මෙලොව නිර්මාතෘ සර්ව බලධාරී අල්ලාහ් පරමාධිපතියාණන්ගේ සෑම මැවීමක් අතරින්ම ඉතා විශිෂ්ට අගනා තැනක් හිමි මැවීමක් ලෙස මිනිසා හැඳින්විය හැකිය.මිනිසාට බුද්ධිය වෙහෙසවා ක‍්‍රියා කල හැකි ශක්තිය අල්ලාහ් දෙවිඳුන් සෑම මිනිස් ජීවියෙක්ටම ලබා දී ඇත.නමුත් මෙම ජීවිතය කුමක්ද යන්න වටහා ගැනීමට තවමත් සමහර මිනිසුන්ට නොහැකි වී ඇත.පළමුව මෙම ජීවිතය වටහා ගැනීම ජීවිතයේ ප‍්‍රධාන තැනක් ගනී.
මිනිසා සත්වයාගෙන් පැවත එන බව ඩාවින්ගේ මතය හා මිනිසාගේ ජීවිතයේ අරමුණ ධනය රැුස් කිරීම බවත් කාල්මාස්ගේ මතය වේ.
ලෝකයේ මිනිසා ජීවත් වීම සාමාන්‍ය දෙයක් ලෙස හඳුනාගෙන සිටි.එමෙන්ම සමහර ජනයා තම ජීවිතය විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන තවත් සමහරෙක් තම ජීවිතය සතපහකට වත් ගණන් නොගෙන ජීවත් වෙයි.අප මේ ලෝකය එළිය දැකීමට අවස්ථාව ලබා දුන් අල්ලාහ් පරමාධිපතියන් අපගෙන් බලාපොරොත්තු වන්නේ ඊට හාත් පසින්ම වෙනස් කරුණකි.
අප මේ ලෝකයේ බලාපොරොත්තු විය යුත්තේ සෑම තත්පරයකදීම යහපත් ආකාරයට ජීවත් වීමට හා හැකි තරම් මරණින් මතු ජීවිතයට සූදානම්ව ජීවත් විය හැකි මාර්ගය අවබෝධ කර ඒ ආකාරයට ජීවත් වීමටය.මිනිස් ජීවියාට ජීවිතයේ ආරම්භයක් ඇතත් අවසානයක් නොමැති බව පෙන්වා දෙයි.අප ලද මේ වටිනා මනුෂ්‍ය ජීවිතය අදියර හයකින් යුක්ත බව අල්ලාහ් පෙන්වා දෙයි.එනිසා අපට ලැබුණ මේ වරප‍්‍රසාදය නිකරුණේ දවස් මාස හා අවුරුදු හා කා බී සතුටු වීමක් පමණක් නොව ඊට එහා යම් දෙයක් පවතින බව අප වටහා ගත යුතුය.
මිනිස් ජීවිතයේ ප‍්‍රථම අදියර
රූහ් හෙවත් ආත්ම ලෝකය (ආලමුල් අර්වාහ්*
අල්කුර්ආනයේ මේ ආකාරයට සඳහන් වෙයි.
”මිනිස් ජීවීන් සියල්ලෝම පූර්වයේදී ආත්මයක් ලෙස මවනු ලැබ ඇත.”
ආත්ම ලෝකයේ දී සහයෝගයෙන් සිටි අය මෙලොව සහයෝගයෙන් ජීවත් වන බව හා එහිදී විරුද්ධවාදීන් මෙලොවදීද ගැටති යන්න හදීස් (නබිතුමාගේ වදන්* මගින් පෙන්වා දී ඇත.
මිනිසාට සීමා වූ ජීවිතයක් ලැබී තිබෙන අතර ආලමුල් අර්වාහ් හෙවත් ආත්ම ලෝකය පිළිබඳව අත් හදා බැලීමට අපට කිසිසේත් හැකියාව නැත.මෙය අදෘශ්‍යමාන කරුණක්ය.එය කිසිදු සැකයකින් තොරව විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමකි.
එමෙන්ම මෙලොව ඉපදෙන සියළුම දරුවන් ඉස්ලාමිකයන් ලෙස ඉපදෙන අතර දෙමව්පියන් මගින් විවිධාගම් වලට බෙදී යති.
