මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරු ලෙසින් විනාශ කරයි. හමායන මද සුළඟ, පියකරු තුරුලතා, සිත් වසඟ කරන දිය ඇලි, සවන් පිනවන විහඟ නාද, මල්ගොමු ආදී සිත් කළු දර්ශන අද අපහට දැකගැනීමට විඳගැනීමට තරම් අප පිං නොලබා ඇත.
ජගත් පරිසර දිනය යෙදී ඇත්තේ ජූනි 05 වැනිදාටයි.කෙසේ වුවත් මේ පරිසර දිනය අභිමුව ලෝකය ආපදා සූදානමක තබන්නට සිදු වී තිබේ.ඉන් විශාලම තර්ජනය භූ කම්පනයි.මෙයට කදිම නිදසුන මිනිස් ජීවිත සිය ගණනක් බිලිගත් මෑතකදී ඉරානය,බර්‍මාව හා චීනයට වැනි දේශයන්හි සිදු වූ විශාල භූමි කමිපනයන්ය.විශාල භූමි කමිපා ඇතිවීමට අමතරව ගිනි කදු, ටොනෙඩො,මහා සුළි සුළං,ගංවතුර,ලැවි ගිණි හා නායයෑම් බහුලව ඇතිවීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.මෙවැනි ව්‍යසන ඇතිවීමට වග කිව යුත්තේ කවුරුන්ද?කුමන හේතූන්ද? යන්න පිළිබදව වෙනස් මුහුණුවරකින් මෙම ලිපිය තුළින් සාකචිචාවකට මුලපුරමු.
පරිපූර්ණ ජීවන සැලස්මක් හැටියට ඉස්ලාමි දහම මේ පිළිබදව තම මතය ශුද්ධ වූ අල්කුර්ආනය මෙසේ පැහැදිළි කරයි.
“පොළවේ හා සාගරයේ පීඩන හා ව්‍යසනයන් වැඩි වී ඇත්තේ,මිනිසාගේ ක්‍රියාවන් (වැරදි ක්‍රියාවන්) හේතු කොටගෙනය.ඒ ඔවුන් තමන් කළ සමහරක් වැරදි ක්‍රියාවන්හි විපාකය දැනෙණු පිණිසය.මෙය ඔවුන් අල්ලාහ් වෙත සමීපවීමට හේතුකාරකයක් විය හැක.”
(අල්කුර්ආන් 30:41)
මෙම වචනයෙහි පරිසමාප්ත අර්ථය වන්නේ අද ලොව තුල නුතන මිනිසා මුහුණ දෙන ගැටළු වන
1.මුහුද ගොඩගැලීම (සුනාමි තත්වයන්), කඳු නායයෑම, ගිනිකඳු පිපිරීම, සුළි සුළග, ගංවතුර, භූ කම්පන, ලැව්ගිනි,…යනාදි ස්වභාවික විපත්
2.යුද්ධය, සමුල ඝාතන, මිහිතලය උණුසුම් වීම, සුවකල නොහැකි (Aids), ඩෙංගු වැනි රෝග, දේශපාලන කුමණ්ත්‍රන, පාලකයන්ගේ හිරිහැර, සමාජ විරෝධි ක්‍රියාවන්, අපචාර කටයුතු, දරාගත නොහැකි උද්ධමනය, පැහැරගැනීම්, අල්ලස් ගැනීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මත පදනම් වු ස්වභාවික නොවන නමුත් පරිසර අහිතකාමී විපත්
යන සැමටම හේතුවූයේ මිනිසා තමන්ව,තමන්ගේ වගකීමි නිසිලෙස තේරුමි නොගෙන මිහිතලය මත හිතුවක්කාරීව ක්‍රියා කිරීමය.ඒ අනුව පරිසර විනාශයට හේතුකාර ලෙස මිනිස් ක්රියාකෙරකමි 2ක් සදහන් කළ හැක.
1.පරිසරය විනාශ කිරීම
2.පාපයන්
1.පරිසරය විනාශ කිරීම
ස්වභාවික පරිසරය වූ කලී, සර්ව බලධාරී අල්ලාහ්ගේ අතිවිශිෂ්ට මැවීමක් වන අතර, එහි කුඩාම පරමාණුවේ පටන් අභ්‍යවකාශය වන තෙක් සියල්ලේම පාලනය ඔහු සතුය. ඒ සියල්ල අල්ලාහ්ගේ අණට කීකරුව වඩාත් සමබර විදිමත් ක්‍රමයකින් ක්‍රියාත්මක වෙයි. අල්ලාහ්ගේ ප්‍රඥාවත් දැනුමට අනුව, ඒ සියල්ල යම් අරමුණකින් මෙලොවට මවා ඇති අතර, එකින් එක අතර පවතින බැඳීමද, ඔහු නියම කළ ක්‍රමයට සිදුවෙයි. මෙම විශ්වයේ ඇති සියලූ දෑ අල්ලාහ්ට අවනතව ඔහුගේ අණට අනුව ක්‍රියාකරමින්, ඒවාට ආවේනික වූ ක්‍රමවලින් ඔහුට ප්‍රශංසා කරන බව ඉස්ලාමය විශ්වාස කරයි.
