මිනිස් ඇසට ආවරණව ප්‍රචාරය ඇරඹී සත්‍යයේ කතා පුවත මිනිස් ඇස් වලට නිරැවත්ව දසත පැතිරෙන්නට විය.දුහුවිල්ල සමග හාදවුනු ගිනියමි දරදඬු සුලඟ මෙන් මෙකී කතාව සුනුවිසුනු කරන්නට නොමිනිස් අවි එසවීමද ඒ සමගම ආරමිභ වන්නට විය.එහෙත් රතු ලෙයින් තෙත්ව නොව දහදිය…කඳුළු…ඉවසීමි…අපමණක් කැපකිරීමි…දරා ගැනීමි මධ්‍යයේ සත්‍යය රැගත් පුවත අවකාශයේ විසිර යන්නට විය.
සමිමුතිය වෙනුවෙන් පැතූ එකඟතා සියල්ල ප්‍රතික්ෂේප වෙද්දී පුද්ගලිකව මෙන්ම තම පරිවාර සේනා මුහුණ දෙන වේදනා දැක සිත කමිපාකරගත්තා වූවද සැබෑ නායකත්වයේ උදාර ගති ලක්ෂණයන් හෙබි නායකයාණෝ තැබූ පියවර කිසිවිටකත් පසුපසට නොගත්හ.හදවත සැලිණ.නොමිනිස්කම එතරමි දැඩිවිය.සතුරා සීමා රහිතව වදහිංසා පමුණුවන්නට විය.තම මග ගත් අහිංසක ජනයා තාඩන පීඩන වලට ලක්ව අසරණ වන්නට විය.එහෙත් සැබෑ නායකත්වය යටතේ දුක් වේදනා අභියස වූවද පිරිවර සේනා ශක්තිමත්ව නැගී සිටීමේ පන්නරය ලබන්නට විය.
ශාප කිරීමි…පහරදීමි…ජීවිත හානියට උත්සාහ කිරීමි ආදී කී නොකී සියළු ආකාරයෙන්ම සත්‍යයේ පුචාරය නවතාලන්නට සතුරු උත්සාහ දින දින වැඩිවෙත්ම සිත තව තවත් සත්‍යයේ මග වෙනුවෙන් කැපවෙන්නට විය.මෙකී මග විශිෂ්ඨ චින්තනයට උදාහරණ ඉතිහාසයට ගෙනෙන නායිෆ් නගරයේදී සිදුවූ සිදුවීමි අදටද ස්වර්ණමය වේ.තායිෆ් හිදී ඉහිලූ වේදනාවන් වෙනුවෙන් තායිෆ් දෙපස කඳු එකට එක් කර තායිෆ් වනසන්නට විමසූ විටද රපමණක් හැකිකමි මැදද මිනිස්කමත් තම අරමුණ පිළිබඳ වූ විශ්වාසයත් දෙවෙනි නොකර ලදහ.අද නොවූවද දිනෙක සත්‍යය ලොව දිග්විජය කල දින තම දෙවිඳුන්ට පමණක් හිස නමන්නට සිටින මේ පිරිසට මරණය කැඳවන්නට තරමි දුකින් සසැලී ගිය හිතට නොමිනිස් හැඟුමි පහළ වූයේ නැත.ඒ තම අරමුණ කෙරෙහි වූ සැබෑ පවිත්‍ර මානුෂියවාදී චින්තනය නිසාය.
තම දෑත් ශක්තිමත් කරමින් පරිවාර සේනාවට එක් වූ බිලාල් (රලි) තුමා,උස්මාන් (රලි) තුමා,අමිමාර් බින් යාසිර් (රලි) තුමා සහ දෙමාපියන් මෙන්ම සුමෛයා (රලි) තුමිය ඇතුළු සමකාලීනව සත්‍යයේ මග ගත් ස්ත්‍රී පුරුෂ අසරණ මිනිසුන් සියල්ලෝසත්‍යයේ මග ප්‍රතික්ෂේප කරන තෙක් දරුණු වදයන්ට ලක් විය.එනිසාම ජීවිතයද අහිමිවිය.එහෙත් සිතින් විශ්වාස කර මුවින් පැවසූ සත්‍ය ඔවුන් කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකළේය.දිවි දෙවෙනි කර සත්‍යයේ මග ස්ථාවරව සිටින්නට විය.ලේ කඳුලු ගලා හැලෙන්නට විය.එහෙත් ස්ථාවරය සතුරා වෙනුවෙන් බිඳ හෙළුවේ නැත.සත්‍ය වෙනුවෙන් ලේ කඳුළු මැදින් ස්ථාවර වන තම සමූහය ආශිර්වාදයක් කර ගත් විශිෂ්ඨ නායකයාණෝ සත්‍ය රැගෙන රටින් රට දූත මෙහෙය නොනවත්වා පවත්වා ගෙන යන්නට වූහ.
