අතීතයේ පටන් සමූහිකත්වය පි‍්‍රයකල මිනිසා, එලෙස ජිවත්වීමට උත්සාහ කිරීමේ දී ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සදහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, දාර්ශණීකයන්ගේ දර්ශණයන්, රජවරුන්ගේ රාජ නියෝගයන් පසුකාලීනව දේශපාලඥයන්ගේ දේශපාලන තීන්දු තීරණයන්… යනාදී වශයෙන් විවිධ වූ ක්‍රියාවලීන් ඔවුන් සදහා ක්‍රියාත්මක විය. මේ ආකාරයේ වූ විවිධ මාර්ගයන් හා මගපෙන්වීමන් අතීතයේ සිටම සමාජය තුල දක්නට ලැබුණි. නමුත් ලෝක දියුණුවත් මිනිසාගේ බුද්ධියේ වර්ධනයත් සමඟ මේවා පිලිබදව සමාජය බුද්ධිමත්ව සිතන්නට විය. ඒ හේතුවෙන් සමාජය තව තවත් විවිධ වූ මතවාදයන් හා මතභේදයන් ඔස්සේ බෙදෙන්නට විය. එපමණක් නොව නිවරුදි මාර්ගය සොයාගැනීමේ සංකීර්ණ වු කර්තව්‍යයකට ඔවුනට මුහුණදීමට සිදුවිය. මෙවන් වූ අවස්ථාවේ ඒ මෙහෙවර තම උරට ගෙන ජනතාවට නිවරුදි මාර්ගය පෙන්වාදීමට ක්‍රියා කල මාර්ගෝපදේශනයන්, මගපෙන්වන්නන්ද විවිධ කාලවල දක්නට විය. උදාහර්ණයක් ලෙස මෝසස් තුමා, කන්ෆියුසස් තුමා, ඇරිස්ටෝටල් තුමා, ගෞතම බුදුන්, ජීසස් තුමා සහා මුහම්මද් තුමා යන දී පිරිස සදහන් කල හැක. මෙලෙස පැමිණි සියලූම මඟපෙන්වන්නන් ජනතාව එකම මාර්ගයක නොමෙහෙය වු අතර එම මාර්ගයන් ද විවිධ විය. මෙසේ විවිධ මාර්ගයන් ඔස්සේ ජනතාව ඒ ඒ ශාස්ත‍්‍රවරුන්ගේ මෙහෙයවද්දී එම උපදේශයන් දෙස බුද්ධිමත්ව බැලු සමාජයට මෙය තව තවත් සංකීර්ණ වන්නට විය. අවසානයේ ජනතාව සත්‍ය මාර්ගය, නිවරැදි මාර්ගය සොයාගැනීම සදහා කෙටි ක‍්‍රමයන් අනුගමනය කරන්නට විය. ඉන් ප්‍රධාන කිහිපයක් පවසන්නේ නම්, බහුතරය අනුගමනය කිරීම පැරණ්නන් (තමන්ට පෙර ජීවත් වු පිරිස) ආදර්ශයක් ලෙස ගෙන ඔවුන් අනුගමනය කිරීම උපතින් උරුම වු මාර්ගය තවදුරටත් අනුගමනය කිරීම මේ ආකාරයට යම් මාර්ගයක් තෝරාගෙන මිනිසා එය අනුගමනය කිරීමට උත්සාහ කල ද අනිකුත් මාර්ගයන් හා මගපෙන්වීමන් පිලිබදව මිනිසාට කුතුහලයක් දිගින් දිගටම පැවතුනි. ඒ බුද්ධිමත් මිනිසා මේ වනවිට සෑම කාරණයක් දෙසම සංසන්ධනාත්මකව හා විචාරශීලීව බැලීම හේතුවෙනි. මෙසේ සමාජය බුද්ධිමත්ව සිතන්නට ගත්විට ඒ ඒ ආගමික පුජකවරැන් හා විද්වතුන් ද සංකීර්ණ ගැටළුවලට මුහුණ දෙන්නට විය. තම අනුගාමිකයන් තවදුරටත් තම දහම හෝ දර්ශනය වටා රදවාගැනීම පිනිස විවිධ උපක‍්‍රමයන් ද අනුගමනය කරන්නට ඔවුනට සිදුවිය. එයින් ප‍්‍රධානම උපක‍්‍රමය වුයේ “අනිකුත් මාර්ගයන් ද වැරදි නොවන බවත් සෑම මාර්ගයක්ම මිනිසාව මෙහෙයවන්නේ එකම ඉලක්කයක් කරා“ යන්න