“මේ පෘථීවියේ වෙසෙන සතුන්ද, අත්තටුවලින් පියාඹන කුරුල්ලන්ද ඔබ ලෙසින්ම සමූහවලින් තොර නොවෙති. ග්‍රන්ථයෙන් කිසිවක් ඉවත් නොකෙරුණ අතර (ඔවුන්) අවසානයේ තම දෙවියන් වෙත එක්රැස් වන්නෝය.”
(අල්කුර්ආන් 6:38)
මිනිසුන්, සතුන් ඇතුළු සියලූ ජීවීන් වෙනුවෙන් පෘථීවිය මවා ඇත.අල්ලාහ් තමන් මැවූ සියලූම මැවීම්වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන අතර ඒවායේ පැවැත්මට අවශ්‍ය දැනුමද ලබා දෙන්නේය. ඒ අතරින් මිනිසා අල්ලාහ්ගේ උසස්ම මැවීමක් ලෙස හා පෘතුවියේ තම නියෝජිතයා කෙරුවේ යැයි ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් කරයි.
“ඒ, ඔහු (දෙවියන්) ඔබව, මෙලොව ඔහුගේ නියෝජිතයා ලෙසට පත් කළේය. ඔබ අතරෙන් ඇතැමෙක්ව ඔහු උසස් කළේය. ඒ ඔබට ලබාදුන් දේ මත ඔබව පරීක්ෂා කිරීමටයි. ඇත්තෙන්ම ඔබේ දෙවියන් (වන අල්ලාහ්) කඩිනම්ව දඬුවම් ලබාදෙයි. එමෙන්ම ඔහු සැනකින් ක්ෂමාව දෙන්නාය. මහා කාරුණිකය.”
(අල්කුර්ආන් 6:165)
මෙලොවදී අල්ලාහ්ගේ අණට කීකරුව පෘථීවියේ ජීවත්වීමට හා එහි පැවැත්මට සර්ව බලධාරී අල්ලාහ්තආලා විසින් මිනිසාව පෘථීවියේ තම නියෝජිතයා ලෙස මැව්වේය. සතුන්, ශාඛ වැනි අල්ලාහ්ගේ මැවීම් මිනිසාගේ බලතල මත පවරා දී ඇති අතර, අල්ලාහ්ගේ සීමා මායිම් තුළ ඒවා සිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසාට අවසර ලැබී ඇත.නමුත් වර්තමානයේ මිනිසා පරිසරය සමඟ ගනු දෙනු කරන ආකාරය ගැන සළකා බැලීමේ දී මුළු මිනිස් සංහතියම භයානක අඩියකට පියමනිමින් සිටින බවට කිසිදු සැකයක් නැත. ස්වභාවික සම්පත් අනර්ථකාරී ලෙස භාවිතයට ගැනීම නියඟ, ජල ගැලීම් සහ නායයෑම් වැනි ස්වභාවික විපත් තත්වයන් ඇති වීම කෙරේ බලපා ඇත. ස්වභාවික සම්පත් මනාලෙස කළමනාකරණය සහ භාවිතටය ගැනීම එම අනතුරු අවම කිරීමට වඩාත් උපකාරී වේ.ඉස්ලාමීය ඉගැන්වීමි මේ පිළිබදව උපදෙස් ලබා දී ඇත.ස්වභාවධර්මය විනාශ කිරීම වළක්වයි.
වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී “මුස්ලීම්වරයෙකු ගසක් සිටුවා එසේත් නැත්නම් බීජයක් වපුරා එයින් හටගන්නා පලදාව පක්ෂියෙක්, මනුෂ්‍යයෙක් එසේත් නැත්නම් සත්වයෙක් අනුභව කලේ නම් ඒ හේතුවෙන් සදකාවක් කල (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කල) පින එම මිනිසාට හිමිවේ.”