මිනිස් ජීවිතයේ දෙවන අදියර
මව්කුස හෙවත් ගර්භාෂය
බීජයක් ලෙස ගර්භාෂයට එක්වී ප‍්‍රථම දින 40 තුළ පසුව ලේ කැටියක් බවට පසුව මස් පිඬක් බවට පරිවර්තනය වෙමින් මලක්වරුන් විසින් ආත්මය බද්ද කරන අතර මාස 9කින් වැඞීම සම්පූර්ණ වේ.
මිනිස් ජීවිතයේ තුන්වන අදියර
මෙලොවට පිවිසීම හෙවත් ජීවිතය
මිනිස් ජීවිත ගමනේ ඉතාමත් වැදගත් අදියර වන්නේ මෙයයි.මින් ඉදිරියට ඇති අදියරයන්හි ජයග‍්‍රහණය හා විමුක්තිය මෙන්ම මෝක්ෂය රැුඳී ඇත්තේ මෙම අදියෙරෙහි ක‍්‍රියා කලාපය මතය.ඉස්ලාමීය දෘෂ්ටිකෝණයට අනුව මෙලොවදී මිනිසාට හිමි වන ජීවිතය පරීක්ෂණයකට සමාන වේ.හිස් අතින් මෙලොවට පැමිණෙන මිනිසා හිස් අතින්ම මෙලොවින් සමුගන්නේය.ඔහු කළ කුසල් හා අකුසල් පමණක් ඔහු හා ඇලී පවතියි.මෙයයි මෙලොව ජීවිතයේ සත්‍යය.
”ඇත්තෙන්ම ඔබ අතුරින් ක‍්‍රියාවන්හි කවරෙකු උතුම්ද යන්න පරික්‍ෂාකිරීම පිණිස ඔහු මරණය සහ ජීවය නිර්මාණය කළේය.”
(අල්කුර්ආන් 67:02*
ඉස්ලාම් දහමට අනුව මිනිසාට හිමිවන ජීවිතය පරීක්ෂණයකට සමාන වේ.නිරය ස්වර්ගය තෝරා ගැනීමට හැකි බුද්ධියද අපට ලබා දී අප මේ ලෝකයට සැපත් කළේය.අප මේ ලෝකයේ සිදු කරන සෑම ක‍්‍රියාවක්ම අල්ලාහ්ගේ කැමැත්ත පරිදි සිදු කළ යුතුයි.
මිනිස් ජීවිතයේ හතරවන අදියර
මරණය හෙවත් කබුර් ජීවිතය (මිනී වළ*
මේ ලෝකයේ අමරණීයත්වය ලැබූ කෙනෙක් නැහැ.අපට අල්ලාහ් විසින් ලබා දුන් ආත්මය නැවත ඔහුම අපගෙන් ලබා ගනී.පසුව අපගේ ශරීරය මහ පොළොවට සම වී යන අතර මෙහිදී මෙලොව යහපත් කළාවුන් ස්වර්ගය වෙතද අයහපත කළාවුන් නිරය වෙතද අල්ලාහ් ගමන් විවර කර දෙන්නේය.මිනිසෙකු සොහොන් ගත කළ පසු ඔහුගෙන් ප‍්‍රශ්න විමසන අතර ඔහු හෝ ඇය අසත්පුරුෂයෙක් නම් ඔහුට පළමුව ස්වර්ගය පෙන්වා එය වසා දමන අතර සත්පුරුෂයෙක් නම් පළමුව නිරය පෙන්වා එය වසා දැමෙනු ඇත.ස්වර්ගයේ සතුටුදායක සිදුවීම් හා නිරයේ වේදනාත්මක සිදුවීම් අපගේ ගැඹුරු සුවදායක නින්දේදී අපට අවබෝධ කර ගත හැකිය.මරණය කාගේවත් අවසානය නොව තවත් ජීවිතයක ආරම්භය වනු ඇත.මෙම මරණය නම් දොරටුව අභියසට ගිය පසු නැවත කිසිසේත්ම හැරී බැලීමක් සිතා බැලියවත් නොහැකිය.මෙම මරණයට අත් වුණ සියළුම දෙනා පව් පිං විනිශ්චය කරන දිනය බලාපොරොත්තුවෙන් සොහොනෙහි පසුවෙති.