පැවසීමත්ය. නමුත් මේවා අදහස් වශයෙන් අලංකාර වුවත් ප‍්‍රායෝගිකව කිසිසේත් විය නොහැක්කක් යන්න බුද්ධිමත් සමාජයට අවබෝධ කරගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවිය. මන්ද සමාජගතව පවතින දහමන් හා දර්ශනයන් හි පැවසෙන මුලික කරුණු පවා එකින් එකට පරස්පරය. එසේ තිබිය දී මේවා සියල්ල එකයි යන තර්කය පදනම් විරහිත කාරණයක් යන්න ඔවුනට මනාව පෙනුනි. මේ අනුව නූතන මිනිසා හමුවේ ප්‍රබල අභියෝගයක් විය. ඒ “මෙවන් තත්වයක නිවරුදි මාර්ගය සොයාගන්නේ කෙසේද?” යන්නයි. ඒ අනුව මෙම කාරණය පිලිබදව බුද්ධිමත් විමසුමක් සිදුකිරීමට යහමඟ අඩවිය හරහා අදහස් කරමි. නිවරැදි මාර්ගයක් එනම් ආගමක් හෝ දර්ශනයක් නිවරැදි ද යන්න අවබෝධ කරගැනීමට නම් ඊට ප‍්‍රථම පැහැදිලි කරගත යුතු කාරණා කිහිපයක් ද ඇත. එනම් තමන් සොයන ඒ සැබෑ වු දහමට හෝ දර්ශනයට තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් කිහිපයක් ඇත. ඒ පිලිබදව ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ නම්. සැමකලටම ප්‍රායෝගික බව පරස්පරතාවයන් ඇති නොවීම එක් ජන කොට්ටඨාශයකට, ගෝත‍්‍රයකට, ජාතියකට හා රටකට පමණක් සීමා නොවීම මනුෂ්‍යාගේ සියලූම ආකාරයේ ගැටඑන් සදහා විසදුම් එහි තිබිය යුතුවීම මිනිසාට පිලිපැදීමට පහසු විය (අපහසුතාවයන් ඇති නොවිය) යුතුවීම ඉහත සදහන් ගුණාංගයන්ගෙන් සපිරුණූ සියළුම දුර්වලතාවයටන්ගෙන් සුවිශූද්ධ වු මාර්ගය තමා මනුෂ්‍යාහට සැම කලටම ප‍්‍රායෝගික දහමක්, ජීවන මාර්ගයක් වන්නේ. මේ සමඟම මතුවන මී ළඟ ගැටළු දෙකක් ඇත. එනම්, එවැනි මාර්ගයක් ලොව පවතිනවාද? එවැනි මාර්ගයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ කාටද? මෙහි දෙවන කාරනය එනම් “මෙවන් මාර්ගයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ කාටද?” යන කාරණය වෙත අවධානය යොමු කලේ නම් පැහැදිලිවම මනුෂ්‍ය බුද්ධියට මෙවන් හැකියාවක් නැත. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වේ) එවන් වු මනුෂ්‍යා හට මෙම මාර්ගය සකස් කිරීමේ කාර්යය පැවරුනේ නම් එහි ඔහුගේ ස්වයං තීරණ ක‍්‍රියාවට නැංවෙනු ඇත. එය බොහෝ විට තම රට, තම ජාතිය, තම භාෂාව, තම කූලය, තම ආගම හා තමාගේ පවුල මේ ආකාරයට තමාට අවශ්‍ය ආකාරයට එය සැකසෙනවා මිස සියල්ලටම හා සැමකලටම පොදුවු මාර්ගයක් කිසිසේත් නිර්මාණය නොවෙනු ඇත. යම්තාක් දුරකට නිවරැදි ලෙස නිර්මාණයක් සිදුකල ද එම නිර්මාණය කාලයත් සමඟ බොහෝ අර්බුදකාරී තත්වයන්ට ගොදුරැ වනවා නියතය. මෙය කලින් කලට අප සමාජය තුල