Originally posted 2024-04-18 22:18:30.
ඉස්ලාම් හි මූලික ප‍්‍රතිපත්තීන් වශයෙන් සැළකෙන, මුස්ලිමෙකු අවංකව විශ්වාස කළ යුතු කරුණු හය:
පළමුව:
අල්ලාහ් පිළිබඳවූ විශ්වාසය, ඔහු අහස් ගැබන් ඉහළ වැජඹ සිටින බවද, සෑම වස්තුවකම අධිපති බවද. සෑම විෂයක් පිළිබඳ පූර්ණ දැනුම ඔහු සතු බවද, කිසිදු අවශ්‍යතාවක් ඔහුට නැති බවද, සෑම වස්තුවකම ඔහුගේ ශක්තිය වැතිර ඇති බවද, සකල විශ්වයේ නිර්මාතෘ අපේ සවාමියා ඔහු බවද සම්පූර්ණයෙන් විශ්වාස කළ යුතුය. නියත වශයෙන් ඔහුගේ නාමයන්, ගුණාංගයන්, කි‍්‍රයාවන් සර්ව සම්පූර්ණය, ඔහුට භාර්යාවන්, ¥ දරුවන්, දෙමව්පියන් නොමැත. මානව සංහතියේ එකම ස්වාමියා වන ඔහුට සමානව කිසිවෙක් නොමැත. ඔහු හැර අන් සියල්ලන් ඔහුගේ දාසයන්ය.
දෙවැන්න:
මලායිකා (දේව¥ත* වරුන් පිළිබඳ විශ්වාසය, අල්ලාහ්ගේ විශිෂ්ට නිර්මාණයක්වූ මොවුන් සංඛ්‍යාවෙන් අති විශාලය, ශ‍්‍රද්ධාවන්තයින් වන මොවුන් අල්ලාහ්ගේ ගරුත්වයටද පාත‍්‍රවූවන්ය. විශ්වය මත අල්ලාහ්ගේ සෑම නියෝගයක්ම ඔවුන් කි‍්‍රයාත්මක කරන අතර, ශාස්තෘවරුන්ට දේව පණීවුඩ ගෙන ඒමද ඔවුන් සතු කාර්්‍යයක් විය. මිනිසාගේ සෑම කි‍්‍රයාවක්ම නිරීක්‍ෂණය කර සටහන් කරන්නේද ඔවුන්ය.
තෙවැන්න:
දේව පුස්තක පිළිබඳ විශ්වාසය, අල්ලාහ් විසින් ශාස්තෘවරුන්ට, මිනිස් සමාජය යහ මග යවනු පිණීස පුස්තකයන් පහළ කරන ලදි. මූසා (අෙලෙහි* වෙත තව්රාත් පුස්තකයද, ඊසා (අෙලෙහි* වෙත ඉන්ජීල් පුස්තකයද පහළ කළාක් මෙන්, නබි (සල්* තුමන්ට ජිබ්රීල් (අෙලෙහි* මගින් අවසන් පුස්තකය වශයෙන් අල්-කුර්ආනය පහළ විය. මෙය පහළ වීමත් සමග මීට පෙර වූ පුස්තකයන් අහෝසි විය. පෙර පුස්තකයන් විශ්වාස කරන අතර, අල්-කුර්ආනය අනූව පමණක් කි‍්‍රයා කිරීම සියල්ලන්ට අනිවාර්්‍ය වේ.
සිව්වැන්න:
ශාස්තෘවරු පිළිබඳ විශ්වාසය: මිනිසුන් අතරින් තෝරාගනු ලැබු පිරිසකට (වහි* දේව පණිවුඩ අනාවරණය කර, මුළු විශ්වයටම එකම හිමියන්වූ අල්ලාහ්ට පමණක් යාඥා කරන ලෙස සමාජයට පහදා දීමේ වගකීමද ඔවුන්ට පැවරිනි. මෙලොවට එවනු ලැබු ශාස්තෘවරුන්ගෙන් නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා (අෙලෙහිම්* ද ඉතා වැදගත් ¥තවරු වේ. පෙර පැමිණි සෑම ශාස්තෘවරයෙක්ම විශ්වාස කළ යුතු අතර, අවසන් හා මුළු මානව සංහතියටම ශාස්තෘවරයා වශයෙන් තෝරාපත් ගනු ලැබු, කුෙරෙෂ් ගෝත‍්‍රයෙහි, අබ්දුල්ලාහ්ගේ පුත‍්‍රයෙකු ලෙසින් උපත ලද ”මුහම්මද් නබි (සල්* තුමන්” ගෙන හැර දැක්වු දේ පමණක් පිළි පැදිය යුතුය.
අවසන් ශාස්තෘවරයා හා ඊසා (අෙලෙහි* අතර වසර හය සීයක කාල පරාසයක්ද විය.
පස්වැන්න :
අවසාන දිනය පිළිබඳ විශ්වාසය, අල්ලාහ් සෑම මිනිසෙක්ම මරණින් පසු යළි නැගිට්ටුවා, ඔවුන් විනිශ්චයකට ඇතුල් කර ඔවුන්ට ප‍්‍රති ඵල ලබාදෙයි. ඔහුට අවනතව ජීවත්වූවන් ස්වර්ගයටද, ඔහුට අවනත නොවු (ප‍්‍රතික්ෂේප කරුවන්* නිරයෙහි ගින්නටද පිවිසෙයි. සදාතනිකවූ එම ජීවිතයට මරණයක් හෝ අවසානයක්් නොමැත. (යා අල්ලාහ්! මෙලොව හා මතුලොව ජීවිතය අපට යහපත් කරනු මැනව, නිරයෙහි දඬුවමෙන්ද අපව මුදවනු මැනව*.
සයවැන්න :
හොඳ හා නරක පෙර මිණුම අනූව සිදුවන බව විශ්වාසය, විශ්වය හා විශ්වයේ නිර්මාණයන්ට ප‍්‍රථම එහි පැවැත්ම, ආයුෂ කාලය පිළිබඳ සදාතනිකවු අල්ලාහ් තීරණය කළේය. කෙනෙකු අල්ලාහ් විශ්වාස කිරීම, ප‍්‍රතික්ෂේප කිරීම, කෙනෙකුට කරදර, පීඩාවන් පැමිණීම, දෛනික ජීවිතයේ අවශ්‍ය තාවයන් ඉෂ්ටවීම, කෙනෙකු ජීවත් වීම, මරණයට පත්වීම මේ ආදි සියල්ලක්ම සර්ව පාලක අල්ලාහ්ගේ කැමැත්ත පරිදි සිදුවේ. මෙ ලොව අංශු මාත‍්‍රයක සිදුවීමක් හෝ ඔහුගේ පෙර මිණුම අනූව මිස සිදු නොවෙයි. මෙ ලොව සෑම සි¥වීමක් පිළිබඳවම සටහන් පොතේ සඳහන් වී ඇත. ඔහුගේ පෙර මිණුම අනූව මිනිසාට හොඳ හා නරක තෝරා ගැනීමේ බුද්ධ්යද, අවස්ථාවද උදාකර දී ඇත.
ස්තූකියී යා යුතු මග ෙවබි අඩවිය
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

