මිනිසා තමන් සතු දායාදයන් හා අනුග‍්‍රහයන් පිළිබඳව අවධානම යොමු කිරීමට අපහොසත් වීම කාටත් නොරහසකි, නමුත් එහි වටිනාකම අගය කරනු ලබන්නේ සිය දායාදයන් හා අනුග‍්‍රහයන් අහිමිවීමෙන් අනතුරුවයි. උදාහරණයක් වශයෙන් අමිල දායාදයක් වැනි ජලය අප කෙතරම් අනිසි ලෙස පරිහරණය කිරීමෙන් නාස්ති කරන්නෙමුද? එය ද අනන්තයි අප‍්‍රමාණයි, නමුත් නියඟයක් ඇතිවීමෙන් පානීය ජලය නැතිවන විට අප විසින් නාස්ති කරන ලද ජල බිංදුව පවා සිහිපත් කිරීමෙන් පසුතැවිලි වන්නෙමු.
සිය දායාදයන් හා අනුග‍්‍රහයන් නැතිවීමට පෙර එහි නිසි වටිනාකම හඳුනාගෙන අගය කරන්නට උත්සුක වීමෙන් මෙවැනි පසුතැවිලිවීම් අවශ්‍ය නොවේ,
ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හැඳින්වෙන අපගේ මව්බිම අපට ලැබුණු මහඟු දායාදයකි, නමුත් සමහරුන් අවාසනාවකට විවිධාකාර ආර්ථික සහන බලාපොරොත්තුවෙන් විදේශ ගතව තමන්ගේ මව්බිමෙන් දුරස්ව සිටින්නේ ඔවුන්ගේ කැමත්තකින් නොවන බව අපි කවුරුත් දන්නෙමු.
ඔවුන් සියල්ලෝ්ම තම රටින් ඈත්ව සිටින්නේ ශාරීරිකව පමණයි;නමුත් ඔවුන්ගේ මනස හා හැඟීම් ශ‍්‍රී ලංකාව පුරා සැරිසරයි, මන්ද තම මව්බිම තුල උතුරා යන සතුට හා ප‍්‍රීතිය අමතක කල නොහැකිය තරම් ය, එහි හමන සිහිල් සුළඟ සමග කුරුලූ නාදය සදා රැුව් පිලි රැුව් දෙයි.
ඇත්තවශයෙන්ම අපගේ රටේ තිබෙන්නා වූ සියළුම සම්පත් හා දායාදයන් පිළිබඳව විදේශ ගතව සිටින සියළුම ශ‍්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ගතවෙන හැම හෝරාවක්ම සිහිපත් කරමින් කාලය ගත කරති යැයි කිවහොත් මා නිවැරදියි,
මෙතරම් සුන්දර රටක ඉපදුනු අප විදේශ ගතව සිටියත් අපගේ රට දැය පිළිබඳව තැකීමෙන් හා හැඟීමෙන් පසුවීම අපගේ වගකීමක් හා යුතුකමකි. මව්බිමේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් සහෝදරත්වයෙන් උර දීම හා එය වෙනුවෙන් කැපවීම සියලූම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගේ අභිමානය විය යුතුය.
තවද අපගේ මාතෘභූමිය සාමයෙන් හා සමගියෙන් සහ සහජීවනයෙන් විවිධ භාෂාවන් කථා කරන විවිධ ආගම් දහම් අදහන විවිධ ජන කොට්ඨාෂයන් වාසය කරන සුන්දර භූමියෙකි.
මෙවැනි බහු ජාතික හා බහු ආගමික වටපිටාවක් ඇති භූමියක ඉපදීම හා ජීවත් වීමට ලැබීම ඉමහත් භාග්‍යයකි, මන්ද ශ‍්‍රී ලාංකිකයින්ගේ ගති පැවතුම් හා මිත‍්‍රශීලිත්වය උදාර හා උසස්ය.කවදත් ශ‍්‍රී ලාංකිකයින් ජාතික හා ආගමික විවිධත්වය බරක් නොව භාග්‍යක් කොට සලකති යන්නෙහි සැකයක් නොමැත.
යහපත් සදාචාරයකින් සමන්විත ඉතා උසස් සංස්කෘතියකයට හිමිකම් කියන විවිධ ජන සමූහයන් තුළ සමගිය හා සංහිඳියාව රජ කරන අපගේ මාතෘභූමිය ලොවේ ආදර්ශමත් රටක් ලෙස බැබලෙන බව නිසැකයි.