(මූලාශ්‍රය : මුස්ලිමි)
2 පාපයන්
අනෙකුත් මැවීම් මෙන් නොව, මිනිසාට හොඳ නරක අවබෝධ කරගැනීමටත්, ඒ තුලින් අල්ලාහ්ගේ අණට කීකරුවීමට වැදගත්කමක් දෙමින් ජීවත්වීමටත් තරම් ශක්තියකින් හා දැනුමකින් යුක්තව මිනිසාව මවා තිබීම ඔහුව දෙවියන්ගේ උසස්ම මැවීම බවට පත් කරන්නේය. ස්වභාවයෙන්ම දෙවියන්ට අවනත වීමේ සූදානමක් මිනිසා තුළ තිබුණත්, ඔහු සතු නිදහස් චින්තනය ඇතැම් විට එයට පටහැනිව ක්‍රියා කරන අතර, මෙම නිදහස් චින්තනය ඔහුට මෙලොව ජීවිතයේ පරීක්ෂණයක් ලෙසින්ම අල්ලාහ් විසින් ලබාදෙන ලදී.
මෙම පරීක්ෂණයෙන් අසමත් වෙද්දී ඔහු ෂෛතාන්ට කීකරුවීමට පටන්ගනී.අල්ලාහ්ව අමතක කරයි.මේ අවස්ථාවන්හි අල්ලාහ් දඬුවමි ලබා දෙයි.
“සමාජයේ පිරිසක් කරන පාපයන් නිසා එම පිරිසට පහල වන දඬුවම එම සමාජයේ ජීවත්වන යහපත් මිනිසුන්ටත් බලපායිද? එයට නබිතුමා ඔව්, එම සමාජයේ පාපක්රියාවන් වැඩි වී එය වලක්වන්නේ නොමැතිව සියල්ල බලා හිදීනම් එම සමාජයට දෙවියන්ගෙන් පහල කරන දඬුවම යහපත් අයහපත් සියල්ල සදහාම වේ.”
ඉස්ලාමීය ඉතිහාසයේ පිටු පෙරලීමේදි සමාජයන් විනාශ කරනු ලැබුවේ මෙම හේතුන් නිසා යනුෙවන් පැහැදිලිව දැනගත හැක.
මිනිසා යනු මනසෙන් උසස් ලෙස සලකන්නෙකි. නමුත් මනසෙන් උසස් යැයි පැවසුවත් තිරිසන් සතෙකුට තරම් වත් පරිසරය පිලිබඳ ඔවුන්ට හැඟීමක් නැත. සොබාදහම හා මිනිසා අතර පැවතිය යුත්තේ මවක හා දරැවකු අතර තිබිය යුතු හැඟීම වගේ බැඳීමකි. එය මිනිසාට තේරැම් යන දිනයෙදී නිසැකවම පරිසර මාතාව ආශීර්වාද ගී ගායනා කරයි.
එම නිසා හෙට දිනයේ අනාගත පරපුර වෙනුවෙන් සැමට ජීවත්විය හැකි හරිත වර්ණයෙන් පිරුණු සුන්දර පරිසරයක් උරුම කරදීමට අද සිටම අපි සැවොම කටයුතු සිදුකරමු.
ඉබිනු ජවාද්
ස්වභාව ධර්මය ගැන ඉස්ලාමීය සංකල්පය
ස්වභාවික පරිසරය වූ කලී, සර්ව බලධාරී අල්ලාහ්ගේ අතිවිශිෂ්ට මැවීමක් වන අතර, එහි කුඩාම පරමාණුවේ පටන් අභ්‍යවකාශය වන තෙක් සියල්ලේම පාලනය ඔහු සතුය. ඒ සියල්ල අල්ලාහ්ගේ අණට කීකරුව වඩාත් සමබර විදිමත් ක්‍රමයකින් ක්‍රියාත්මක වෙයි. අල්ලාහ්ගේ ප්‍රඥාවත් දැනුමට අනුව, ඒ සියල්ල යම් අරමුණකින් මෙලොවට මවා ඇති අතර, එකින් එක අතර පවතින බැඳීමද, ඔහු නියම කළ ක්‍රමයට සිදුවෙයි. මෙම විශ්වයේ ඇති සියලූ දෑ අල්ලාහ්ට අවනතව ඔහුගේ අණට අනුව ක්‍රියාකරමින්, ඒවාට ආවේනික වූ ක්‍රමවලින් ඔහුට ප්‍රශංසා කරන බව ඉස්ලාමය විශ්වාස කරයි.
අද ලොව තුල නුතන මිනිසා මුහුණ දෙන ගැටළු ආකාර දෙකක් වේ. එනම්,
1.ස්වභාවික විපත් (මේ යටතේ මුහුද ගොඩගැලීම (සුනාමි තත්වයන්), කදු නායයෑම, ගිනිකදු පිපිරීම, සුළි සුළග, ගංවතුර, භූ කම්පන, ලැව්ගිනි,…යනාදිය සදහන් කල හැක.)
