හජ් මස ආරම්භ දින 10 හා අපගේ වගකීමි

අබූ අහ්මද්

මිනිසා ස්වර්ගයට පිවිසීම සඳහා දෙවියන් අල්ලාහු විසින් විවිධ අවස්ථාවන් ඔහුට ලබා දීමෙන් දෙවියන් අල්ලාහුගේ කරුණාව හා දයාව මනාව පැහැදිළි වේ, උදාහරණයක් වශයෙන් සෑම අවුරුද්දක් පාසා උදාවන රමධාන් මාසය හා එහි තිඛෙන්නා වූ ලෙයිලතුල් කද්ර් හෙවත් කීර්තිමත් රාත්‍රිය කදිම නිදසුනකි, තවද සතිපතා උදාවන සිකුරාදා දිනයන් හා දිනපතා මධ්‍යම රාති්‍රයන් හා එහි මහිමයන් තවත් උදාහරණයන්ය.

වටිනා දවස් 10

හජ් මස දින 10

මෙවැනි අවස්ථාවන් උදාකිරීමෙන් අල්ලාහු දෙවියන් අපෙක්ෂා කරන්නේ තම වහලා පාප ක්‍රියාවෙන් මිදී පාපොච්ඡාරණය කර අනතුරුව යහපත් ක්‍රියාවන් හි නිරතව අවංක හා නිහතමානී පුද්ගලයින් බවට පරිවර්ථනය වීමයි.

එවැනි තවත් කදිම අවස්ථාවක් දෙවියන් අල්ලාහු විසින් අපට උදාකර දිමට නියමිතයි, එයි දුල් හජ් (හජ් මස) පළමුවෙනි දින දහය වේ. එහි අල්ලාහුගේ අප්‍රමාණ භාග්‍යයන් හා දායාදයන් පිරී ඉතිරේ. එම සීමිත දින කිහිපය තුල යහපත් ක්‍රියාවන් අධිකව ඉටුකිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.

දුල් හජ් (හජ් මස) ආරම්භ දින දහයන් හි මහිමයන්

1 අලුයම කෙරෙහි දිවුරා පවසමි, දස රාත්‍රියන් කෙරෙහි දිවුරා පවසමි (අල් කුර්ආන් අල් ෆජ්ර් 1-2)

ඉහත සඳහන් අල් කුර්ආන් වැකියෙහි දස රාත්‍රිය යනු දුල් හජ් (හජ් මස) ආරම්භ දිනයන් බව ඉබ්නු අබ්බාස් (රලි) තුමා පවසයි.

2 දුල් හජ් (හජ් මස) ආරම්භ දිනයන් හි ඉටුකරන ලබන යහපත් ක්‍රියාවන්ට දෙවියන් අල්ලාහුගේ් දෙවියන් අල්ලාහුගේ් ප්‍රියමනාපය ප්‍රියමනාපයට සමානව වෙන කිසි දිනක ඉටු කරනු ලබන යහපත් ක්‍රියාවන්ට නොලැඛෙන බව මුහම්මද් නබිතුමාණන් පැවසූහ, එවිට අනුගාමිකයන් අවසාන වක්තෘවරයාණනි (නබිතුමාණනි) ` දෙවියන් අල්ලාහුගේ් මාර්ගයෙහි ජිහාද් කිරීමටත් වඩා උතුම් ද යනුවෙන් ප්‍රශ්ණ කළෝය. ඔව් දෙවියන් අල්ලාහුගේ් මාර්ගයෙහි ජිහාද් කිරීමටත් වඩා උතුම් නමුත් යමෙකු තම ධනය හා දිවිය එහි පරිත්‍යාග කර (ෂහීද්) මරණයට පත් වූ අය හැර යැයි නබිතුමාණන් පිළිතුරු දුන්හ.

