Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

අාගම සහ මිනිසා Religion and humanity

Originally posted 2024-04-11 18:46:05.

47රජතුමනි!”අපි නූගත් සමාජයක්ය, ප‍්‍රතිමාවන්ට පුද පූජා පවත්වමින්, මළ සතුන්ගේ මාංශ අනුභව කරමින්, දූෂණය කරමින්,ඥාති සමබඳතා කඩ කරමින්,අසල් වැසියන්ට අතවර කරමින්, සහෝදරයන් ඔවුනොවුන් කලහ කරමින් , බලැත්තෝ බෙලහීනයන් පාගා ගනිමින් සිටියෙමු, මුළාවේ විසූ අප අතරට,දෙවියන් අල්ලාහ් වක්තෘවරයෙක් පහළ කළේය, ඔහුගේ පෙළපත හා උතුම් උදාර ගුණාංගය සහ අවංකභාවය මුල සිටම දැන සිටියෙමු, ඔහු අප ඉස්ලාමය එනම් ඒක දේවවාදය කරා කැඳවිය, පිළිම වැඳුමින් වළකින මෙන් ඉගැන්විය, සත්‍යය කතා කිරීමටත්, විශ්වාසයෙන් හා අවංකව හැසිරීමටත් ,ඥාති සමබඳතා රැුකීමටත්  නියෝග කළේය,තවද  ලේ හැලීමෙන් වැළකීමටත්, දූෂණයෙන් හා අසත්‍ය කථා කිරීමෙන් වැළකීමටත්, අනාථයන්ගේ වත්කම් අනිසි ලෙස නොගැනීමටත්, අසල් වැසියන්ට උදව් උපකාර කිරීමටත් ,කුළඟනන්ට අපවාද නොකිරීමටත්, තම නිර්මාපකයාට පමණක් වැඳුම් පිඳුම් කරන ලෙසත් ඔහුට ආදේශ නොකරන ලෙසත් සලාත් හි යෙදීමටත්, උපවාසයේ යෙදීමටත්, දන් දීමටත් ඔහු අපට උගන් වන්නේය, අපි ඔහුව විශ්වාස කළෙමු, ඔහු කියපු පරිදි අපගේ නිර්මාතෘවරයාට පමණක් වැඳුම් පිඳුම් කළෙමු දුසිරිත් දුරු කළෙමු, ඔහු තහනම් යැයි පැවසූ දෙයින් වැළකී ඔහු අනුමත යැයි පැවසූ දේ භූක්ති විඳින්නෙමු, මේ නිසා අපේ අය අපට විරුද්ධ වූහ, අපේ ජීවිත හානිකිරීමට ගිවිස ගත්හ,

(අබූ අහ්මද්) ස්තූතියි අරුෙණා්දය සගරාව

Related Post