2.ස්වභාවික නොවන (මිනිස් ක්‍රියාකාරකම් මත පදනම් වු) විපත්
මේ යටතේ යුද්ධය, සමුල ඝාතන, මිහිතලය උණුසුම් වීම, සුවකල නොහැකි Adis, ඩෙංගු වැනි රෝග, දේශපාලන කුමණ්ත්‍රන, පාලකයන්ගේ හිරිහැර, සමාජ විරෝධි ක්‍රියාවන්, අපචාර කටයුතු, දරාගත නොහැකි උද්ධමනය, පැහැරගැනීම්, අල්ලස් ගැනීම්… යනාදිය සදහන් කල හැක.
ෙමි ෙදකටම ෙහ්තුව මනිසා කරන පවි තතමයි.
මේ ආකාරයේ වු ස්වභාවික හා ස්වභාවික නොවන විපත් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අර්ථ කථන තම තමන් නියෝජනය කරන ක්ෂේත්රය හා තම නැණ පමණින් ලබාදෙයි. ඒවා විද්‍යාඥයින් විද්‍යාත්මක මුහුණුවරින්ද, දේශපාලඥයන් දේශපාලන මුහුණුවරින්ද, ආගමික නායකයින් හා පුජකවරැන් ආගමික මුහුණූවරින්ද,… යනදී වශයෙන් වේ. මේවා ජන මාධ්‍යයන් හරහා ද නිරන්තරයෙන් කථාබහට ලක්වන අතර මෙය ශ්‍රී ලාංකීය අපට සුලභ වු දසුනකි.
“පොළවේ හා සාගරයේ පීඩන හා ව්‍යසනයන් වැඩි වී ඇත්තේ,මිනිසාෙග් ක්‍රියාවන් (වැරදි ක්‍රියාවන්) හේතු කොටගෙනය.එ් ඔවුන් තමන් කළ සමහරක් වැරදි ක්‍රියාවන්හි විපාකය දැනෙණු පිණිසය.මෙය ඔවුන් අල්ලාහ් වෙත සමීපවීමට ෙහ්තුකාරකයක් විය හැක.” (අල්කුර්ආන් 30:41)
“මිනිස් ක්‍රියාවන් (වැරදි ක්‍රියාවන්) හේතු කොටගෙන ඔවුන් කල දෙයින් කොටසක් ඔවුන් විදිනු පිණිසත්, එය තුලින් ඔවුන් යහමගට යොමු වනු පිණිසත්, ඔවුන්හට මුහුදෙන් හා පොළොවෙන් විනාශකාරී තත්වයන් ඇති වන්නේය.”
මෙවැනි ව්‍යසන ඇතිවීමට වග කිව යුත්තේ කවු ද? වර්තමානයේ මිනිසා පරිසරය සමඟ ගනු දෙනු කරන ආකාරය ගැන සළකා බැලීමේ දී මුළු මිනිස් සංහතියම භයානක අඩියකට පියමනිමින් සිටින බවට කිසිදු සැකයක් නැත.පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන පරිසර විනාශය හේතු කොට ගෙන ගෝලීය උනුසුම් වීම ඉහළ ලොස් ඇත.
අපේ පැවැත්ම සහ පරිභෝජනය සඳහා දෛනිකව වැයවන්නේ මිහිතලය මත ඇති ස්වභාවික සම්පත්ය. පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් වන ජලය, පස, නිරන්තරයෙන්ම පරිභෝජනයට ගැනෙන සහ විශාල වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් නිසා දූෂණයට ලක්වන ස්වභාවික සම්පත්වේ. ස්වභාවික සම්පත් අනර්ථකාරී ලෙස භාවිතයට ගැනීම නියඟ, ජල ගැලීම් සහ නායයෑම් වැනි ස්වභාවික විපත් තත්වයන් ඇති වීම කෙරේ බලපා ඇත. ස්වභාවික සම්පත් මනාලෙස කළමනාකරණය සහ භාවිතටය ගැනීම එම අනතුරු අවම කිරීමට වඩාත් උපකාරී වන අතර ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආනයතනය සිට ව්‍යාපෘති ඔස්සේ ඒ පිළිබඳ සිය අවධානය නිරන්තරයෙන් යොමුකරයි. එසේම ඒ සඳහා සැළසුම් කළ විශේෂ ව්‍යාපෘතිද ක්‍රියාත්මක කරනු ලබයි.