ෙපර මිනුම හා ෙෙදවය faith

ෙෙදවය

ෙපර මිනුම

පෙරමිණුම (ඛදා +ඛදර්) කෙෙරහි විශ්වාස කිරීම

القدر  (අල්ඛදර් ):නියෝගය – ඉරණම -දෛවය යන සියල්ලම  දේව නියමයට අනුව සිදුවිම යන්න විශ්වාස කිරීම

 قدر ( ඛදර් ) යමක් සිදුවීමට පෙර කරන සැලස්මයි

القضاء ( අල්ඛදා) යමක් සිදුවීම හා එය පැවත්මට ගෙන එම

උදා : වශයෙන් කේක් සෑදීමට පෙර එයට අවශ්‍ය අමුද්‍රව්‍ය රුස්කර ගැනීම ඛදර් යනුවෙන්ද  කේක් සාදා නිමකිරීම  ඛදා යනුවෙන් හැදින්විය හැක

අනෙක ඛදර් යන්න නිවසක් තනන්නට කලින් පෙර සූදානම් වන්නනෙකු පිළියෙල කරන සැලස්මත් ඛදා යන්න එකී සැලස්ම අනුව ඉදිකරන්නාවූ නිවසට සමකළ හැකිය හොද හෝ නරක යමක් සිදුවීමට කලින් එහි ප්‍රමාණය ස්වභාවය ස්ථානය වේලාව  තත්වය යන සියල්ලම නිශ්ච්ත ප්‍රමාණයකට අනුව විශාල හෝ කුඩා යනුවෙන් දෙවියන්වහන්සේ නිර්මාණය කොට ඇත

අල්කුර්ආන් මෙසේ පවසයි : තවද ඔහු (අල්ලාහ්)මය අහස්ද මහපොළවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ (සිදු) වනුයි ඔහු පවසන දිනයේ (මළවුන් කෙරෙන් නැගිටුවීම ඔවුන් එකරැස් කිරීම ආදී ) සිදුවනු ඇත ඔහුගේ වචනයයි සැබෑ සත්‍යය වන්නේ සූර් (හොරනෑව) පිඹිනු ලබන දින (සියලු) ආධිපත්‍යයන් ඔහු සතුවේ (මිනිසුන්ට නොවැටහෙන) ගුප්ත (දේ) ගැනද දෘෂ්‍යමාන (දේ) ගැනද ඔහු දන්නේය තවද ඔහු සර්ව ප්‍රාඥයය.සර්වඤයය    (සුරා අන්ආම් 6 : 73)

හොඳ හෝ නරක යන දෙකම විශ්වාස වන්තයා සතුටින් බාරගනී ඒ වගේම ඕනෑම  වේදනාවක් දරා ගතහැකි ඉවසීමක් ඔහු සතුව ඇත.  ඒ සඳහා ඔහුට කුසල් අත්පත්වේ..  විශ්වාස නොකරන්නන් අයහපතක් සිදුවූ අවස්ථාවක  මෙය තමාගේ අවාසනාකට සිදුවූවා යැයි කණස්සල්ලට පත්වීම නමුත් සත්‍ය විශ්වාසවන්තයා මෙය  දෙවියන්වහන්සේ  ගෙන් යැයි සිතා  දෙකම එක හා සමානව භාරගනී මෙය ඔහුට යහපතක් වේ.

යම් සිද්ධියක් සිදුවන අවස්ථාවේ එයින් තමාට නරකක් වෙතැයි සිතුණත් සැබැවින් එහි සත්‍යයතාවය සැගවී එහි විජයග්‍රහණය පසුව උදාවේ. එමෙන්ම යම් සිද්ධි එය සිදුවන අවස්ථාවේ යහපත් වශයෙන් පෙණුනත් පසුව එයින් නරක ප්‍රතිඵල ඇතිවිය හැක . මෙහි සැබෑ තත්වය දන්නේ අල්ලාහ් පමණි

 උදා :වශයෙන් ඔබ රෝගාතුර වූ අවස්ථාවක එය සමහරු තමාට සිදුවූ අයහපතක් යැයි සලකයි. නමුත් එහි ඇති යහපත වනුයේ ඔබ දෙවියන්ට අධිකව සමීප වෙයි එමෙන් දෙවියන් ඔබ සුලු වශයෙන් ඉටු කළ සමහර පව් කමාකරනු ලදී. අනෙක තවද ඔබගේ ශරීර සෞඛයයේ ඇති වැදගත්කම  වටහාගැනීම අල්ලාහ් අභිමතය පරිදි ඔබ මෙවැනි තත්වයකට මුහුණදීමෙන් අවාසියක් මෙන්  පෙනුණත් අල්ලාහ්ගේ අභිමතයට අනුව ඔහුට යහපත් ජීවිතයක් සැලසේ සත්‍ය විශ්වාස වන්තයා මෙය  මැනවින් වටහා ගනී.