නමුත් අවාසනාවකට ඇතැම් පුද්ගලයින් හා කන්ඩායම් විසින් සමගියෙන් පිරුණු මෙම සුන්දරත්වය හා අලංකාරය මෑත කාලෙක පටන් විවිධ ජාතිවාද හා ආගම් බේද යනාදී ජනවාර්ගික ගැටුම් ඇති කරන විෂ භීජ වපුරන ක‍්‍රියාවලියක නිරතවන වන බව දැකගන්නට ලැබීම සිතට වේදනාවක් ගෙන දෙන අශෝභන කරුණකි.
මෙවැනි කෲර කි‍්‍රයාවලියක් තුළින් ශ‍්‍රී ලාංකීය පිවිතුරු සමාජය අපවිත‍්‍ර කිරීමට හා අසමගිය ඇති කිරීමට උත්සහ දරන ඉතා කුඩා පිරිසකට එනම් අතලොස්සකට ඉඩ දීම තුලින් අපගේ මව්බිමේ අනාගත මතු පරපුරට විශාල හානියක් හා ඛේදවාචකයකට අඩිතාලමක් විය හැකිය.
මෙම තත්වයේ බරපතලකම පිළිබඳව අවබෝධ කරගෙන සමාජයේ සමගිය හා සාමය ස්ථාපිත කිරීමට හා තහවුරු කිරීමට පියවර ගැනීම ශ‍්‍රී ලාංකිකයින් වන අප සියල්ලෝගේම වගකීමකි.
විශේෂයෙන් මෙම කාර්්‍යභාරය ඉටු කිරීම වෙනුවෙන් අපගේ මව්බිමේ සර්වාගමික නායකයින් හා විද්වතුන් සහ චින්තකයින් සමග දේශපාලඥයින් ද මැදිහත්වීම භාර¥ර වගකීමක් හා යුතුකමකි.
තවද මෙම ප‍්‍රශ්ණයට නිසිකාලය තුල උචිත පරිදි විසඳුම් ලබා නොදුනහොත් වර්ථමානයේ පවතින සමගිය හා සංහිඳියාව විනාශ මුඛයට ඇද හැලීමක් සිදු වෙයි.
වර්ථමානයේ අප විසින් අනාගත මතු පරම්පරාවට ඉතිරි කරන්න පුළුවන් ඉමහත් අනගි අමිල වස්තුව නම් ජන සමූහයේ සමගිය හා සහෝදරත්වය යනු මහඟු දායාදයයි. මෙය පළුදු නොවී රැුකබලා ගැනීමට ශ‍්‍රී ලාංකිකයින් ලෙස අප අත්වැල් බැඳගනිමු, ජාත්‍යන්තර සියලූ බලවේග දිනා ගැනීමට හා අපගේ මව්බිමේ දියුණුවට සහෝදරත්වයෙන්් උර දෙමු,
එය හැර ජන මාධ්‍යය තුළින් ජාතිවාදය හා ආගම් බේදය අවුස්සමින් අසමගියට පොහොර දමමින් අකුසල් ක‍්‍රියාවන් කරන සහෝදර සහෝදරයින් දහමින් පෝෂණය විය යුතුයි, මෙයට ආගමික මාර්ගෝපදේශකයින් ඔවුන්ට දහම පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීමට ඉදිරිපත් විය යුතුයි. තවද ජාතීන් අතර යම් මතබේදයකට තුඩු දෙන කරුණක් මතු වූ විට අනවබෝධයෙන් තීරණ ගැනීම හෝ එයට වැරදි අර්ථ කථනයන් ලබාදීමෙන් අනුන්ව විවේචනය කිරීමෙන් වැළකී සිටීමට වග බලාගත යුතුයි.ඊට හේතුව වන්නේ සාමයට ප‍්‍රධාන සතුරා අනවබෝධය නිසාවෙනි.
දේශයට ආදරය කරන්නන් දේශ පේ‍්‍රමියෝ වෙති,නමුත් දේශ පේ‍්‍රමය යනු පොතට හා වේදිකාවේ කතාවකට පමණක් සීමා වූ වචනයක් නොවන බව අප අමතක නොකළ යුතුයි. දේශයට පේ‍්‍රම කරන්නා කිසිම අවස්ථාවක දේශයේ ජාති බේදය හා ආගම් බේදය අපේක්‍ෂා නොකරයි,
අබූ අහ්මද් – කුවෙයිට්