි පවසනවා මිස, සියලූ මාර්ගයන් නිවරැදි දි යයි කිසිසේත් නොපවසයි. එවන් තත්වයක අප ඉදිරියේ බැරෑරුම් ප‍්‍රශ්නයක් ඇත. එනම්,
මේවා අතුරින් නිවරැදි මාර්ගය කුමක්ද? එය දෙමාපියන්ගෙන් උරුම වු මාර්ගයද?
අද අපට බොහෝ විට පිලිපදින්නේ මා පියන්ගෙන් උරුම වු මාර්ගයයි. මෙය අන්ධ වු භක්තියක. තවදුරටත් එලෙසම ජීවත්වී මියයනවාද? එසේත් නැත්නම් නිවරැදි මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරනවාද? මෙම ගැටලූව විසදා නොගන්නේ නම් අප කුමණ දහම අනුගමනය කලත් මරණින් මතු ජීවිතය ප‍්‍රශ්නාර්ථයක් වනවා නියතය. මේ හේතුව නිසා දේව ව්ශ්වාසය කෙරෙහි බුද්ධිමත් අවධානය යොමුකිරීම මිනිසාගේ මුලිකම අවශ්‍යතාවයක් වී ඇත. මෙවැනි අවස්ථාවක ඉස්ලාම් හි දේව විශ්වාසයේ ස්ථාවරය කුමක්ද? යන්නත්, එසේ ඉස්ලාමීය දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී එයට විරුද්ධව එල්ලවන චෝදනාවන් කුමක්ද? යන්නත්, එම චෝදනාවල ඇති සාධාර්ණත්වය කොපමණද? යන්නත් පිලිබදව සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීම මුස්ලීම්වරුන් වෙත පැවරී තිබේ.
ඉස්ලාම් පවසන දේව වාදය
ඉස්ලාම් දහමේ විශ්වාසය අනුව දෙවියන් “අල්ලාහ්”, “Allah” යනුවෙන් හදුන්වයි. අද අප සමාජය විශ්වාස කරන විවිධ දෙවිවරුන් විවිධ භාෂාවලින් විවිධ ආකාරයට හදුන්වනු ලබයි. නමුත් ඉස්ලාම් දහම පවසන දෙවියා ඕනෑම භාෂාවකින් හදුන්වනු ලබන්නේ “අල්ලාහ්” යනුවෙන් පමණි. මෙම “අල්ලාහ්” යන පදය වෙන කිසිවක් සදහා නොයෙදෙන එසේම යෙදිය නොහැකි වචනයකි. මන්ද දෙවියන් “God” යන පදය සැලකුවිට දෙවිවරුන් ^Gods&යන බහුවචනයක්ද, දේවතාවිය “Goddess” යන ස්ත‍්‍රි ලිංග බේදයක්ද ඇත. නමුත් “අල්ලාහ්” යන පදයට බහු වාචික පදයක් හෝ ලිංග බේදයක් හෝ නැත. මෙය දෙවියන්ගේ අසමසම බවට එක් නිදසුනකි. එම අසමසම දෙවියන් වු අල්ලාහ් දෙවියන් තමා හදුන්වාදීමේ දී ශුද්ධ වු කුර්ආනයේ 40:64,65 හි මෙසේ පවසයි.
“අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද අහස වියනක්ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත්කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.”
ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් තමා “අල්ලාහ්” යනුවෙන් හදුන්වාදීමෙන් නතර නොවී තවත් සුවිශේෂ වු කරුණක් ඒ හා බද්ධ කොට පවසයි. එනම් “මා හැර වෙන දෙවියෙක් නැත” යන්නයි. ඉස්ලාම් ඒකදේව වාදය මුලික පදනමක් කරගත්, බහුදේව වාදය ප්‍රතික්ෂේප කරන දහමකි. ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව “අල්කුර්ආනය” යනු දෙවියන්ගේ වාක්‍යයන් පමණක් අන්තර්ගත වු ශුද්ධවු ග‍්‍රන්ථයකි. එහි සදහන් ආකාරයට ආරම්භ මිනිසාගේ පටන් දහස් ගනන් වක්තෘවරුන් (දුතයන්) එවන ලද්දේ මෙම ඒකදේව වාදය පොළොවෙහි ස්ථාපනය කිරීම සදහාය. එය ශුද්ධවු කුර්ආනයේ 21:25 හි මෙසේ සදහන් වේ.