උදා :සොරකම් කල පසු සොරාට දෙන දඩුවම වශයෙන් ඔහුගේ අත කැපීමට නියම කිරීම.  නමුත් මෙයින් ඔහුට සිදුවන යහපත නම්  ඔහු තමා කළ වරද ගැන සිතීමට හා  පසුතැවිලි වීමට පෙළඹෙන අතර එයින් නිසි පාඩමක් ඉගෙන ගනී අනෙක සමාජයේ අන් අයටද මෙය හොඳ ආදර්ශයක් වන මෙවැනි වැරš කටයුතුවලට පෙලඔචීම් වලට  ලක් නොව්.

අල්ඛදා  ඛදර් විශ්වාස කිරීම කරුණු 3ක් මත පවතී :

1-අල් ඉල්ම් (දැනුම) العلم

සියලූ දේ මැවීමට (එය සිදුවීමට පෙර) ප්‍රථමයෙන් අල්ලාහ් තාආලා සියල්ල මැනව්න් දැන සිටින බව  විශ්වාස කිරීම. අල්ලාහ්ගේ දැනුමෙහි කිසසිම සීමාවක් නොමැත එයට  අවසානයක් හා ආරම්භයක්  නැත  මිනිසා සතුව ඇති දැනුම සීමා සහිතයි මෙයට අවසානයක් හා  ආරම්භයක් ද ඇත

අල්ලාහ්ගේ දැනුම  තුල සෑම දෙයක්ම අඩංගු වේ.කුමක්ද සිදුවුනේ,සිදුවීමට යන්නේ ,කුමක්ද සිදු නොවුනේ කියා ඔහු දනී.ඔහුගේ මැවීම් පිලිබඳ එය මැවීමට පෙරම ඔහු දනී.එනම් ඔහුගේ ජීවිත කාලය කොපමනද,ක්‍රියාවන්, ප්‍රකාශයන්,සහ ඔවුන් අතර කීකරු කවුරුන්ද,අකීකරු කවුරුන්ද, ඔවුන්ගෙන් නිරයට අයිති කවුරුන්ද,ස්වර්ගයට අයිති කවුරුන්ද, යනුවෙන් අල්ලාහ්තාලා දනී.

إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

ඇත්තෙන්ම අල්ලාහු සියලු දැය ගැන දන්නේය.(8:75)

උදා :අල්ලාහ් ඔහු හැර අන් දෙවි කෙනෙක් නැත. ඔහු සදාතනික ද හා සමස්ත විශ්වයේ  පාලකයාද වේ ඔහු සැතපෙන්නේ වත් නිද්‍රෝපත වන්නේ වත් නැත.. ආකාශයන්හි හෝ මහ පොළාවේ යමක් වේද ඒ ඔහුගේය ඔහුගේ අවසරය පරිදි ව්නා ඔහු සමග මැදිහත් විය හැක්කේ කාහටද? ජනතාව ඉදිරියේ ඇති දෙයත් ඔහු ඔවුන්ගෙන් සැගවී ඇති දෙයත් ඔහු දනියි. ඔහු සිය කැමත්තෙන් ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුන්ට අවබෝධ කර ගත නොහැක. ඔහුගේ රාජ්‍යය අහස් පුරාත් මහා පෙලෝ තලය මතත් විහිදෙහි මේ දෙක අතර රුකවල් කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා  උත්කෘෂ්ට වන්නේ ඔහු පමණකි,      (2 : 255)

 2-අල් කිතාබා –(ලියන ලද ) الكتابة

සියල්ලම අල් ලව්හල් මහ්පූද් හි සටහන්ව ඇතිබව විශ්වාස කිරීම.

අල් කිතාබා යනුවෙන් හඳුන්වන්නේ අල්ලාහ් විසින් ලියන ලද යන අර්ථය වේ.එනම් අල්ලාහ් තාලා ඔහුගේ මැවීම් පිලිබඳ,ඔවුන්ගේ ජීවන චරිතය පිලිබඳ,ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ යනාදී සියළුම දේවල් අල් ලව්හුල් මහ්ෆුළ් යන ආරක්ෂක පුවරුවේ සටහන් කොට තබා ඇත.

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاء وَالأَرْضِ إِنَّ ذَلِكَ فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِير

අහස්හිද,පොළොවෙහිද,දැය අල්ලාහු දන්නේ යයි නුඹ නොදන්නෙහිද ?එය පුස්තකයෙහිය .ඇත්තෙන්ම එය අල්ලාහුට ලෙහෙසිය﴿.(22:70)

පූර්ව නිර්මාණය කිරීම :

දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් ලියනය මැවීමත් සමග අවු 50 000 පෙර අහස් හා පොළෝ   මැවීමට ඔහු අණකරන ලදී පූර්ව සටහනෙහි සියල්ලක්ම    විනිශ්චය දවස දක්වා සටහන් කිරීම

අල්කුර්ආන් මෙසේ සදහන් කරයි නමුත් එය කීර්තිමත් කුර්ආනයවේ  ආරක්‍ෂක කරන ලද (ලව්හුල් මහ්පූද් නම්) ලේඛණයෙහි (ඇත) (85 : 21-22)

පූර්ව සටහනට කියන අනෙකුත් නම් :

  • ඉමාමුම් මුබීන් (තොරතුරු ග්‍රන්ථය )  (36 : 12 )
  • උම්මුල් කිතාබ් (අල් කුර්ආන් යේ මව :   ( 43 :3-4)
  • රකීමුම් මන්ෂූර්  (52 :2 – 3 )

3-අල් මෂීයාහ් (කැමැත්ත ) المشيئة  මෙලොව කිසිම දෙයක් දෙවියන් ගේ නියමයෙන් තොර සිදුනොවීම  යන්න   විශ්වාස කිරීම.මෙම විශ්වයේ සිදුවන සෑම දෙයක්ම අල්ලාහ්තාලාගේ  කැමැත්ත මත සිදුවන බව තරයේ විශ්වාස කල යුතු වේ. ඔහුගේ කැමැත්ත සහ පෙර නියමය සෑම දෙයකටම බලපානු ලැබේ.ඔහු කුමක් අධිෂ්ටාන කරන්නේද එය සිදුවේ,කුමක් අධිෂ්ටාන නොකරන්නේද එය සිදු නොවේ .

හොඳ හෝ නරක ඕනෑම ක්‍රියාවක් අපගේ කැමත්තට අනුව සිදුනොවේ (දෙවියන් වහන්සේගේ   දැනුමෙන් තොරව )එය ඔහු අභිමත නොකලේ නම් ඉටු නොවේ. දෙවියන් ගේ නියමයට අනුව කොපමණ කාලයකට පෙර සියල්ල  සැලසුම්  නිර්මාණය කලේද?

ඇයි මෙලොවෙහි අපට පරීක්‍ෂණයක්  අවශ්‍යවන්නේ ?

1-අල්ලාහ් තාආලා සියල්ල මැනවින් දනී එහෙයින් අපිව පරීක්‍ෂයණයට භාජනය කරන අවස්ථාව සලසා දී ඇත්තේ අපගේ ජීවිතය මැනවින් හැඩ ගැස්වා ගැනීමට එම නිසා විනිශ්චය දවසේ අපට  කිසිම  සමාවක් නොමැත

2-අපට විරුද්ධව සාක්ෂිකරුවන් ඇත

ඛදර්හි නියමයන් කොටස් දෙකකි

                               සමස්ත නියමය                                                    විශ්වයේ නියමය

 

  • මනුෂ්‍ය ස්වසනය
  • රුධිර සංසරණය
  • දරුවන් පසූත්‍ර කිරීම
  • චර්මයේ වර්ණය (වර්ණ භේදය)
  • දෙමව්පියන්
  • පුරවැසිභාවය
  • නැගෙනහිරින් හිරු උදාවීම
  • බස්නාහරින් හිරු බැසීම

 

 

  • සලාතයඉටුකිරීම
  • උපවාසශීලය
  • මත්පැන් පානයකිරීම
  • විපචාරයේ යෙදීම
  • ඕපාදූප තෙපලීම
  • පෙහෙසුන් තෙපලීම

