Originally posted 2024-04-02 14:41:57.
ජාබිර් : අස්සලාමු අෙලෙකුම්, නලීම්
නලීම් : වඅෙලෙකුමුස්සලාම් වරහ්මතුල්ලාහ්, ජාබිර්
ජාබිර් : නලීම් අද ඔයා පංතියට නාවේ මොකද?
නලීම් : ඊයේ බ‍්‍රහස්පතින්දා නේ, අපි හැමෝම ? මුහුදට ගියා ආපසු එන විට පරක්කු වුණා, ඉතින් පංතියට නෑවිත් උදේ පොඞ්ඩක් නිදා ගත්තා.
ජාබිර් : අද අපේ පංතියට සුවිශේෂ පුද්ගලයෙකු පැමිණියා, එතුමා උගතෙක්, හොඳ කථිකයෙක්, එතුමා විශේෂ කථාවක් කළා, ශිෂ්‍යයන් වන අපට අවශ්‍ය අගනා වැදගත් කරුණු රාශියක් සඳහන් කළා.
නලීම් : එහෙමද? මට කදිම අවස්ථාවක් මග හැරුණා නේද? එතුමා කී කරුණු ටිකක් කරුණාකර මටත් කියා දෙන්නකෝ.
ජාබිර් : බයවෙන්න එපා,මගේ මතකය පමණින් කෙටියෙන් කියන්නම්,හොඳට අහගන්න.
නලීම් : අනේ ඉක්මනට කියන්නකෝ මෙතන වාඩිවෙලා.
ජාබිර් : එතුමා කථා කළේ හොඳ සිරිත් විරිත් කියන මාතෘකාව යටතේ, මුලින් ම කීවේ හැම දෙනාම ආදරයෙන්, කරුණාවෙන් දයාවෙන් ආශ‍්‍රය කළ යුතු බවයි, කිසිම සතෙකුට පවා හිංසා නොකළ යුතු බවත් අවධාරණය කරමින් කථා කළා.
නලීම් : නියමයි නේ , අපි වගේ ශිෂ්‍යයින්ට අනිවාර්්‍යයෙන්ම දිය යුතු උපදේශයක් තමා ඒ, ජාබිර් ඔයා දන්නවාද? අපේ අල්ලපු ගෙදර අයියා කෙනෙක් අහිංසක පූසෙකුට ගලකින් ගහලා හැමවෙලේම ඌට කරදර කරනවා,
ජාබිර් : හැබෑද නලීම්? අනේ පව්, ඒ පඬිවරයා ඒ ගැනත් කීවා, එක්තරා ස්ත‍්‍රියක් බළලෙකු බැඳ දමා කෑම නොදී සිටියාලූ, ඒ හේතුවෙන් ඇය අපා ගත වූවා යි කියා මුහම්මද් නබි (සල්* තුමා පවසා ඇති බව එතුමා කීවා,
නලීම් : දෙවියන් අල්ලාහ්ගේ රැුකවරණය සියල්ලන්ටම ලැබේවා.මෙවැනි නපුරු ක‍්‍රියා අපි කිසිම දවසක නොකළ යුතුයි, මිනිසුන් හට මෙන්ම සතුන්,පක්ෂීන් වැනි කිසිම සතෙකුට නපුරක් නොකළ යුතුයි, එහෙම කළා නම් පරලොව දී අත් වන්නේ අපාය නේද?
ජාබිර් : එහෙමයි නලීම්.ගෙදර දොර දී අපි හැසිරිය යුතු ආකාරය එතුමා විස්තර කළා.
නලීම් : මොනව ද කිව්වේ?
ජාබිර් : නිවසේ දී අම්මට ,තාත්තට කීකරුව ඔවුන්ට ගරු කරමින් ක‍්‍රියා කළ යුතුයි, දෙමව්පියන් අප සමග කෝප වන තරමට අපි ක‍්‍රියා නොකළ යුතුයි, ඔවුන් කෝප වුනා නම් අල්ලාහ් ද කෝප වන බවත් ඔහු කීවා.
නලීම් : හැබෑද? දෙවියන් අල්ලාහ්ගේ කෝපයට ලක් වීම මොන තරම් වරදක්ද? දෙමාපියන් අප සමග කෝප වන තරමට කිසිම වැඩක් නොකළ යුතුයි, තව මොනව ද කිව්වේ?
ජාබිර් : නලීම් ඔයාට ඇහෙනවාද? මජීද් මාමා මග්රිබ් සලාතයට අදාන් කියනවා, අපි දැන් මස්ජිදයට ගිහිං සලාතය කරලා කුර්ආන් පංතියට යමු, ඉන්ෂා අල්ලාහ් හෙට මම ඔයාට දේශනාවේ ඉතුරු කොටස කියන්නම්,
නලීම් : ජාබිර් ඔයා නම් මට අද ලොකු උදව්වක් කළේ බොහොම ස්තූතියි ජ‘සාකල්ලාහු හයිරන්, එහෙනම් අපි ඉක්මණට ගිහිල්ලා සලාතයට දෝවනය කරගෙන සාමූහිකව සලාතය ඉටු කරමු.
ජාබිර් : එන්න එන්න යමු.
දේශනාවේ ඉතිරි කොටස ලබන කලාපයේ බලන තුරු අස්සලාමු අෙලෙකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.
අබූ අහ්මද් – කුවෙයිට් (ස්තූතිය අරුෙණා්දය සගරාව)
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

