මෑත කාලයක සිට ශ්‍රී ලංකාවේ ජන කොටස් අතර සංහිඳියාව බිදවැටීම හා ගැටීමි හේතුවෙන් ආගමික ස්ථානවලට එරෙහිව සිදුකරන පහරදීමි හා ආගමික වත්පිළිවෙත් වලට කරන බාධක සාමාන්‍ය සිදුවීමි බවට පත්වෙමින් පවතී.මෙය කණගාටුදායක කරුණකි.විවිධ ජාතීන්ගෙන් සමන්විත රටක අති උසස් අන්දමින් ආරක්ෂා විය යුතු ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමේ නිදහසට අකුල් හෙලන ක්‍රියාදාමයන් පවතී.මේවා මිනිස් සිත් සනත්වලට ඇති දෘඩත්වයේ හා උද්වේගෙය් ප්‍රකාශන බවට සැකයක් නොමැත.
ඉස්ලාමයේ දෘෂ්ටිකෝණය:
මිනිසාගේ මූලික අයිතීන් වන ජීවත්වීම,දේපල තබා ගැනීම,ගෞරවය ආරක්ෂා කරගැනීම,ආගමික නිදහස,දැනුම යන කරුණු හය ලබාදී ඒවා ආරක්ෂා කිරීම තහවුරු කළ යුතු බවට ඉස්ලාමීය ෂරීආවේ සඳහන් වේ.මෙය “මසාලිහ්” වශයෙන් හැදින්වේ.එහෙයින් ශිෂ්ට සමිපන්නවූත් මිනිස් අගයන් ගරු කරන්නාවූත් ඕනෑම සමාජයක මේවා ආරක්ෂා කිරීමට විනා විනාශ කිරීමට නොපෙළඹෙනු ඇත.
ඉස්ලාමයට අනුව කිසිම ආගමික කොටස්වලට අයත් ආගමික විශ්වාස,සිද්ධස්ථාන,වත්පිළිවෙත්,සංස්කෘතික හා අනන්‍යතාවයට හානි පමුණවීම නොකළ යුතුය.ඉස්ලාමි හැර අන් සියළු ආගමික විශ්වාස වැරදි බව මුස්ලිමිවරයෙකු විශ්වාස කළද තම ආගම වෙනෙකෙකුට බලෙන් කාවද්දීමට හෝ ඒ වෙනුවෙන් කිසිවෙකුට සෘජුව හෝ වක්‍රව බලකිරීමට හෝ අයිතියක් නොමැත.
“ආගමේ බල කිරීමක් නැත.(විශ්වාසයන්තයින්) අල්ලාහ් හැර ඔවුන් කන්නලවි කරන (අන්) අයට නුඹලා පරිභව නොකරන්න.මන්ද (නුඹලා එසේ කලානමි) ඔවිහු අවඥාවන්ත ද්වේශ සහගතව අල්ලාහ්ට පරිභව කරති.මෙසේ හැම පිරිසකටම ඔවුන්ගේ ක්‍රියාවන් අපි අලංකාර කළෙමු.පසුව ඔවුන්ගේ රබි (පරමාධිපති) වෙතය ඔවුන්ගේ යලි පැමිණීම,එවිට ඔවුන් කරමින් සිටි දේ ගැන ඔහු (අල්ලාහ්) ඔවුනට දන්වන්නේය.” (අල්කුර්ආන් 06:108)
ආගමික ප්‍රචාරය බලහත්කාරයෙන් කිරීම ඉස්ලාමය අනුමත නොකරයි.
“ඔවුන් සමග ඉතා විනීතව සාකචිඡා කරනු.” (අල්කුර්ආන් 16:25)
යනුවෙන් අල්කුර්ආනය මගින් අල්ලාහ් අවධාරණය කරන ආකාරයෙන් ප්‍රචාරය සදහා වූ ක්‍රියාමාර්ගය ප්‍රියමනාප යන්නට ඔබිබට ගොස් ඉතා ප්‍රියමනාප හොඳ අලංකාර යන ගුණාංග වලින් සමන්විත විය යුතු බව පැහැදිලිය.ඉතා ප්‍රියමනාප පිළිවෙල යන්නෙහි සාධක ඇතුව කථා කිරීම,අන්‍යයන් හට නිසි ගෞරවය දී ගරුත්වයෙන් කථා කිරීම වැනි කරුණු වැදගත් කොට සැලකේ.