 

සමස්ත (නීත්‍යානුකූල නියමය – අල් ඉරාදා අෂ් -ෂරී ආහ් )     الشرعية  – المحبة  الإرادة

  • දෙවියන්ගේ නියමයට අනුව අනපේක්ෂිතව යමක් ලොවෙහි ඔහුගේ අභිමතය පරිදි තෝරා ගෑනීමේ නිදහසකින් තොරව සමස්ත නියමයට අනුව සියල්ල සිදුවේ එයට විරුද්ධ තාවය වයක් දැක්විය නොහැක උදා :-මෙහිදී තේරීමට නිදහසක්   නොමැත මෙය අල්ලාහ්ගේ සැලස්මයි (මෙයට දඩුවම් නොලැබේ)

විශ්වයේ නියමයالإرادة الكونية –

  • කීකරුවීම හෝ අකීකරු වීමට තමන්ට නිදහසක් ඇත  මෙහිදී තෝරා ගැනීමේ නිදහසක් ඇත.. එයට එරෙහිව කටයුතු කලහැක මෙය අසත්‍ය නිමයට මග පෙන්වීමයි මෙහිදී තෝරා ගැනීමේ නිදහසක් අප සතුව ඇත නමුත්  අල්ලාහ්  ගේ (දඩුවමට  ලක්වේ)

අල් කදරිය්යා : -(ඛද්රය ප්‍රතික්‍ෂේප කල අය ) අල්කුර්ආන් සුන්නාහ් යටතේ ඉස්ලාමීය වියතුන්ගේ එකමතික නිගමනය යටතේ සලකා බලන කල මිනිසා සිය ඉරණම තමන් විසින්ම සලසා  ගනිතියි යන කදරිය්යා වරුන් ගේ මතයයි.

ජබරිය්යාවරු :සෑම නිර්මාණයක්ම අල්ලාහ්ගේ  බලපෑම නිසාම ක්‍රියාත්මකවේ මෙනයින් ම මිනිසාද මිහිපිට අල්ලාහ් විසින් මෙහෙය වනු ලබයි ඔවුන්ට චින්තන නිදහස හෝ කාර්යය නිදහස හෝ හැකි බැවින් ඔවුන් ගේ ක්‍රියාවලට ඔවුන් ගේ ජය පරාජය සහ උන්නතිය අවනතිය යනාදී මිහිපිට සිදුවන සෑම කරුණක්ම අල්ලාහ්ගේ ඛද්රය අනුව සිදුවේ මිනිසා තමන් අභිබවා ගත් බලපෑම්  නිසාම ස්වකීය කාර්යයන් යහපත හා අයහපත ඛදරය අනුව සිදුවන නිසා ඔහු කරන සෑම ක්‍රීයාවක්වම ඔහු වගකි වයුතු නැතැයි මෙම කණ්ඩායම දරණ මතයයයි

කෙනෙකු ඔබ  වෙත පැමිණි හිමාල කන්දට යන පාර විමසයි ඔබ ඔහුට විවිධ මාර්ග දක්වයි

  • එක් පාරක් කදුහෙල් ගල්තලා වන්ගෙන් පිරී පවතී
  • තවත් පාරක් කරදර රහිතව පහසුවෙන් යාහැකිව ඇත
  • අනෙක් පාර කටු පදුරු සහිත දරුණු සතුන් හා ව්ෂඝෝර සරපයින්ගෙන් ගහණව ඇත  එකී සියල්ල අල්ලාහ් ගේ සැලස්ම  අනුව සිදුවෙතැයි පවසා ස්වකීය විචාර බුද්ධිය ප්‍රයෝජනයට නොගෙන දරුණු හා විෂඝෝර සරපයින් සිටින පාරෙන් ගමන් කළහොත් ඔහුගේ ඉරණම කුමක්ද? ඔහු මරුමුවට පත්වනු ඇත   ඔහුගේ මරණයට හේතුව කුමක්ද ?

﴾මුඹගේ ස්වාමි සිතුයේ නම් භූමියෙහි ඔවුන් සියල්ලෝම එකහෙළා ව්ශ්වාස කරන්නෝය එහෙයින් විශ්වාස කරන්නවුන් වනතෙක් මුඹ ජනයාට බල කරන්නෙහිද﴿ ? සූරා යූනූස් (10 : 99 )

රැකියාවක් කිරීමෙන් ලැඛෙන ඵලය කුමක්ද?

