Originally posted 2024-02-29 20:09:02.
ශුද්ධ වූ ‘බයිතුල් මුකද්දස්’ නම් වූ දේවස්ථානය පලස්තීනයේ ‘ජෙරූසලම්’ නම් නගරයේ පිහිටා තිෙබි. ඒ දේවස්ථානය හා ෙමම ෂඃබාන් මස සමිබන්ධව ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවට වැදගත් වන්නේ ඇයිද? යන කාරණය පිලිබදව කෙටියෙන් මෙහිදී විමසා බලන්නේ නම්,
එය ශුද්ධ වූ නබිවදනක් මෙසේ අවධාරණය කරයි.
අබූදර් (රලි) තුමාණන් වරක් නබිතුමාණන්ගෙන්, ‘නබිතුමණි!, මේ පොළොව මත ප්‍රථමයෙන් ඉදිකරන ලද දේවස්ථානය කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය මක්කාවේ පිහිටි අල් මස්ජිදුල් හරාම් (කව්බාව)‘ යනුවෙන් පිලිතුරු දෙන ලදී. එවිට අබූදර් (රලි) තුමා, ‘ඉන්පසු කුමක්ද?’ යයි නැවත විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය අල් මස්ජිදුල් අක්සා (හෙවත් බයිතුල් මුකද්දස්)’ යයි පවසන ලදී. ඉන්පසු අබූදර් (රලි) තුමා ‘මේ දේවස්ථාන දෙක ඉදිකල කාලයන් අතර පරාසය කොතරම්ද?’ යනුවෙන් නැවතත් ප්‍රශ්න කලවිට එය ‘වසර 40 ක්’ යනුවෙන් නබිතුමාණන් පිලිතුරු දෙන ලදී…මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
ඉහත ශුද්ධ වූ නබිවදනට අනුව බයිතුල් මුකද්දස් ඉස්ලාමීය ලෝකයට ඉතිහාසමය වශයෙන් කොතරම් වැදගත් වනවාද? යන්න ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම දේවස්ථානය මුස්ලීම් සමාජයට වැදගත් වන්නේ එහි ඉතිහාසමය වටිනාකම නිසාම පමණක් නොවේ. එය ආගමික වශයෙන් ද ඉතා වැදගත් තැනක් උසුලයි. ඒ පිලිබදව කෙටි කරුණූ දැක්වීමක් කරන්නේ නම්,
මුස්ලීම්වරුන්ගේ ‘කිබ්ලා’ (දේව වන්දනයේ නිරත වන මොහොතේ මුහුණලා සිටින දිශාව) ලෙස ආරම්භයේ පැවතුණේ මෙම ‘අල්-අක්සා හෙවත් බයිතුල් මුකද්දස්’ දේවස්ථාන යයි. නබිතුමාණන් මාස 16 හෝ 17 ක කාලයක් මෙම දේවස්ථානය දෙස හැරී ‘සලාත’ (දේව වන්දන)යේ නිරත වූ අතර පසුව එය ‘මස්ජිදුල් හරම්’ ලෙස වෙනස් කරන ලදී’ යනුවෙන් ෆරාවු බින් ආසිෆ් (රලි) තුමා දන්වයි.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
(وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَهُ
لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلاَّ الَّذِينَ ظَلَمُواْ مِنْهُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلأُتِمَّ نِعْمَتِي
عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ ) البقرة150
තවද ඔබ කුමන බැහැරක සිටියත් ඔබෙග් මුහුණ මස්ජිදුල් හරාමි ෙවත ෙයාමු කරන්න, (මුස්ලිමිවරුනි!) මිනිසුන් අතරින් අසාධාරණ ජනයා හැර අෙනක් අව නුඹලාට විරුද්ධව තර්ක ෙනාකරනු පිණිස ඔබලා ෙකාතැනක සිටියත් සලාතෙය්දී ඔබලාෙග් මුහුණ ඒෙදසට ෙයාමු කරන්න, ඒම නිසා ඔවුන්ට බිය ෙනාවන්න, මටම බියවන්න,ඒවිට ඔබලාට පිරිනමන මාෙග් අනුග්රහය සමිපූර්ණ කළ හැකි ෙවි, ඔබලාටද සැබෑ සාර්ථකත්වයට මාර්ගය ෙසායාගත හැකිවනු අැත (සූරා බකරා 150)
නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘(මක්කා නම් නගරයේ පිහිටි) මස්ජිදුල් හරම්, (මදීනා නගරයේ පිහිටි) මස්ජිදුල් නබවි හා (පලස්තීනයේ ජෙරූසලම් නගරයේ පිහිටි) මස්ජිදුල් අක්සා (හෙවත් බයිතුල් මුකද්දිස්) යන දේවස්ථාන තුන හැර කුසල් අපේක්ෂාවෙන් වෙනත් කිසිදු දේවස්ථනයකට ගමන් කිරීමට මුස්ලීම්වරුන්ට අවසර නැත. මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
ඉහත නබිවදන් දෙක හොදින් විමසා බලන්නේ නම් පලස්තීනයේ ජෙරූසලම් නම් නගරයේ පිහිටි අල් අක්සා දේවස්ථානය මුස්ලීම්වරුන්ට ආගමික වශයෙන් කොතරම් පූජනීය ස්ථානයක් හිමිව තිබෙනවාද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