ප‍්‍රායොගිකව අත්විදින කාරණයකි. විවිධ කාලවල සමාජගත වූ දර්ශණයන් හා එහි දාර්ශණිකයින් කාලයත් සමඟ ප‍්‍රතික්‍ෂෙප වී යාම අප නිරන්තරයෙන් දකින කාරණයකි. උදාහර්ණය ලෙස කන්ෆියුසස්, කාල්මාක්ස්, ලෙනින් වාදයන් ගෙනහැර දැක්විය හැක. මෙම වාදයන් එක්තරා කාල වකවානුවක පොළොව මත විශාල වු විප්ලවයන් ඇති කිරීමටත්, ජනයාගේ සිත් දිනාගැනීමටත් සමත් විය. නමුත් අද වන විට මෙම වාදයන් ජනයා අතර විහිඑවක් බවට පත් වී ඇත. එය හිටපු රුසියාන් ජනාධිපති ගොර්බචොක් මහතා වරක් මෙසේ පැවසුවේ “මාර්ක්ස් වාදය අලංකාර වු දර්ශණයක් නමුත් මන:කල්පිතයක්” යනුවෙනි. මෙම ඉරණම අත්වුයේ තනි පුද්ගල චින්තන මත ගොඩනැගුණු මතයන් සදහා පමණක් නොවේ. කණ්ඩායම් ක‍්‍රියාවලීන් තුලින් නිර්මාණය වු මතවාදයන් හා මාර්ගයන් සදහා ද අත්වුයේ එවැනිම ඉරණමකි. උදාහර්ණයක් ලෙස අප රටේ ම ව්‍යවස්ථාව ගෙනහැර දැක්විය හැක. මේ වනවිට 18 වරක් ම එය සංශෝධනය වී හමාරය. රටේ බුද්ධිමතුන්ගේ සාමූහික නිර්මාණයක් වන මෙහි තවදුරටත් සංශෝධනයත් අවශ්‍ය බවට වාද විවාද සිදුවෙමින් පවතී. මේ ආකාරයට මිනිස් චින්තනයන් මත පදනම වු ඕනෑම මාර්ගයක්, මගපෙන්වීමක්, මතවාදයක් හෝ දර්ශනයක් කාලයත් සමග අවලංගුවීම හෝ සංශෝධනයට ලක්වීම කිසිසේත් වැලැක්විය නොහැක කාරණයකි. ඒ අනුව “මනුෂ්‍ය නිර්මාණ සෑම කලටම ප්‍රායෝගිකයි” යන්න ප්‍රායෝගික නොවන කාරණයක් බව පැහැදිලිය. යම්කිසි මාර්ගයක් හා දර්ශනයක් නිවරැදිව සකස් කිරීමට නම් ඒ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතාවයක් ඇත. එනම් එම කාරණයට අදාලව අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබඳව පුර්ණ අවබෝධයක් පැවතිය යුතුය. ඒ හැකියාව පැහැදිලිවම මිනිසාහට නැත. එම නිසයි රටක බුද්ධිමතුන්ගේ සාමුහික නිර්මාණය වන ව්‍යවස්ථාව පවා වසර 10 වත් පවතින්නට නොහැකිව කාලයත් සමඟ ප්‍රතික්ෂේප වී යන්නේ. මෙනිසයි මා ලිපිය ආරම්භයේ පැවසුවේ මනුෂ්‍යා හට මෙය කල නොහැකි බව. එසේ නම් මෙම බුද්ධිය හා ශක්තිය ඇත්තේ කාටද? පැහැදිලිවම ඒ බුද්ධිය හා ශක්තිය ඇත්තේ අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පුර්ණ අවබෝධයක් ඇති, කිසියම් කෙනෙකුට පමණි. එසේ නම් මීළඟ ගැටළුව එවැනි පූර්ණ ඥානයක් ඇති සැලසුම් කරණයක් ලොව පවතිනවාද? යන්නයි. මේ පිලිබදව හොදින් අධ්‍යනය කරන විට අද ලොව එවැනි සැලසුම් කරණ කිහිපයක් ජනතාව හමුවේ දක්නට තිබේ. උදාහර්ණයක් ලෙස හින්දු ආගම, යුදෙව් ආගම, ක‍්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම ගෙනහැර දැක්විය හැක. මීට අමතරව තමන් විසින් ලබාගත් බව පවසන සුවිශේෂ වු ඥානයක් පදනම් කරගෙන ජනතාවට මගපෙන් වූ දාර්ශණිකයින් කිහිප දෙනෙකුද ලොව බිහි වී ඇත. උදාහර්ණයක් ලෙස ගෞතම බුදුන්, ඕෂෝ සහා මෑත කාලීනව සායිබබා සදහන් කල හැක. ඉහත සදහන් ආගම්වලට අමතරව තවත් බොහෝ ආගම් ලොව තුල දක්නට ඇත. එසේම විවිධ වූ දර්ශනයන් පෙරදැරි කරගෙන බිහි වූ දාර්ශනිකයන්ද විශාල සංඛ්‍යාවක් ලොව තුල දක්නට ඇත. දැන් මතුවන මීළඟ සංකීර්ණ ගැටළුව වන්නේ මේවා අතුරින් නිවරැදි මාර්ගය සොයා ගන්නේ කෙසේද? යන්නයි. එය තීරණය කිරීම අපහසු කාර්යයක් නොවේ කලයුතුව ඇත්තේ මෙම ආගම් හා දර්ශණයන් උගන්වන කරුණු පිලිබදව පුළුල් අධ්‍යනයක් සිදුකර ඒ තුලින් නිවරැදි මාර්ගය තෝරා ගැනීමයි. එසේම මෙවැනි මාර්ග කිහිපයක් පවතින විට ඒවා සංසන්දනාත්මකව බැලිම තුලින් ද නිවරැදි මාර්ගය නිර්ණය කර ගැනීමයි. මෙසේ ජනතාව ක්‍රියා කිරීමට නම් ඒ සදහා මෙම ආගම් හෝ දර්ශණයන් ට තිබිය යුතු අනිවාර්ය අවශ්‍යතාවයක් ඇත. ඒ මෙහි ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිම අත්‍ය අවශ්‍ය වේ. එසේ ආරක්‍ෂා වූ ඉගෙන්වීමන් පැවතුනොත් පමණි එය අධ්‍යනය කිරීමටත්, ඒ පිලිබදව පූර්ණ අවබෝධයක් ලබාගැනීමටත්, ඒ තුලින් නිවරැදි මාර්ගය තෝරාගැනීමටත් හැකි වන්නේ. දැන් මතුවන මීළඟ ප‍්‍රශ්නය මෙම ආගම් හා දර්ශණයන් හි ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්ෂා වී පවතිනවාද? දහමක දර්ශනයක ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්ෂා වී පවතිනවාද? යන්න එහි වලංගු අවලංගුභාවයටත් බලපාන ප්‍රබල කාරණයකි. ඒ අනුව මෙය ප්‍රථමයෙන් අවබෝධ කර ගැනීම අත්‍ය අවශ්‍ය වේ. එපමණක් නොව එය ආරක්ෂා වී ඇති ආකාරය ද එහි වලංගු අවලංගුභාවයට සෘජුවම බලපාන සාධකයක් වේ. එනම්, ලිඛිත ග්‍රන්ථයක් ලෙස ද මුඛ පරම්පරාගතව ද, සමාජ සම්ප්‍රදායන් ලෙස ද වෙනත් ආකාරයට ද මෙම දහමන් හා දර්ශනයන් අද ලොව ඉහත ආකාරයේ විවිධ ක්‍රමයන්ට ආරක්ෂා වී පවතී. විශේෂයෙන් ලොව පහල වු ආගම් හා දර්ශණයන් බොහෝමයක් සදහා ඊට අදාල ලිඛිත ග‍්‍රන්ථයන් දක්නට ඇත. සෑම ආගමක් සදහාම ලිඛිත ග‍්‍රන්ථයන් නොමැති අතර එවැනි ලිඛිත ග‍්‍රන්ථයක් නොමැති ආගම් සම්ප‍්‍රදායික ආගම් (Traditional Religions) යනුවෙනි හදුන්වයි. මේවායේ වතාවත් හා විශ්වාස පාරම්පරිකව උරුමකර දෙන්නේ (කට වචනය මාධ්‍යයෙනි) මුඛ පරම්පරාගතවය. මෙසේ මුඛ පරම්පරාගතව පැවත එන දහමන්ට හා දර්ශනයන් පිලිබදව කථා කිරීම නිෂ්පල කාරණයකි. මන්ද ඒවාට