“මා හැර වෙන දෙවියෙක් නැත, යන්න පවසා මිස දේව දුතයකු නොඑව්වෙමු. ”
මෙසේ ඉස්ලාම්, දේව වාදය ඉදිරිපත් කරද්දී ඉස්ලාම් හි දේව විශ්වාසය කුමන ආකාරයේ ද යන්න අවබෝධ කරගැනීම ද ඉතා වැදගත් කාරනයකි. මන්ද ඉස්ලාම් පවසන දේව වාදය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති තමන් විද්වතුන් යයි පවසා ගන්නා ඇතම් පිරිස් එදා අතීත නොදියුණු මිත්‍යාවන් හි ගිලී පැවති බ‍්‍රාහ්මණ සමාජයේ විශ්වාසයන් වන මිනිස් මැවීම මහා බ‍්‍රහ්මයාගේ මුඛයෙන්, අත් දෙකෙන්, කලවාවලින් හා යටිපතුලෙන් යන එම මිත්‍යා විශ්වාසය ඉස්ලාම් දහම ද පවසන බව උපකල්පනය කරමින් ඉස්ලාම් දහමේ දේව වාදය විවේචනය කරයි. මෙසේ විවේචනයන් ඉදිරිපත් කරන්නන් අතර බෞද්ධයින් ප‍්‍රධාන තැනක්ගනී. බෞද්ධයින් එසේ විවේචනය කිරීමට ප‍්‍රධාන හේතුන් 02ක් ද ඇත. එනම්,
- දේව වාදය කෙරෙහි බෞද්ධයින් තුල තිබෙන දුර්වල වු විශ්වාසය. (එනම් දෙවිවරුන්ට වඩා උතුම් වු ස්ථානයක් තමා බුදුබව ලැබීම. එම තත්වය ලබාගැනීම සදහා දෙවිවරුන් ද පෙරුම් පුරයි. එසේම දෙවිවරුන් ජීවත්වීම සදහා මිනිසුන්ගේ පිං ද අවශ්‍ය වේ)
- බ‍්‍රහ්මණ සමාජයේ මහා බ‍්‍රහ්ම විශ්වාසය එදා ගෞතම බුදුන් කාල වකවානුවේ ඉන්දියාවේ පැවතී අන්ධ විශ්වාසයකි. එදා ගෞතම බුදුන්හට කරන්නට සිදුවුයේ මෙම මිත්‍යා මතයෙන් ජනයා මුදවා ගැනීමයි. ඒ සදහා එම මහා බ‍්‍රහ්ම විශ්වාසය දැඩිව විවේචනය කිරීමටද සිදුවිය.
ඉහත සදහන් හේතුන් නිසා අද බහුතරයක් බෞද්ධයින් තුල ඇත්තේ දුර්වලූ වු දේව විශ්වාසයකි. නමුත් බුදු දහම පවසන දේව වාදය හා එදා බ‍්‍රහ්මණ සමාජයේ පැවති දේව විශ්වාසය ඉස්ලාම් දහම පවසන දේව වාදයට වඩා පරස්පර වු එකකි. එම නිසා ඉස්ලාම් හි දේව වාදය විවේචනය කිරීමට නම් ඊට ප‍්‍රථමයෙන් ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? යන්න පිලිබදව අධ්‍යනය කිරීම කල යුතු අනිවාර්‍ය කාරණයකි.
ඉස්ලාම් දහම උගන්වන දේව විශ්වාසය වන්නේ “දෙවියා” යනු “සර්වබලධාරීයා” යන්නයි. එනම් සියල්ල කෙරෙහි බලය ඔහු සතුය ඔහු සර්වපාලකයාය එනම් මුළු විශ්ව පාලනයම ඔහු සතුය, ඔහු සර්වඥානියාය, එනම් සියල්ල කෙරෙහි (අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව) ඥානය ඔහු සතුය, ඔහු මැව්ම්කරුවාණන්ය, එනම් සියල්ල මවන ලද්දේ ඔහු විසිනි, ඔහු සදාකාලිකය, එනම් ඔහුට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත, ඔහුට කිසිවක් (පිං, ළමයි, බිරිද, දෙමාපියන්, ආහාර…) කෙරෙහි අවශ්‍යතාවයක් නැත්තේය, ඔහුව කිසිවකටත් සමකල නොහැක. එසේම කිසිවක් ඔහුට සමකල නොහැක. ඔහු ජාතක නොකරන්නේය, ඔහුද ජාතක කරනු නොලැබීය, ඔහු මහා කාරුණිකය, පරම දයාලූය… මේ ආකාරයට පෙලගස්සාගෙන යාහැකි වුවත් ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන ප‍්‍රධානම කරුණු කිහිපයක් පමණක් ඉහතින් සදහන් කර ඇත්තෙමු. සියල්ල කෙටිකොට පවසනවා නම් සියල්ලෙහිම ශ්‍රේෂ්ඨතමයා “දෙවියාය”. ඉහත සදහන් මුලික කරුණු කෙටිකොට ශුද්ධ වු කුර්ආනයේ කුඩා පරිච්ඡේදයක එනම් 112:1 සිට 4 දක්වා දෙවියන් මෙසේ පවසයි.
“ඔහු ඒකීය යයි කියව. ඔහු සදාකාලිකය. ඔහුගේ බලය අසීමිතය. ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරනු නොලැබීය. ඔහුට සමාන වන කිසිවක් නැත.”
මෙසේ ඉස්ලාම් හි දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී, අතීතයේ මෙන්ම වර්ථමානයේද සමාජය මතුකරන ජනප‍්‍රිය ප‍්‍රශ්න කිහිපයක් ඇත. එනම්,
- දෙවියන් බිහිවුයේ කෙසේද ?
- දෙවියන්හට දරුවන්, බිරිදක් (පවුලක්) නොවුයේ මන්ද ?
- සියල්ල එකම දෙවියන් ඉටුකිරීම ප‍්‍රායෝගිකද ?
- බහුදේව වාදය ඉස්ලාම් ඇයි ප්‍රතික්ෂේප කරන්නේ ?
- දෙවියන් මොනවගේද ?
- මිනිසුන් අතරින්ම දෙවියන් නොආවේ ඇයි ?
ඉහත ප‍්‍රශ්නයන්වල ඇති සාධාර්ණ බව කොපමණද? යන්නත් ඉස්ලාම් දහම මේ පිලිබදව කුමක් පවසනවාද? යන්නත් දැන් අවධානය යොමු කරමු.