  • අපගේ යහපත සදහා ඉටුකිරීමට ලියවී ඇති දේ අපි නෙදෙන්නෙමු අල්ලාහ් තාආලා මැනවින් දනී නමුත් තෝරා ගැනීමේ නිදහස අප සතුව ඇත
  • අපි වැඩ ක්‍රියාකාරකම් අත්හැර දෛව්‍ය (ඛද්රය)මත බලාපොරත්තු තබා සිටීය යුතුද?
  • අප වැඩ කිරීම් වලින් මිදී සිටීය යුතු නොවේ

අල්කුර්ආන් : ﴾යමෙක් දන්දී අල්ලාහ්ට බිය බැතිමත්ව සිතසනසන්නේද යහ දැය කරන්නේද සත්‍යයෙහි පිහිටයි  ඇත්තෙන්ම අපි ජන්නාවට මග ඔහුට ලෙහෙසි කරන්නෙමු﴿   (සූරා අල්ලෙයිල් 92 :5-7)

හදීස් :වැඩ කරනු සෑම දෙයක් එස මවනු ලැබ ඇති කාර්යය සදහා පහසු කර ඇත (බුහාරී සහ මුස්ලිම්)

  • ස්වර්ගයට පිවිසෙන්නේ කවරෙක්ද?නිරයේ ගිණි මැලයට වැටෙන්නේ කවරෙක්දැයි අල්ලාහ් දැන සිටීන්නේය මෙම දිව්‍යමය දැනුමෙහි කිසිදු අඩුවැඩි විමක් සිදුනොවේ මිනිසුන්ගේ සෑම ක්‍රියා කලාපයක් ගැනම සර්ව බලධාරී වූ අල්ලාහ් තාආලා දැන සටින්නේය සෑම කෙනෙකු ගෙන්ම සිදුවිය යුතුයයි  තීන්දු කරනු ලැබ ඇති ක්‍රියාවන් ඔවුන් සදහා පහසු කරනු ඇත ක්‍රියාවන්  අගය කරනු ලබන්නේ ඒවායේ ප්‍රතිඵල අනුවය යමෙකුගේ තක්දීරය ඔහුව හිතකරව පවතී නම් ඔහු වාසනාවන්තයෙකි කෙනෙකුගේ තක්දීරය ඔහුට අහිතකරවේ නම් ඔහුගේ ඉරණම ශෝචනීයවේ
  • තක්දීරය අල්ලාහ් තාආලා විසින් සිය මැවිම් අතර වසංකර තබා ඇත. සමීප මලාඉකාවරයෙකු හෝ අල්ලාහ්ගේ දුතයෙකු විසින් හෝ දැන නොසිටින රහසකි. ඔබ දිගින් දිගට ඒ ගැන  කල්පනා කලහොත් මානසික පීඩනයට පත්වනු ඇත. එබැවින්  මුස්ලිමෙකු ඒ පිළිබදව ගැඹුරට සිතීමෙන් වැළකිය යුතුය. අල්ලාහ් තක්දීරය පිළිබද දැනුම මිනිසාගෙන් ඉවත්කර ඇති අතර ඒ පිළිබදව වාද විවාද කිරීමද තහනම් කර ඇත. ඔහු මෙසේ පවසා ඇතඃ
  • ඔහුගේ ක්‍රියාවන් පිළිබදව ඔහුගෙන්  ප්‍රශ්න කල නොහැකිය. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන්  සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න විචාරීමකට යටත්වනු ඇත. ඇයි අල්ලාහ් මෙසේ කලේ යයි ප්‍රශ්න කිරීමෙන් මිනිසා අල්කුර්ආනයේ විධානයක් කඩකරයි. යමෙක් එසේ කළහොත් ඔහු විශ්වාස නොකරන්නෙකුගේ කණ්ඩායමට වැටෙ.
  • අල්ලාහ් විසින් පහළ කරනු ලැබ ඇති ෂරීආව අල්ලාහ්ගේ ආලෝකයෙන් හදවත් ඒකාලෝක වූ අල්ලාහ් ගේ සහෘදවත් මිතුරන් පමණක් විශ්වාස කරති. ගැඹුරු දැනුමක් ඇති පුද්ගලයින්ට එවන් උසස් තත්වයක් හිමිවේ.

