ෂඃබාන් මස සුවිශේෂත්වයන් (month of shaban)

ෂඃබාන් මස ෂඃබාන් මස සුවිශේෂත්වයන් (month of shaban)

ආයිෂා (රලි) තුමිය විස්තර කරයි: ශාස්තෘවරයානන් උපවාසය නොකර සිටියා යනු පවසන තරමට උපවාසයෙහි නිරත වෙයි. උපවාසය නොකරයි යනු කියන තරමට උපවාසයෙන් තොර සිටි. රමලාන් මස හැර නබි (සල්) තුමන් පුරාවට උපවාසයෙහි යෙදුනු වෙනත් මාසයක් නොවීය. නබි (සල්) තුමන් අධිකව උපවාසයෙහි යෙදුනු මාසය ෂඃබාන් මාසයයි
(මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි

කුර්අානය පාරායනය කරමු

කුර්අානය ඉගෙන ගනිමු

).

—නබි (සල්) තුමන් උපවාසයෙහි නිරතවීමට පි්‍රය කළ මාසයන් ෂඃබාන් හා ඉන් පසු උදාවන රමලාන් මස වේ වාර්තාකරන්නේ ආයිෂා (රලි). (මූලාශ්‍රයන්: අබූදාවුද්, නසායි, අහ්මද්).

නබි (සල්) තුමන් රමලාන් හැර අධිකව උපවාසයෙහි යෙදුනු මාසයක් පවතී නම් එය ෂඃබාන් මාසයයි. එබැවින් කාන්තා පිරිමි බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම ෂඃබාන් මස මෙම යාඥාව කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කළ යුතුයි. මන්ද අප සමාජයෙහි ෂඃබාන් මස උපාවස යාඥාව කිරීම පිළිබඳ වැඩි උනන්දුවක් නොදක්වති. මතු සඳහන් ප්‍රකාශය එහි සුවිශේෂත්වය පිළිබඳ මොනවට තහවුරු කරයි.

උසාමතිබ්නු ෙසෙද් (රලි) විස්තර කරයි: මා නබි (සල්) තුමන්ගෙන් ෂඃබාන් මස මෙන් ඔබ උපවාසයෙහි නිරත වූ වෙනත් මාසයක් නොදුටුවෙමි යනුවෙන් ප්‍රශ්න කළෙමි. එයට එතුමන් රජබ් හා රමලාන් අතර මාසයක් පවති, එම මාසය පිළිබඳ ජනතාව නොසැළකිලිමත්ව සිටිති, නමුත් එය සර්ව බලධාරි අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසයයි, මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලබන විට මා උපවාසයෙන් පසුවීම ප්‍රිය කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායි).

අල්ලාහ් අභියසට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසය යනුවෙන් නබි (සල්) තුමන් ෂඃබාන් මස සඳහන් කළහ, මා උපවාසයෙහි පසුවන තත්ත්වයක මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලැබීම මා පි්‍රය කරමි. යනුවෙන්ද එතුමන් පැවසූහ. අපි කොයි කවුරුත් මෙම කරුණ සැළකිල්ලට ගෙන ක්‍රියා කළ යුතුයි.

මග හැරුනු උපවාසයන් ඉටු කිරීම :
ආයිෂා (රලි) තුමිය පවසයි: මට රමලාන් මස මග හැරුනු උපවාසයන් ෂඃබාන්හි හැර ඉටු කිරීමට නොහැකි වන්නේය. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).

මෙම පුවතෙන් ප්‍රත්‍යක‍ෂ වන කරුණ නම් රමලාන් මස මග හැරුනු අනිවාර්්‍ය උපවාසයන් ෂඃබාන් මස තෙක් කෙනෙකුට ප්‍රමාද කර ඉටු කිරීමට අනුමැතිය පවතින බවයි. විශේෂයෙන් ඔසප් වන කාන්තාවන්ට එම දිනයන්හි උපවාසයන් මග හැරේ. ඔවුන් රමලාන් මස හැර වෙනත් මාසයන්හි එය ඉටු කර යුතුයි, ෂඃබාන් මස තෙක් ප්‍රමාද කරන්නට අනුමැතිය ඇත.

රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව
පවතින තත්ත්වයක උපවාසයන් නොකර සිටීම :

—රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව පවතින තත්ත්වයක උපවාසයන් ඉටු නොකරන්න. නමුත් කෙනෙකු හැර, ඔහු උපවාසයෙහි යෙදීමට පුරුදුවී සිටින දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි යෙදිය හැක˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.
වාර්තාකරන්නේ: අබූහුෙරෙරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

ඉහත සඳහන් ප්‍රකාශයන් අදහස් කෙරෙන්නේ, උදාහරණයට: සෑම මසකම සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල උපවාසයෙහි යෙදීමට පුරුදුවී සිටින කෙනෙකු ෂඃබාන් මස අවසන් දින දෙක සඳුදා නැතහොත් බ්‍රහස්පතින්දා දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි නිරත වීමට අනුමැතිය ඇත. තවද අනිවාර්්‍ය උපවාසයන් මග හැරුනු පුද්ගලයාටත් එය ඉටු කිරීමට අනුමැතිය ඇත. ඒ හැර වෙන කිසිවෙකුට අනුමත නොවේ.

ෂඃබාන් මස 15 වැනි දින සුවිශේෂ දිනයක්ද?
ෂඃබාන් මස 15 වැනි දින සුවිශේෂ දිනයක් සේ සලකා බොහෝ අය යහපත් ක්‍රියාවන්හි නිරතවෙති. එම දින —බරාඅත්˜ යනුවෙන්ද හඳුන්වති. ෂඃබාන් මස 15 වැනි දින සුවිශේෂ දිනයක් යනුවෙන් පවසා සඳහන් වන නබි වදන්හි වාර්තාකරුවන් පෙළෙහි දුර්වලතාවන් පවතින නිසා, විශේෂයෙන් එම දිනයෙහි උපවාසයෙහි නිරතවීම හෝ වෙනත් විශේෂ යාඥාවන් කිරීම හෝ නොකළ යුතුයි. ඒ හැර ෂඃබාන් මසෙහි කෙනෙකුට වැඩි වශයෙන් උපවාසයෙහි නිරතවීමට නබි (සල්) තුමන්ගේ ආදර්ශයන් ඇත. නබි (සල්) තුමන්ගේ මග ඔස්සේ ගමන් කර දෙලොව ජය ලබාගමු.

Related Post