අබූ උමාමා රළියල්ලාහු අන්හු තුමා වාර්ථා කරයි:එක්තරා තරුණයෙක් මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්විදය අත්වේවා) නබිතුමා වෙත පැමිණ,“අල්ලාහ්ගේ දූතයාණනි!දුරාචාරයේ නියැලීමට මා හට අවසර දෙනු මැනව” යැයි විමසා සිටියේය.එසැණින්ම,එහි රැස්ව සිටි පිරිස “ඇති ඇති නවත්තගන්න” යැයි තරයේ හෙළා දැක ඔහුව වැළකූහ.එවිට,නබිතුමාණෝ “ඔහුට මා වෙක සමීපව පැමිණෙන ලෙස පවසන්න” යැයි ප්‍රකාශ කළහ.එසැණින්ම,ඔහු නබිතුමා වෙත සමීප විය.එවිට,අසුන්ගන්න යැයි නබිතුමාණෝ පැවසූහ.එසැණින්ම,ඔහු අසුන් ගත්තේය.පසුව,නබිතුමාණෝ “නුඹගේ මව සමග දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි විචාළේය.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකමැත්තමි.කිසිදු පුද්ගලයෙකු තම මව සමග එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ” යැයි එම තරුණයා පැවසුවේය.
“නුඹගේ ගැහැණු දරුවන් සමග දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම දියණියන් සමග දුරාචාරයේ නියැලීමට අකැමති වේ.” යැයි එම තරුණයා පැවසුවේය.“නුඹගේ සහෝදරියන් සමග දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම සහෝදරියන් සමග එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ” යැයි එම තරුණයා පැවසුවේය.
“නුඹගේ පියාගේ සහෝදරියන් සමග දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරිමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම පියාගේ සහෝදරියන් සමග එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ.” යැයි එම තරුණයා පැවසුවේය.“නුඹගේ මවගේ සහෝදරියන් සමග දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ.“ඇත්ත වශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි.කිසිදු පුද්ගලයෙකු තම මවගේ සහෝදරියන් සමග එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ.” යැයි එම තරුණයා පැවසුවේය.එවිට නබිතුමා ඔහු මත දෑත තබා “යා අල්ලාහ්!මොහුගේ පාපයන් ක්ෂමා කරනු මැන,මොහුගේ සිත පවිත්‍ර කරනු මැන,මොහුගේ පතිවත ආරක්ෂා කරනු මැන” යැයි ප්‍රාර්ථනා කළේය.ඉන්පසු එම තරුණයා දුරාචාරය දෙස හැරී බැලුවේ වත් නැත. (මූලාශ්‍රය : මුස්නද් අහ්මද්)
තරුණ සහාබිවරයෙකුගේ හදවත සැකසීමේ දී අල්ලාහ්ගේ දූතයාණන් වන මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණෝ ගත් ප්‍රයත්නය මෙම හදීසයෙන් පැහැදිලි කෙරේ.මෙය හුදෙක් සහාබාවරයෙකු සදහා වූ ආගමික උපෙද්ශයක් නොව,එතුමා පැවසූ මනෝ උපෙද්ශනයක් වේ.
තාරුණ්‍යෙය් වසන්තය ඉස්මතු වන වකවානුවේ තම හැඟීමි උද්වීපනය වීමේ වේගය පාලනය කරගැනීමට නොහැකිව නබිතුමා අභියස දුරාචාරයේ නියැලීම සඳහා අනුමැතිය කෙනෙකු ඉල්ලා සිටියි.මෙය අශීලාචාර,විනය විරෝධි ක්‍රියාවක් යැයි සලකනු ලැබ,ඔහු හෙලා දකිනු ලබයි.නමුත් නබිතුමා වෙනත් ස්ථාවරයක සිට,ඔහුව රෝගියෙකු ලෙස සලකා බලපෑමට ලක් වූ ඔහුගේ සිතට ප්‍රතිකාර කිරීම සඳහා මැදිහත් ව තැලී පොඩි වී ගියා වූ සිත ක්‍රමක්‍රමයෙන් ගොඩ නැගුවේය.වර්ථමාන ලෝකයේ “මනෝ උපෙද්ශනය” යැයි සලකනු ලබන්නේ මෙයමය.
රෝගයකින් සිරුර බලපෑමකට ලක්වන්නා සේ සිත ද බලපෑමකට ලක් වේ.රෝගාතුර වූ සිත කමිපන චිකිත්සාවෙන් සුවකළ නොහැක.දැඩි ක්‍රියාමාර්ග හා බලකිරීමි වැනි නුසුදුසු ක්‍රම තුළින් මෙම කටයුත්තේ දී කිසිදු ඵලක් නොවෙයි.නබිතුමාණෝ,එම සහාබිවරයාට තම සමීපයට පැමිණෙන ලෙස ඉතා ආදරයෙන් ආරාධනා කළේ එම නිසාය.වෛද්‍යවරයෙකු රෝගියාව තමා අසළ වාඩි කරවා විමසන්නා සේ නබිතුමාණෝ එම සහාබිවරයාගෙන් තාර්කික ලෙස,විවාහ වීමට තහනමි කරන ලද මහ්රමි වූ ඥාතීත්වයන් එකිනෙක ඔහුට සිහිපත් කර දුන්හ.මෙවැනි ඥාති ස්ත්‍රීන් සමග දුරාචාරයේ යෙදීමට මිනිස් ස්වභාවය කිසිවිටෙකත් ප්‍රිය නොකරන්නේය යන සාධාරණ පිළිතුර ඔහුගේ මුවින්ම පවසන්නට සලස්වා තැලී පොඩි වී ගිය සිත නැවත ගොඩ නැගූහ.
ප්රබෝධය සඟරාව