Originally posted 2024-06-14 05:28:38.
කුසල් හා අකුසල්
ඉස්ලාමි අාගම යනු පරිපූර්ණ ජීවන රටාවකි, ඒහි කිසිදු අඩුපාඩුවක් දැකගැනීමට නොහැකි පරිද සැකසී තිබීමට ප්‍රධානම හේතුව නම් ඒම ජීවන ක්‍රමය සමස්ථ මිනිසාට ම පිරිනමා අැත්තේ මුලු මානව සංහතිය නිර්මාණය කර පරිපාලනය කරන්නා වූ දෙවියන් විසින් ය. අැත්ත වශයෙන්ම මිනිසාගේ අවශ්‍යතාවයන් හා හැගීම් යානාදී මුල් කොට ගෙන සකසා අැති මෙම ජීවන ක්‍රමය තුල මෙලොවත් මරණනින් මතු ජීවතයත් සතුටුදායක ව ගතකරමින් අල්ලාහුගේ ඉලක්කය හා නිර්මාණයෙහි අරමුණද ඉටුකරගැනීමට ඉතා පහසු ජීවන ක්‍රමයක් බව ඒය හදාරන ඔීනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගන්නට පුලුවන.
ඉස්ලාම් අාගම තුල මිනිසාගේ මුලු ජීවිතයම වැදුම් පිදුමක් බවට සැකසීම ද සුවිසේශ කරුණකි, මන්ද ඔහුගේ ධෙෙනික ජීවිතය තුල ඉගෙනීම හා මුදල් ඉපැයීම, විවාහ වීම, දෙමාපියන්ට සැලකීම, ව්‍යාපාර කිරීම, රට ගම පාලනය කිරීම, යනාදී සියල්ලක් ම ඉස්ලාමීය මගපෙන්වීම අනුව කරන විට ඒය ඔහුට කුසල් ලබා දෙන කර්තව්‍යක් බවට පරිවර්ථනය වේ, තවද මිනිසා තමන්ගේ කුසගින්න නිවා ගැනීම සදහා මුදල් ඉපැයීම සිට තමන් අාහාර අනුභව කිරීම සහ තම පවුලේ අයට ද අාහාර සැපයීම දක්වා යහපත් කුසල් ක්‍රියාවක් යැයි ඉස්ලාම් අවධාරණය කරයි,
ඒවැනි කුසල් හා අකුසල් ඉස්ලාමි අාගම තුල රාශියත් තිබුණ ද කුසල් හා අකුසල් පිළිබදව ඉතා කෙටියෙන් මෙම දේශණාවෙන් අපට දැනගන්නට පුලුවන,
මෙම දේශණය ඉදිරිපත් කරන්නේ
අෂ්ෂේක් මුහම්මද් ෆයිසල් නජාහි
මාතෘකාව ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් කුසල් හා අකුසල්
මෙම වීඩියෝව කුවෙයිට් අයි අයි සී යන ඉක්රා ඉස්ලාමිය සංගමයට අයත් වීඩියෝවකි.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