ජීවිතය අවතැන් කර නොගත් තමා ලද හයමග තමාට යහමග දායාද කළ සර්වඥයාණන් වෙනුවෙන් සමස්ථ ලෝ සිසාරා පතුරුවන්නට වෙර දරන අග්‍රගණ්‍ය දූතයාණන් පිරිවර සමග ලෝකය දිග්විජය කරන්නට විය.සතුරු අවියෙන් මියදුණු ජීවිත,ලෙයින් කඳුලින් වේදනා ලද සිරුරඅ මේ සියල්ල මැද නොසැලුණු අධිෂ්ඨානය එසේ වර්ථමානය තෙක් යහමගෙහි සත්‍ය පණිවුඩය රැගෙන එන්නට විය.
කැපකිරීමි බොහෝය…වේදනා කමිකටොලු අසීමාන්තිකය…දරාගැනීමි අතිවිශිෂ්ඨය…මේ සියල්ල මැද සර්ව පරිපාලකයාගේආශිර්වාදය අතිමහත්ය.මෙකී සියල්ල මැද මානුෂීය හැඟීමි සමුදායක් පොදිබැඳි සදාතන ශාන්තිය රැගත් සත්‍යයේ කතා පුවත වර්ථමානයට දායාද විය.
එහෙත් වර්ථමානයේ අප…අපට ලේ කඳුළු හලා දිනන්නට දෙයක් නොවුවද සත්‍යයේ පුවත වෙනුවෙන් අවැසි අවස්ථාවක නැගී සිටින්නට තරමි අප ස්ථාවරද…?සත්‍යයේ මානුෂීය චින්තනය මධ්‍යයේ අපගේ වර්ථමාන භූමිකාව කුමක්ද…?සහෝදරත්වයෙන් එක්වන්නට අප සූදානමිද…?
දෑත් දිතුකර සියල්ල පතන දෙවිඳුන්ගේ මගෙහි කැපකිරීමි…ඉවසීමි…මෙන්ම පාරිශුද්ධ චින්තනය මතින් අප සතු උදාර නායකයාණන් මග ගන්නට අපි සැබැවින්ම දූදානමිද…?
යහමග ලද මුස්ලිමිවරැනි…සිතන්න…සියල්ල අප සතුය…යුඹ කර දිනන්නට දෙයක් අපට නැත.එහෙත් එක්සත්ව සත්‍යයේ පණිවුඩය අනාගතය වෙනුවෙන් රැගෙන යෑමේ වගකීම අප සතුව ඇත.
සත්‍යයේ කතා පුවතෙහි හිමිකරු මෙකී පුවත සදාකල් සුරකින බැවි සැබෑය.එහෙත් එම පුවත වර්ථමානයටත් අනාගතයටත් ප්‍රචාරය කිරීම වගකීමක්ව අප සතුව ඇත.එනිසා මිනිසුනේ…මුස්ලිමිවරුන් ලෙස අල්ලාහ්ගේආශිර්වාද හෙවනේ එක්සත් වෙමු…වගකීමි ඉටු කරන්නට පෙළගැසෙමු..
දිනක මුස්ලිමිවරයෙකු ලෙසින් පමණක් නොව දෙවිඳුන් වෙනුවෙන් වගකීමි ඉටුකල සැබෑ මුස්ලිමිවරයෙකු ලෙසින් මිය යමු…
ඉතින් එන්න…එක්ව පතන්නට පැතුමක්…ස්වර්ගයේ සිසිලස ගැන…ඔබට මට පමණක්ම නොව…අද උපන් මෙන්ම අද නූපන් හෙට උපදින හැමටම…
අරුණෝදය සඟරාව