මිනිස් ජීවිතයේ පස්වන අදියර
මහ්ෂර් (නැවත ඉපදීම* පිටියේ රොක්වීම හෙවත් විනිශ්චය දිනය
මෙම මහ්ෂර් නැමති තැනිතලා පිටියට ලොව පළමු මිනිසා වන ආදම් වක්තෘවරයා පටන් සියළු දෙනා ඒකරාශී කරනු ඇත.සූර් නැමති නළාව නාද කිරීමෙන් මෙහිදී සියළු දෙනාටම ප‍්‍රාණය ලබා දෙන අතර එවිට ඔවුන් ඇස් විවර කරන්නේද මෙලොව ජීවිතයේදී ඔවුන් කළ කී දේ පිළිබඳව පසුතැවිලි වෙමිනි.මෙම දිනය ඉතා භයානක හා අවිශ්වාසිකයන් තුට්ටුවකටවත් ගණන් නොකළ මෙම දිනයේ තම හොඳ නරක වලට කුලිය ලැබේ.මෙදින කෙතරම් ආයාචනා කලත් කිසිම සමාවක් බලාපොරොත්තු විය නොහැකිය.
මිනිස් ජීවිතයේ හයවන අදියර
ස්වර්ගය හෝ නිරය
අසත්පුරුෂයන්ට නිරය වෙතද සත්පුරුෂයන්ට ස්වර්ගය වෙතද දොරටු විවර වන්නේය.ස්වර්ගවාසීන්ට එහිදී සිතූ පැතූ ආකාරයට ජීවත් විය හැකි අතර ඔවුන්ට නැවත මරණයක් නොමැත.දේව විශ්වාසය සුළුවෙන් හෝ පිහිටි අය වෙතද මෙම භාග්‍යය හිමි විය හැකිය.මෙලොව හිතුමතේට ජීවත් වූ අය වෙත නිරයේ භයානක දඬුවම් වලට ලක් විය යුතු අතර ඔවුන්ට ජීවිතයක් මිසක් මරණයක් හිමි නොවේ.නිරයේ දඬුවම් වලට නිමාවක්ද නොමැත.
මෙනිසා අපගේ මෙලොව ජීවිතය ඉතා සාර්ථක ජීවිතයක් කරා ගොඩ නගා ගැනීමට අප අතිශය උනන්දු විය යුතු අතර මෙලොව අපට දුන් දායාදය යහපත් ලෙස භුක්ති විඳ පරලොවදීද සැපවත් ස්වර්ගයේ ජීවත් වීමට අවස්ථාව උදාකර ගැනීම පිණිස අපගේ මෙලොව ජීවිතය ගොඩනගා ගනිමු.
අවසාන වශයෙන්
ලෞකික ජීවිතය යනු,මරණින් මතු සදාකාලික ජීවිතය සඳහා සූදානම් වීම පිණිස වූවකි.මරණින් මතු ජීවිතය ප‍්‍රතික්ෂේප කරන්නා ස්වකීය තණ්හා ආශාවන්ට වහල් වෙමින් සිල්වත් හා අල්ලාහ් කෙරේ බියත්තන්ට අපහාස කරති.මෙවැන්නෝ තම වරද වටහා ගන්නේ මරණාසන්න මොහොතේය.එහිදී මෙලෝ ජීවිතය සඳහා තවත් වැඩි අවස්ථාවක් උදා නොවේ.මරණාසන්න මොහොතේ ඔවුන් පසුවන ශෝකාතුර තත්වය හා කියාමත් පරමාන්න දවසේ ඔවුන් පසුවන කේදනීය විලාශය හා අවංක විශ්වාසවන්තයින් සඳහා සහතික වූ සදාකාලික ආශිර්වාදය ගැන අල්කුර්ආනයේ මැනවින් විස්තර කෙරේ.
ෙරාශාන් ජවාද් (ස්තූතිය අරුෙණා්දය සගරාව)