Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

කුර්අාන් අපට උගන්වන සාරධර්ම (Quran teaches ethics)

Originally posted 2018-05-30 06:33:31.

අල් කුර්අාන් අපි කියා ෙදන සාරධර්ම

දෙවියන් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට නැමඳුම් නොකරන්න,දෙමාපියන් සමග දයාබරව හැසිරෙන්න,ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාම හෝ ඔබ ලඟ මහලූ වියට පත් වූවහොත් ඔවුන් දෙදෙනාට අණු මාත‍්‍රයක්වත් අගෞරවයක් ඇතිවන අයුරු ආමන්ත‍්‍රණය නොකරන්න, ඔවුන් දෙදෙනාට සැර නොකරන්න,ඔවුන් දෙදෙනා සමග ඉතා ගෞරවයෙන් කථා කරන්න,
දයාලූභාවයෙන් යුත් යටත් භාවයෙන් ඔවුන් දෙදෙනා සමග හැසිරෙන්න, තවද මා ලා බාල වියෙහි ඔවුන් දෙදෙනා මා හදා බලාගත්තා මෙන්  ඔවුන් දෙදෙනාට ද ඔබ කරුණාව දයාව පෙන්වනු මැනව! යැයි ප‍්‍රාර්ථනා කරන්න. ( අල් කුර්ආන්: සූරතුල් ඉස්රා /23-24)

ෙදමාපියන්ට සලකමු

සාරධර්ම

 

 

 

 

 

 

 

 

ඔබලාගේ දෙවියා එකම දෙවියකි, අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු(අල්ලාහු* හැර වෙන දෙවියෙකු නැත.අහස්වල හා මහපොළොවේ නිර්මාණයෙහි ද, දිවා රාත‍්‍රි මාරුවීමෙහි ද, මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා (බඩු බාහිරාදිය පුරවා ගත්* සමුද්‍ර තරණයෙහි යෙදෙන යාත‍්‍රාවල ද, අල්ලාහු විසින් අහසින් පහළ කරන ජලයෙහි (මහපොළොව වියළි* මළ පසු එමගින් (වැසි ජලයෙන්* යළි පණ ගැන්වීමෙන් ද, තවද එහි විසිරුවා හැර ඇති සියලූම සතුන් කෙරෙහි ද, සුළඟ ඔබ මොබ  යැවීමෙහිදී ද, අහස මහපොළොව අතර (අල්ලාහ්ගේ ආඥාවට යටත්ව ක‍්‍රියාකාරී වීමට* සූදානම් කරන ලද මේඝයන්හි ද නියත වශයෙන්ම බුද්ධිමත් අයට සංඥාවන් ඇත.  (අල් කුර්ආන්  02 /164)

මුස්ලිමිවරුන්ට ලැබුණු මහගු දායාදය ඉස්ලාමි

ඉස්ලාමි

 

 

 

 

 

 

Related Post