දුල් හජ් (හජ් මස) ආරම්භ දින දහයන් හි ඉටු කළ හැකි යහපත් ක්‍රියාවන් කිහිපයක්

1 උපවාසයේ යෙදීම

දුල් හජ් (හජ් මස) ආරම්භ දිනයන් නවය (9) උපවාසයේ වෙදීම සතුටුදායක කරුණකි, මුහම්මද් නබිතුමාණන් ද එම දින නවය උපවාසයේ යෙදුනු බව හුනෙයිදා (රලි) වාර්ථා කරයි.

2 තක්බීර් උසුරීම

ඉබ්නු උමර් (රලි) තුමා හා අබූ හුෙරො (රලි) තුමාණන් මෙම දිනයන් හි (හජ් මස ආරම්භ දිනයන්) ව්‍යාපාර ස්ථානයන් හි තක්බීර් උසුරමින් සිටිති, එය සවන් දෙන පිරිස ද ඔවුන් සමග තක්බීර් උසුරති.

උමර් (රලි) තුමා මිනාවෙහි ගත කරන කාළය තුල කූඩාරමෙහි හා ගමන් කරන ස්ථානයන් හි ශබ්ද නගා තක්බීර් උසුරයි, එම ශබ්දයෙන් මිනා ප්‍රදේශය දෙදරයි.

අරෆා දින ෆජ්ර් සලාතයේ සිට දුල් හජ් මස 13 වෙනි දින අසර් සලාතය දක්වා අනිවාර්්‍ය පස්වේල සලාතයන්ට පසු තක්බීර් උසුරීම සුන්නත් ක්‍රියාවකි.

3 දේව නැමදුමෙහි වැඩියෙන් ඉටු කිරීම

දෛනිකව ඉටුකළ යුතු යහපත් ක්‍රියාවන් කිහිපයක් පහත දැක්වේ.

  • අනිවාර්්‍ය පස්වේල සලාතයන් සාමූහිකව ඉටු කිරීම
  • අනිවාර්්‍ය සලාතයන්ට පෙර හා පසු සුන්නත් සලාතයන් ඉටු කිරීම
  • ලූහා සලාතය ඉටු කිරීම
  • විත්ර් සලාතය ඉටු කිරීම
  • ජුම්ආ සලාතයට වේලාසනින් මස්ජිදයට පැමිණීම

4 අරෆා උපවාසය

හජ් වන්දනාව

හජ් වන්දනාව

අරෆා දින උපවාසයේ යෙදීම දැඩිලෙස දිරිගන්වන ලද මුහම්මද් නබිතුමාණන්ගේ සුන්නා ක්‍රියාවකි, අරෆා දින උපවාසයේ යෙදීම තුලින් පෙර හා පසු අවුරුදු දෙකක පාපයන් සමාවනු ඇතැයි නබි තුමාණන් පැවසූ බව අබූ කතාදා (රලි) තුමා වර්ථා කරන මෙම නබි වදන මුස්ලිම් ග්‍රන්ථයෙහි සඳහන් වේ.

5 දුගියන්ට සදකා දීම

6 අල්කුර්ආනය පාරායනය කිරීම

7 උදෑසන හා සැන්දෑවෙහි උසුරිය යුතු ප්‍රාර්ථනාවන් උසුරීම (දික්ර් කිරීම)

8 රෝගීන් දුක් සුව විමසීම හා ජනාසා සලාතයකට සහභාගිවීම

9 ඥාතීන් සමග සමගියෙන් සිටීම

10 තමන් විසින් සිදු වූ පාප ක්‍රියාවන්ට සමාව අයදීම (පාපොච්ඡාරනය කිරීම)

යා අල්ලාහ් ` මෙවැනි යහපත් ක්‍රියාවන් ඉටු කිරීමට ද එය ඔබ වෙනුවෙන් පමණක් ඉටු කර ඔබගේ තෘප්තිය හා කරුණාව ලබා ගැනීමට ද එමගින් ස්වර්ගයට පිවිසීමට ද අපට ශාරීරික හා මානසික ශක්තිය ලබා දී ආශිර්වාද කරනු මැනව “`

Related Post