ඉතා විනීතව හා අලංකාරව තම ප්‍රචාරය ඉදිරිපත් කළ පසුත් ඔවුන් ප්රතික්ෂේ කල ද ඔවුන් වෙත බලහත්කාරය මුදා නොහැර ඔවුන්ගේ ක්‍රියාකලාපය ඉවසිල්ලෙන් යුතුව සහජීවනයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය අවධාරණය කරයි.මෙයට අල්කුර්ආනයේ බොහෝ වැකි උදාහරණ වශයෙන් දැකිවිය හැකිය.
මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබි නායක තුමා මක්කා පුරවරයේ සිට මදීනා පුරවරයට නික්ම යාමෙන් පසු එහිදී කතෝලිකයින්,යුදෙවිවන් හා තවත් ආගමිකයින් ආරක්ෂා කල යුත්තන් යන අර්ථයෙන් “දිමිමි” වශයෙන් හඳුන්වන ලදී.මදීනා පුරවරයේ ඔවුන්ගේ සියළු අයිතීන් තහවුරු කරන ලදී.තමන්ගේ ආගමික විශ්වාසයෙන්ම ඔවුන් පසුවීමට අවස්ථාව සලස්වන ලදී.
අල්කුර්ආනයේ 22 පරිචිචේදයේ 40වන වාක්‍යයේ යුද්ධයේ එක් අරමුණක් වන්නේ අන්‍ය ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම බව පවසා ඇත.එම ආගමික මධ්‍යස්ථානවලට ගොස් කිසිවකු යාමෙන් හානි පමුණුවන්නේ නමි,එය අත්හිටුවීමට මුස්ලිමි හමුදාව ඉදිපත් වනු ඇත යන්න එම වැකිය මගින් අවධාරණය කර ඇත.
“ඔවුහු කවරෙකු නමි,අපෙග් රබි (පරමාධිපතියා) අල්ලාහ් යයි ඔවුන් කී නිසා අසාධාරණය ලෙස තම නිවෙස්වලින් පන්නා දමන ලද අය වෙති.ජනයාගෙන් එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැලක්වූයේ නමි ක්‍රිස්තියානි ආරාමයන්,දේවස්ථාන,යුදෙවි පල්ලි සහ අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන මස්ජිද් (දේවස්ථාන) සුනුවිසුනු කරනු ලැබෙන්නට තිබිණි.ඔහු (අල්ලාහ්ට) උදවි කරන අයට අල්ලාහ් නියක වශයෙන්ම උදවි කරයි.නියත වශයෙන්ම අල්ලාහ් ශක්ති සමිපන්න සර්ව බලධාරියාය. (අල්කුර්ආන් 22:40)
මෙම වැකිය ආශ්චර්යමත් අදහස් ඉදිරිපත් කරයි.මෙයට විවරණයක් කරන අාචාර්ය මුස්තෆා සිබාඊ මහතා, “ජිහාද්හි අරමුණ (අන්‍ය) දේවස්ථාන නටබුන් වල මස්ජිද් ඉදිකිරීම නොවේ.ඊට වෙනස්ව එම දේවස්ථාන අසල මස්ජිද් ස්ථාපිත කිරීමයි” යනුවෙන් පවසයි.සෙයිදි කුතුබි මෙම වැකිය පැහැදිලි කිරීමේදී “ඉහත වැකියේදී අල්ලාහ්ගේ නාමය ස්ත්රෝත්ර කරන මස්ජිද්වලට සමානව අනෙකුත් ලබදිකයින්ගේ ආගමික ස්ථානද ආරක්ෂා කළ යුතු යන්න අවධාරණය කරයි.මස්ජිද් ගැන සඳහන් කිරීමට මත්තෙන් අන් ආගමික ස්ථානයන් ගැන සඳහන් කිරීමත් ඒවාට එරෙහි බලහත්කාරකමි වැලක්වීම අවධාරනය කර ඇත.ඇත්ත වශයෙන්ම මෙය සැමගේ ආගමික අයිතිවාසිකමි තහවුරු කරන ආරාධනාවකි.ඉස්ලාමය පිළිපදින අයට පමණක් ආගමික නිදහස සීමා නොකර තමන් සමග විරුද්ධ වන පාර්ශවයන්ගේද එය තහවුරු කරයි.තවද මෙම අයිතිය සැමට ලබාදීමට සටන් කරන ලෙසත් මුස්ලිමිවරුන්ට නියෝග කරයි.මේ කාරණය සඳහා යුද්ධ කිරීමත් අනුමත කරයි.මෙමගින් ඉස්ලාමය ජාත්‍යන්තර නිදහස් සමිමුතියක් බව අවධාරණය කරයි.” යනුවෙන් සෙයිද් කුතුබි විස්තර කරයි.
එස්.එචි.එමි.ෆලීල් (නලීමි)