පැහැදිලි සාක්ෂි නැත. මේවා රටින් රටට, ගමින් ගමට, ජන කොට්ඨාශයෙන් ජන කොට්ඨාශයට, තම සමාජ සම්ප්‍රදායන් අනුවත් ඒ ඒ පුද්ගලයා අනුවත් වෙනස් වෙමින් ක්‍රියාත්මක වේ. මිත්‍යාවන් හා මනක්කල්පිතයන් වලින් පිරැණු මේවාට පැහැදිලි ස්ථිර පදනමක් නැත. මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන්නේ ඉහත ආකාරයේ මුඛ පරම්පරාගත හෝ සම්ප්‍රදායක දහමන් හෝ දර්ශණයන් පිලිබදව නොවේ. ලිඛිත ග‍්‍රන්ථ (ආගමික මූලාශ්‍රයන්) පදනම් කරගත් ආගම් හා දර්ශණ්‍යන් පිලිබදවයි. ඕනෑම ආගමක හෝ දර්ශණයක් වලංගුභාවය රදා පවතින්නේ එහි පවසන කරුණු කොතරම් දුරට, සත්‍ය ද? නිවරැදි ද? ප්‍රායෝගික ද? යන කාරණා පදනම් කරගෙනය. එසේම එහි සත්‍ය අසත්‍ය, වැරදි නිවැරදි, ප්‍රායෝගික අප්‍රායෝගික යන කාරණය මැන බැලීමට නම් එම දහම හෝ දර්ශණය ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම ද අත්‍ය අවශ්‍ය කාරණයකි. එසේම ආරම්භයේ පටන් එය ලිඛිතව ආරක්‍ෂාවීම ද එම දහම හෝ දර්ශණයේ වලංගුභාවයට සෘජුවම බලපාන ප‍්‍රධාන සාධකයකි. මන්ද යම්කිසි ඉගෙන්වීමක් ලිඛිතව පවතින විට කවරෙකු විසින් හෝ එහි සංශෝධනයන් (එනම් එක්කිරීමන් හා අඩුවීමන්) සිදුකලහොත් එය තහවුරැ කරගැනීම අපහසු නොවේ. එමනිසා මෙය ලිඛිත ග්‍රන්ථයක් ලෙස මෙවා පැවතීම ඉතා වැදගත් අවශ්‍යතාවයකි. මනුෂ්‍යා තම ලෞකික, ලෝකොත්තර දිවිය සකසා ගන්නේ තමන් පිලිපදින දහම හෝ දර්ශණය මඟින් උගන්වන කරුණු පදනම් කරගෙනය. ඒ වෙනුවෙන් ඔහු ලෞකිකව විශාල කැපකිරීමන් ද සිදුකරයි. විශේෂයෙන් ලෝකොත්තර දිවියේ සාර්ථකත්වය සදහා ඔහු කැපකිරීම් රාශියක් සිදුකරයි. මෙසා විශාල කැපවීමන් සිදුකරමින් ඔහු එම දහමේ හෝ දර්ශනයේ පවසන වතාවත්, විශ්වාසයන් හා උගන්වීමන් පිලිපදින්නේ දැඩි භක්තියකින් හා විශ්වාසයකින් යුතුවය. ඔහුගේ විශ්වාසයන් නිෂ්පල නොවීමට නම් එම දහම හෝ දර්ශණය පවසන ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂාවීම කොතරම් වැදගත් සාධකයක්ද යන්න මා අමුතුවෙන් පෙන්වාදීමට අවශ්‍ය නොවේ. දැන් ඇති ප‍්‍රශ්නය එවැනි මාර්ගයක් මඟපෙන්වීමක් ලොව පවතිනවාද? යන්නයි. මෙම ප්‍රශ්නයට දිය හැකි සරල පිලිතුර “ඔව්” යන්නයි. එසේනම්, එය කුමක්ද? යන ප්‍රශ්නය ඒ සමඟම මතු වේ. මෙය සරලව පිලිතුරැ දිය නොහැකි බොහෝ පැහැදිලි කිරීමන් හා සමාජය තුල පවතින අනිකුත් ආගමික හා දාර්ශනික ලිඛිත ප්‍රකාශනයන් හා සංසන්ධනාත්මකව අවධානය යොමු කලයුතු කාරණයකි. ඒ අනුව මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන්නේ වර්ථමානයේ ලොව පවතින විශේෂයෙන් ලාංකීය සමාජයේ පවතින ප‍්‍රධාන ආගම් හා දර්ශනයන් කිහිපයක් පදනම් කරගත් සංසන්ධනාත්මක විමසුමකි. ශ්‍රී ලාංකීය සමාජය සැලකූවිට ලොව ප්‍රධාන ආගම් කිහිපයක් අප සමාජය තුලද පවතී. එනම්, බෞද්ධ දහම ඉස්ලාම් දහම හින්දු දහම කිතුණු දහම මෙහිදී ඉහත ප්‍රධාන ආගම් 04 අතුරින් ඉස්ලාම් දහමට සාපේක්ෂව අනිකුත් ආගමික මූලාශ්‍රයන් පිලිබදව අවධානය යොමු කිරිම මෙම ලිපියෙ හි ප්‍රධාන අරමුණ වේ. මන්ද අද ශ්‍රී ලාංකාව තුල විවිධ ආකාරයට ප්‍රබල විවේචනයන්ට ගොදුරු වන දහමක් බවට ඉස්ලාම් දහම පත්ව ඇත. මෙම විවේචකයන් අතර බෞද්ධයන් හා කිතුණුවන් ප්‍රධාන තැනක් උසුලයි. එමනිසා විවේචනයකට හෝ සංවාදයකට පදනම් කර ගතයුතු එම දහමේ ඉගෙන්වීමන් හි වලංගුභාවය ප්‍රථමයෙන් අවබෝධ කරගැනීම අත්‍ය අවශ්‍ය වේ. ඒ අනුව වර්ථමානයේ පවතින දහමන් හා දර්ශණයන් පවසන ලිඛිත ප‍්‍රකාශනයන් හමුවේ ඉස්ලාම් දහම පවසන ශූද්ධ වු ලියවිල්ල වන “කුර්ආනයේ” වලංගුභාවය කොපමණද? යන කාරණය වෙත දැන් අවධානය යොමු කරමු. මීට වසර 1430 කට පෙර මැදපෙරදිග දේශයේ විවිධ වූ අනාචාරවලින් අරාජිකව පැවතී ජන සමූහයක් මධ්‍යයේ මෙම කුර්ආනය මුහම්මද් නම් වූ මිනිසෙකු විසින් ප්‍රකාශ කරන ලදී. ඔහු විසින් එය ප්‍රකාශයට පත්කලේ එය “අල්ලාහ්” නම් වූ දෙවියන්ගෙන් ලද පණිවුඩයක් බවට පවසමිනි. ඒ අනුව මෙම කුර්ආනය දෙවියන්ගෙන් ලද ශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත්, මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ දූතයා යන්නත් මුස්ලීම්වරැන්ගේ දැඩ් විශ්වාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීම හා මුස්ලීම්වරැන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් (දෙවියන්) යනු අසීමිත ශක්තියෙන් හා ඥානයෙන් පිරැණු කෙනෙකි. මේ විශ්වය මවා, එහි අතීත මනුෂ්‍යාගේ පටන් අනාගත සුපිරි මිනිසා දක්වා ඔහුට අවශ්‍ය සියල්ල අලංකාරව පෘථිවය තුල අන්තර්ගත කොට එහි අලංකාර ස්වරූපයෙන් බුද්ධිමත්ම ජීවියා වන මිනිසා ද මවන ලද්දේ ඔහු විසිනි. එසේ මවන ලද බුද්ධිමත් මිනිසා හට සර්වකාලීන ප්‍රායෝගික මාර්ගයක් කුර්ආනය මඟින් ලබාදෙන ලදී. ඒ සදහා ඔහු බලසම්පන්න බවත්, ඥානවන්ත බවත්, සියල්ල කෙරෙහි පූර්ණ බලධාරියා යන්නත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. එම දෙවියන් විසින් පහල කරන ලද පුස්තකය වන “කුර්ආනය” පිලිබදව කෙටි හැදින්වීමක් කරන්නේ නම්,
ශුද්ධ වු ග‍්‍රන්ථ හා එහි වලංගු භාවය Quran the word of Allah
අබූ අර්ශද්