Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

අැරයුමක් ලැබුණි True religion calls me I answered

Originally posted 2024-04-05 15:00:08.

ඇරයුමක් ලැබුණි

stock-photo-love-letter-concept-on-wood-table-125357399නෙතු පියන් වැසූ අඳුර ඉවත් විය                        දෙනවතින්
ඉවත් විය ඝණ අඳුර සදහටම                             ජීවිතෙන්
ඇරයුමක් ලැබුණි මට එකම දෙවිඳුන්                   වෙතින්
පිළිගනිමි නබි තුමන් දෙසූ දහම                        හදවතින්

හදට ලද සැනසුමද අපමණයි එදා                            සිට
ලද දේද අපමණයි සන්‍යයයි                          ඉගෙනුමට
පිය නගන ගමන් මග නිවැරදිය අද                    මෙමට
කැප කරමි සුසුම් පොද එකම දෙවි                අල්ලාහ්ට

අම්මා

ජීවන උයන් තෙර පිපි කුසුමකි ඔබ                  නිරන්තර
සුවඳ දෙන මතකයේ සැරි සරන වරින්                       වර
සැම විටම ඔබේ රුව නෙතු පියන් පත්                   අතර
කෙලෙස සැනසෙමිද ඔබ මගෙන් බොහෝ             දුර

දස මසක් කුස තබා වේදනා වින්ද                            කල
ලෙඩ දුකක් හැදුන විට ? නොනිිදා පහන්             කල
සිප් සතර උගත්වා යහමගට මා යොමු                    කල
ස්වර්ගය මැවිය දෙවියන් අම්මේ ඔබ දේපා            මුල

වෙලා ගනී දිනක ඔබ ගිණි                             දැල්ලෙන්
ඒ සිහිවහ හද වැලපෙනවා ඔබ                     වෙනුවෙන්
හදවත පුරවන්න යහපත් සිතු                          විල්ලෙන්
අම්මේ පිළිගන්න මගේ දෙවියන්                     බැතියෙන්

නැමදුම තුලින් මා දෙවියන් හමු වූ                            විට
හදවත නිරතුරුව වැලපෙයි ඔබ                            නමට
සැමවිටම මගේ හද රැුඳි මේ ප‍්‍රාර්ථනා                   වට
දෙවියනි දෙන්න ඊමානය මගේ                           මවට

මානෙල් පෙරේරා ( ආයිෂා)
රවිදා කාන්තා අංශයේ ශිෂ්‍යාව (ස්තූතියි අරුෙණා්දය සගරාව)

 

 

Related Post