දැනුම කොටස් දෙකකට ඛෙදිය හැකිය :

 1ඉදිරීයේ තිඛෙන දෙය පිළිබද දැනුම (එනම් අල්ලාහ් ගේ පුස්තකය සහ දුතයාණන්ගේ සුන්නාහ්)

2-ඉදිරීයේ නොමැති දෙය පිළිබද දැනුම (මැවිලි වලින් වසංකොට ඇති තක්දීරය)

මෙම විශ්වයෙහි සිදුවන ඕනෑම දෙයක් එය සිදුවිමට පෙරාතුව අල්ලාහ් දැන සිටින බව අප අවබෝධ කරගත යුතුය අල්ලාහ් විසින් නිගමනය කරනු ලැබ ඇති දෙයක් වෙනස් කිරීමට අභිබවනය කිරීමට හෝ අඩු වැඩි කිරීමට සමත් කිසිවෙක් නැත මෙම කරුණු විශ්වාසය සත්‍යය වටහා ගැනීම  සහ අල්ලාහ් ගේ ඒකීයභාවය පිළිගැනීම තහවුරු කරයි.

අල්කුර්ආනයේ මෙසේ සදහන් කරයි සියලු දැය නියමිත කඩවසමින් නිර්මාණය කලේ ඔහුය  (අල්පුර්ඛාන් 25 :2)

අල්ලාහ්ගේ අණ නිශ්චිත වූ ආඥාවකි                 (අල් අහ්සාබ් 33: 38)

මිනිසා මිත්‍ය විශ්වාස හා අනුමාන කිරීම් තුලින් ගුප්ත දැය අනාවරණය කර ගැණිමට දරණ නිශ්ඵල වෑයමේදී නොදැනුවත්තම තක්දීරය මත භේදය ට ලක් කිරීමෙන් විනාශය ලගාකර ගත්තා අතර අවසානයේදී බොරු කාරයෙකුගේ සහ වංචනිකුගේ  තත්වයට පත්වේ

ඛදා ඛදර් ව්ශ්වාස කිරීමෙන් ලැඛෙන යහපත් ප්‍රතිඵල :

  1. මෙය ඊමානයේ කුලුණ වලින් වඩාත්ම වැදගත් එකකි

2-සියල්ලම දෙව්යන් වහන්සේට පැවරිම(භාරකිරීම ) ඕනෑම දෙයක් සිදුවූණු ව්ට කලබල නොවී එය දෙව්යන්ගේ අභිමතය පරිදි යැයි දරාගැනීමේ ශක්තියක් (ආත්ම ධෛර්යක) ඔබ තුල ඇතිවීම අල්ලාහ්තාලාමත ස්ථාවරත්වය හාතෘප්තිමත් හැඟීමක් ඇති වන අතර අල්ලාහ් තාලාගේ නියමය නොමැතිව කිසි දෙයක් සිදු නොවේ යැයි විශ්වාසයක් ඇතිවේ. තවද ඔහු කැමති දෙයක්  ඔහුගෙන්  ගිලිහීයාමෙන් හා  ඔහු අසතුටු දෙයක් ඔහුට ලැබීමෙන් ද ඔහුගේ  සිත චංචල නොවේ. ස්වර්ගයට හා නිරයට අධිපති වූ අල්ලාහ්තාලා ඔහුට ලියන ලද දෙය පමණක් ඔහුට ලැබෙන බව ඔහු හොඳින් දනී.  

සාමන්‍යයෙන් භූමියෙහි හෝ නැතහොත් ඔබට කෙළින්ම හෝ සිදුවීය හැකි කුමන අමාරුවකමක් හෝ ඒ දැය අපි නිර්මාණය කිරීමට පෙරම (ලවිහල් මහ්පූද් නැමති) පුස්තකයෙහි( සටහන් කර) නැත්තේ නොවේ එය අල්ලාහ්ට ඉතාමත් ලෙහෙසිය(57:22)ඔබගෙන් ඇත්වූ දැය ගැන ඔබ දුක් නොවී සිටීමටද (අල්ලාහ්) ඔබට දුන් දැයින් උඩගු නොවී සිටීමටද (මෙය  ඔබට දැනුමි දෙන්නේය අල්ලාහ්) අල්ලාහ් උඩංගු වී ආඩමිබර බස් දෙවන කිසිවෙකුත් ප්‍රිය නොකරන්නේය  ). සූරා අල් හදීද්  (57:23)

