මා හඳුනා ගත් ඉස්ලාමය new muslim

අබ්දුර් රහීම්, බොරලැස්ගමුව.

7පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

දයාබර වැඩිහිටියනිæ සහෝදර, සහෝදරියනිæ මම 2005-01-05 දින සවුදි රාජ්‍යයට පා තැබූ කෙනෙකි. මාගේ නිවසේ උග්‍රව පැවතුනු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අරමුණින් විදේශ ගතවූ මට, කබලෙන් ලිපට වැටෙන්නා සේ මාස තුනක් ගතවීමට පෙර මාගේ පියාණන් මෙලොවින් සමුගත්තේය. මෙය මට ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. මාගේ පියාණන්ගේ අවසන් කටයුතු වලට සහභාගිවීමට උත්සහ කළද මා වැඩ කරන සේවා ස්ථානයෙන් මට අවසරයක් නොලැබුනි. මේ අයුරින් විවිධ දුක් කම්කටොළු මැද්දේ ජීවිතය ගත කරමින් සිටින විට, මුස්ලිම් ආගමිකයින්ගේ සුවිශේෂී කාල පරිචේඡේදයක් වූ රමÞන් මාසය උදාවුනි. මෙම කාලය තුළ මගේ සිත තුළ පහළ වූ සිතුවිල්ලක් නම්, මාගේ ජීවිතයෙහි මා මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට අල්ලාහ් දෙවියන්ගෙන් පිහිට පැතීමයි. ඒ අනුව මා අල්ලාහ් දෙවියන්ගෙන් මාගේ මෙම ප්‍රශ්ණ හා දුක්කම්කටොළු නිරාකරනය කර දෙන මෙන් ඔබ වහන්සේගේ උදව්ව හා පිහිට පතමි. තවද මාගේ ජීවිතයේ පැහැදිළි වෙනසක් උදාකර දෙනු මැනවි, එසේ වූවොත් මම ඔබ වහන්සේගේ මග ඔස්සේ ගමන් කරමි යනුවෙන් අධිශ්ඨාන කර රමලාන් මාසයේ උපවාසයේ යෙදුනෙමි.

අල්හම්දු ලිල්ලාහ් (සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය) රමලාන් මාසයේ නිමාවත් සමග මාගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවිය. අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් දුක් කම්කටොළු පහව ගොස් තිබුනි. ආර්ථීක අපහසුතා විසඳී තිබුනි. තවත් පැහැදිළි වෙනසක් වුනි. එනම් රියාල් 270 වක පඩියට සවුදියට පැමිණී මට මාසික ආදායම රියාල් 1000 දක්වා වැඩිවී තිබුණි. සැබවින්ම මෙය අල්ලාහ් දෙවියන්ගේ ශක්තියයි. පසුව මට ඉස්ලාම් ධර්මය ඉගෙන ගැනීමේ ආශාව ඇතිවිය. ඒ අනුව මිතුරෙකුගේ උදව්ව උපකාරය මත පොත්පත් ගෙන කියවන්නට පටන් ගත්තෙමි. ඒ අනූව ඉස්ලාම් ධර්මය ගැන විශාල පැහදීමක් හා විශ්වාසයක් ගොඩ නැගුනි.

අනතුරුව මම 2005- 11- 16 වැනි දින —අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු˜ (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් (සල්) අල්ලාහ් විසින් එවන ලද ශාස්තෘවරයකු බවත් මා ප්‍රතිඥා දෙමි) යන ප්‍රකාශයෙන් පසු මුස්ලිමෙකු වශයෙන් ජීවිතයෙහි නවක පිටුවක් පෙරලූවෙමි. දයාබර සහෝදර සහෝදරියනිæ අද මා ජීවිතයේ සාර්ථතකත්වයක් ලබා සිටිමි. අධ්‍යාත්මිකව මට තෘප්තියක් ලැබී ඇත. මට නිවැරදි මග ලැබුනු බව මා තුළ දැඩි විශ්වාසයක් ඇත. මා මීට පෙර මුහුණ දුන් ප්‍රශ්න කෙසේ නිරාකරණය වුනේද යනු මටම සිතා ගත නොහැක. සැබැවින්ම සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිවේවාæ, මාගේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න නිමවී ඇත. ගත කළාවූ පීඩාකාරී ජීවිතයට අද නව පනක් ලැබී ඇත. මංමුලා වී සිටී මට නිවැරදි මග කියා දුන් අල්ලාහ් ඔබ වහන්සේට සියළු ප්‍රශංසා හිමිවේවාæ අද මා විශ්වාස කරමින් සිටින්නේ මිනිසුන් විසින් මනඃකල්පිතව ඇති කරගත් දෙවිවරුන් හෝ මිනිසුන් විසින් අඹාගත් ප්‍රතිමාවන් හෝ නොවේ. සත්‍ය වශයෙන්ම මෙම විශ්වයේ මැවුම් කරු හා පාලකයා හා ශාස්තෘවරුන් යවා මානවයටා නිවැරදි මග පෙන්වූ එකම දෙවියන් වන අල්ලාහ්ට පමණයි මා යාඥා කරන්නේ.

සහෝදරæ සහෝදරියනිæ මුස්ලිමෙකු වශයෙන් ඉටු කල යුතු ඉතා වැදගත් යාඥා අතුරින් එකක් නම්, අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීම පිණිස ප්‍රථමයෙන් ඉදි කරන ලද ශ=ද්ධවූ කඃබාවට ගොස් උම්රා, හජ් වැනි යාඥාවන් ඉටු කිරීම වේ. ලෝකයේ වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් වරුන් එම ස්ථානයට ගොස් හජ්, උම්රා වැනි යාඥාවන් ඉටු කිරීමේ ආශාවෙන් පසුවෙති. නමුත් එම අවස්ථාව සෑම මුස්ලිමෙකුටම උÞනොවන්නේය. නමුත් මට අල්ලාහ්ගේ දයාවෙන් එම අවස්ථාවද මාගේ ජීවිතයේ උÞවුනි. එය මට මාගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවකි. මා තුන් වරක් උම්රා යාඥාවද, එක් වරක් හජ් යාඥාවද ඉටු කළෙමි. සැබැවින්ම මෙය අල්ලාහ් දෙවියන් මා කෙරෙහි දැක්වූ විශේෂ කරුණාවයි.

මාගේ දයාබර සහෝදරæ සහෝදරියනිæ ඔබලාට මාගේ පණිවුඩය නම්:

ආගමක් දිහා මතු පිටින් බලා හෝ, සමහරුන්ගේ වැරදි ප්‍රචාරයන් පදනම් කරගෙන හෝ එහි හොඳ නරක මැනිය නොහැක. එබැවින් එම ආගම හොඳින් අධ්‍යයනය කරන්න, එහි ඇති ඉගැන්වීම් මැනවින් කියවා බලන්න. ඉන් පසු තීරණයකට එළඹෙන්න.

ප්‍රිය සහෝදරæ සහෝදරියනිæ බටහිර මාධ්‍යයන් කරන පදනම් විරහිත ප්‍රචාරයන් මත සිට ඉස්ලාම් දිහා නොබලන්න. ශ=ද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කරන්න, මහත්මා චරිතයක් වූ අවසන් ශාස්තෘවරයානන් වන (මුහම්මද් නබි තුමන්ගේ) ජීවිතය කියවන්න. ඒ තුළින් ඔබට නිසැකවම සත්‍ය අවබෝධ වනු ඇත.

Related Post