Originally posted 2024-05-04 06:27:13.

අල්ලාහු ෙදවියන්
තවිහීද් නමි ඒක දේව ප්‍රතිපත්තිය යනු කෙනෙක් මුස්ලිමිවරයෙකු වීමට,ස්වර්ගයට පිවිසීමට අනිවාර්යෙන් තිබිය යුතු දෙයකි.නමුත් මේ පිළිබදව මනා වැටහීමක් නොමැති විට අපි නොදැනුවත්වම මේ විෂයෙහි ලා වැරදි සිදු වීමටත් එයින් අපේ ස්වර්ගයේ ගමනට බාධා ඇතිවීමටත් බොහෝ ඉඩ කඩ ඇත.Dr.Abu Ameenah Bilal Philips විසින් “තවිහීද්” නමි ග්‍රන්ථයෙන් මේ විෂයෙහි ලා අපි ලබා ගත යුතු මූලික දැනුම ලිපි මාලාවක් ඔස්සේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමි.මෙයින් ඔබට ලැබෙන දැනුම තුළින් ජීවිතයේ වෙනසක් කළ යුතුව ඇත් දැයි සොයා බලා අල්ලාහ් වෙනුවෙන් එය සිදු කර ස්වර්ගයේ මාර්ගයේ තමා සිටින්නේ දැයි ස්වයං පරීක්ෂණයක් සිදු කර ගන්නා මෙන් ආදරණීය ඇරයුමක් කරමි.
තවිහීද් යන වචනය වනාහි අරාබි භාෂාවේ “වහදා” යන ක්‍රියා පදයෙන් සමිභවය වූවකි.මෙහි සැබෑ අර්ථය ඒකීයත්වය ලබා දීම හෝ එක්සේසත් කිරිම ලෙස ගත හැක.මේ අනුව මෙහි පොදු අර්ථය ලෙස ඒකීයත්වය ලබා දීම,එක්සත් කිරීම හා තහවුරු කිරීම යන අර්ථයන් ලබා දිය හැකියි.නමුත් මේ වචනය අල්ලාහ් සමිබන්ධව “තවිහීදුල්ලාහ්” යනුවෙන් යොදා ගන්නා විට එහි අර්ථය අල්ලාහ් දෙවියන්ව නිවැරදිව හදුනාගෙන,ඔහුගේ ඒකීයත්වය ආරක්ෂාකර,අල්ලාහ් සමග සෘජුව හෝ වක්‍රව සමිබන්ධ වන මිනිසාගේ සෑම ක්‍රියාවකම අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු වන පරිදි කටයුතු කිරීමයි.මේ විශ්වාසය වනාහි නැමදීමට සුදුස්සා දෙවියන් අල්ලාහ් පමණක්ය.ඔහුගේ පෞරුෂත්වයේ හෝ ඔහුගේ ක්‍රියාකලාපයන්වල හෝ (රුබූබිය්යා) ඔහුගේ ස්වභාවය හා ක්‍රියාකලාපයේත් (අස්මා වස්සිෆාත්) ඔහුට සම කළ හැකි කිසිවක් නැත යන්නත් දේවත්වයෙහිද නැමදීමෙහිද ඔහුට විරුද්ධ විය හැකි කිසිවෙක් නැත යන දැඩි ස්ථීර අධිෂ්ටානයක සිටින්නා වූ විශ්වාසයකි.
තවිහීද් යන සංකල්පයෙහි අප හඳුනා ගන්නා කොටස් තුන වර්ග කරන්නේ ඉහත සඳහන් කළ ලක්ෂණ පදනමි කරගෙනය.මෙසේ වර්ග කරනු ලැබූවත් මේ තුනම එකිනෙක හා දැඩිව බැදී වෙන් කළ නොහැකි තරමට සමීපව පවතින නිසා කෙනෙක් මේ තුනෙන් ඉන් එකක් හෝ පිළිපැදීමට අපොහොසත් වුවෙහාත් එය කවිහීද් යන්න මුළුමනින්ම පිළිපැදීමට අපොහොසත් වූවක් බවට පත් වෙයි.මෙම රුබූබියාහ්,අස්මා වස්සිෆාත්,ඉබාදත් යන කරුණුවල එකක් පමණ මගහැරියත් නැතිනමි ඊට හාත්පසින්ම වෙනස් යමක් පිළිපැද්දත් එය ශිර්ක් හෙවත් දෙවියන් අල්ලාහ්ට යමක් සම කිරීම යන තත්ත්වයට පත්වෙයි.
01.තවිහීද් අර්රුබූබියියා දෙවියන් අල්ලාහ්ගේ ස්වීයත්වය (සර්ව බලධාරී පෞරුෂත්වය විහ්වාස කිරීම)
02.තවිහීද් අල්අස්මා වස්සිෆාත් (දෙවියන් අල්ලාහ්ගේ අලංකාර නමිවලත් ඔහුගේ ගතිගුණ ලක්ෂණයන්ගේත් ඔහුට සමාන කළ හැකි කිසිවක් නැති බව විශ්වාස කිරීම)
03.තවිහීද් අල්ඉබාදා නැතහොත් තවිහීද් අල් උලූහියියා (නැමදීමට සුදුස්සා දෙවියන් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැති බව තහවරු කරන පරිදි ක්‍රියා කිරීම)
තවිහීද් නමි වන ඒක දේව වාදයේ හරය ඉහත සඳහන් කළ ආකාරයෙන් බෙදා දැක්වීමේ අවශ්‍යතාවක් මුහමිමද් (එතුමාට දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාට හෝ එතුමාගේ අනුගාමිකයින්ට හෝ ඇති නොවීය.ඒ මන්දයත් මෙවන් මූලික විශ්වාසයක් මෙතරමිදුරට විශ්ලේෂණය කොට හැදෑරීමේ අවශ්‍යතාවක් ඒ කාලයේ පැන නොගැනීමයි.එනමුත් මේ විෂයෙහිලා වූ සෑම මූලධර්මයක්ම උතුමි ශුද්ධ වූ අල්කුර්ආනයෙත් නබි වදන්වලත් ඒවාට සහාබාවරුන් ලබා දුන් විවරණයන් වලත් දැකිය හැකිය.මෙම අංග තුන පිළිබඳ තවත් ගැඹුරින් අධ්‍යනය කරන විට ඔබට ඒ පිළිබඳව මනාව වැටහෙනු ඇත.
පරිවර්තනය උමිමු උස්මාන්
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