“ නබි(සල්)තුමා මෙසේ පවසා ඇත. විශ්වාසවන්තයෙකුට  සිදුවන  කටයුතු කෙතරම් විශ්මය ජනකද ?ඔහුගේ සෑම සිදුවීමක් පිටුපසම යහපතක් ඇත.ඔහුට යම් කිසි සතුටුදායක දෙයක් සිදුවුවහොත් ඔහු අල්ලාහ් තාලාට ස්තුති කරනු ඇත.එහිද ඔහුට  යහපතක් ඇත.  ඒ සමඟම ඔහුට යම් අවාසනාවන්ත දෙයක් සිදු වුයේ නම් ඔහු ඉවසීමෙන් එය දරා ගනී.එහිද ඔහුට යහපතක් තිබෙනු ඇත.(මුස්ලිම්)

3) සැගවූණ දේවල විජග්‍රහණය දෙවියන් වහන්සේ සතුව ඇත. ඒ සදහා අපට හොද පාඩමක් උගත හැක. උදා : අල් කිදර් යන තැනත්තා හොද සත්‍ය විශ්වාස වන්තයෙකි(මේගැන වැඩි විස්තර සුරා අල් කහප්  අර්ථවිවරණය  කියවීමෙන් දැනගතහැක. අල්ලාහ් සැගවුණු සියල්ල ගැනම මැනවින් දැන සිටී.   සියල්ලම දෙවියන් වහන්සේ  සතුව ඇත.

4-අපි යමක් ඉටුකිරීමට හෝ සොයාගැනීමට අදහස්කිරීමත් සමගම එහි ආශිර්වාදය (සුඛිතය)ලබාගැනීම සම්පූර්ණයෙන්ම දෙවියන්ගෙන් යන්න විශ්වාස කිරීම. අපගේ ක්‍රියාවන් ඉටු කරගැනීම සඳහා අල්ලාහ් තාලාව විශ්වාස කිරීම.එනම් යම් යම් හේතූන් හා ප්‍රතිපලයන් මත අප යම් ක්‍රියාවක් ඉටු කිරීමේදී එම හේතූන් හා ප්‍රතිපලයන් මතම විශ්වාසය නොතබා අල්ලාහ්තාලාගේ නියමය නොමැතිව කිසි දෙයක් සිදු නොවේ යැයි විශ්වාස කිරීම.

4) එනම් යම් පුද්ගලයෙකු තමාගේ අරමුණ ඉටු කරගැනීමේදී එය තමන්ගේ නිපුණතාවයෙන් සිදුවූවක් යැයි සිතා ආඩම්බර වීමෙන් තමාව ආරක්ෂා කරගනී .එනම් ඔහුගේ අරමුණ ඉටු වුයේ අල්ලාහ්තාලාගේ ආශිර්වාදය හා නියමය මත බව ඔහු වඩාත් හොඳින් දනී. යම් පුද්ගලයෙකු උඩඟු වීමෙන් අල්ලාහ්තාලාට ස්තුති කිරීම අමතක වේ.

5)අල්ලාහ්තාලාමත ස්ථාවරත්වය හාතෘප්තිමත් හැඟීමක් ඇති වන අතර අල්ලාහ් තාලාගේ නියමය නොමැතිව කිසි දෙයක් සිදු නොවේ යැයි විශ්වාසයක් ඇතිවේ. තවද ඔහු කැමති දෙයක්  ඔහුගෙන්  ගිලිහීයාමෙන් හා  ඔහු අසතුටු දෙයක් ඔහුට ලැබීමෙන් ද ඔහුගේ  සිත චංචල නොවේ. ස්වර්ගයට හා නිරයට අධිපති වූ අල්ලාහ්තාලා ඔහුට ලියන ලද දෙය පමණක් ඔහුට ලැබෙන බව ඔහු හොඳින් දනී.  

References:

1-Taqwiyat-ul-Iman(Shah Ismail Shaheed)

2-He came to Teach You Your Religion(Jamal al –Din M.Zarbozo)

3-Al  Aqeeda al wasatiya

4-Al  Aqeeda ul-Tahawiya

5-six Pillars of Iman

6-Islamic Creed series 1 :by Umar S.al-Ashqar

7-The perfect Believer by Zainab Hassan Ashary

Related Post