හජ් මස පළමු දින දහය

හජ් මස පළමු දින දහය

කතෘ අබූ අහ්මද් (නවක මුස්ලිම් වෙබි අඩවිය වෙනුවෙන්)

උපවායෙහි යෙදීම

හජ් මස පළමු දින දහය

මිනිසා හට දෙවියන් අල්ලාහුගේ දායාදයන් හා කරුණාව අසීමිත බව අපි කවුරුත් දන්නා කරුණකි, ඔහුගේ උතුම්ම නිර්මාණය වූ මිනිසා මරණින් මතු අවසාන දිනයෙහි ස්වර්ගයට පිවිසිය යුතු යැයි ඔහු මිනිසාට විවිධ අවස්ථාවන් උදා කර දී  අැත, තවද  ඒම කාලය තුල කරන්නා වූ යහපත් ක්‍රියාවන් වෙනුවෙන් වැඩි කුසල් සම්භාරයන් ද පිරි නමයි. ඒලෙස උදා කර දෙන උතුම් අවස්ථාවන්වලින් ඒක්  අවස්ථාවක් තව දින කියිපයකට පසු උදාවීමට නියමිත බව අපි කවුරුත් දන්නා නොරහසකි.

ඒම උතුම් අවස්ථාව නම් හජ් මස පළමු  දින දහය වේ, මෙම දිනයන් හි මහිමයන් හා සුවිෙශ්ෂයන්  පිළිබද අල් කුර්අන් හා අල් හදීස් මගින් දැනගනිමු.

  • අල් කුර්අානයෙහි සූරා අල් ෆජ්ර් හි පළමු වාක්‍යයෙන් අදහස් වන්නේ  (وَالْفَجْرِ. وَلَيَالٍ عَشْرٍ).  මෙම හජ් මස දින දහය බව අල් කුර්අාන් විග්‍රහයිකයින්  පවසයි.
  • මුහම්මද් නබි (සල්) තුමා පැවසූ බව ඉබ්නු අබ්බාස් (රලි) තුමා මෙලෙස වාර්ථා කරයි, යහපත් ක්‍රියාවන් සිදුකරන දිනයන් හි දෙවියන් අල්ලාහුට ඉතාම ප්‍රියමනාප වන්නේ මෙම දින දහයෙහි ඉටු කරන ක්‍රියාවන් ය.
  • දෙවියන් අල්ලාහු පරිශුද්ධ වූ අල්කුර්අානයෙහි මෙලෙස පවසයි, (وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ)  මෙම වැකියෙහි අදහස් කරන්නේ හජ් මස පළමු දින දහය බව ප්‍රකට අල් කුර්අාන් විග්‍රහයකින් පවසති.
  • ඉබ්නු උමර් (රලි) තුමා මුහම්මද් නබි තුමා පැවසූ බව මෙලෙස වාර්ථා කරයි, යහපත් ක්‍රියාවන් සිදුවන දිනයන්හි දෙවියන් අල්ලාහුට ඉතා ප්‍රියමනාප දිනයන් වන්නේ මෙම හජ් මස පළමු දින දහය වන බව ද ඒම දිනවල අධිකව ලා ඉලාහ ඉල්ලල්ලාහු, අල්ලාහු අක්බර්,සුබ්හානල්ලාහ්, යනුවෙන් උසුර ලෙසද පැවසුෙව්ය.

මෙම දිනවල ඉට කල යුතු යහපත් ක්‍රියාවන් කිහිපයක්

  • හජ් ඉටු කිරීම
  • නියමිත වෙලාවට සාමූහිකව සලාතය ඉටු කිරීම සහ සුන්නත් සලාතයන්හි දැඩි උනන්දුවක් දැක්වීම
  • හජ් මස පළමු දින නවයෙහි (9) උපවාසයෙහි යෙදීම
  • දෙවියන් අල්ලාහුව අධීකව දික්ර් (සිහිපත්) කිරීම
  • තක්බිර් උසුරීම (ඉබ්නු උමර් (රලි) තුමා හා අබූ හුරයිරා (රලි) තුමාණන් දෙදෙනා මෙම දිනයන් හි පොදු ස්ථානවල උස් හඩින් තක්බීර් කියන බව බුහාරි ඉමාම් සදහන් කරයි).
  • අරෆා දිනයෙහි උපවාසයෙහි යෙදීම (නව වෙනි දිනය)  (පෙර හා පසු අවුරුදු දෙකක පාපයන් හට සමාව ලැබෙනවා අැතැයි මා දෙවියන්ගෙන් අපෙක්ෂෘ කරමි යැයි මුහම්මද් නබි තුමාණන් (සල්) තුමා මෙම අරෆා දිනයෙහි උපවාසයෙහි මහිමය පිළිබද පවසා අැත.
  • කුර්බාන් දීම
  • දන් දීම හා ධර්මය වෙනුවෙන් කැපකිරීම හා පරිත්‍යාග කිරීම
  • අල් කුර්අානය පාරයනය කිරීම
  • සමාව අයදීම (පාපොච්ඡාරන කිරීම).
  • ඥාතීන් සම්බන්ධතාවය තහවුරු කිරීම

උතුම් අවස්ථාවන්  පිඵීගැනීමේ සූදානම කෙසේ විය යුතු ද?

  • මුස්ලිම්වරයෙකු දෙවියන් අල්ලාහුගේ කරුණාවෙන් පිරි නැමෙන උතුම් අවස්ථාවන් පිළිගත යුත්තේ පිරිසිදු හා පවිත්‍ර පාපොච්ඡාරණයකින් ය. තවද තමන් විසින් සිදුවෙන මහා සහ කුඩා පාපයන්ගෙන් අෑත් වී ඒයින් සම්පූර්ණයෙන් වැළකී ඒම  උතුම් අවස්ථාව පිළීගැනීමට සූදානම්  විය යුතුය. තවද පාපයන් හි නිරත ව සිටිම දෙවියන් අල්ලාහුගේ කරුණාව හා දායාදයන් අහිමි කරයි.
  • ඒලෙසම උතුම් අවස්ථාවන් පිළීගැනීමේ සූදානම සත්‍ය හා අවංක අධීෂ්ඪාණයකින් විය යුතුය, මන්ද කවරෙකු අවංකව වන්නේ දෙවියන් ද ඔහුට උදවු කරන්නේ ය.
යහපත් ක්‍රියාවන්

දුඅා කිරීම

තක්බීර් උසුරීම  (හජ් කර්තව්‍ය ඉටු නොකරන මුස්ලිම්වරුන් තක්බීර් උසුරන අාකාරය)

තක්බීර් උසුරීම කොටස් දෙකකට බෙදිය හැක

  • මුත්ලක්  : මුත්ලක් යනු පොදු වේ, ඒය ඉටු කිරීමට කිසිදු ස්ථානයක් හෝ වේලාවක් නොමැත. දිවා රාත්‍රි සහ සලාතවට පෙර හා පසු කල හැක.මෙම පොදු  (මුත්ලක්) වශයෙන් තක්බීර් උසුරීම අාරම්භ වන්ෙන්  හජ් මස පළමු වෙනි දිනය සිටය, ඒය අවසන් වන්ෙන් අයියාමුත් තශ්රීක් (හජ් මස 11,12,13 වෙනි දින අසර් සලාතය නිම වන අවස්ථාවේදීය.
  • මුකයියද් : මුකයියද් යනු සලාතයට පසු පමණක්  ඉටු කිරීමය.මෙය අාරම්භ වන්ෙන් අරෆා (හජ් මස 9 වෙනි දින) ෆජ්ර් සලාතය සිටය, ඒය අවසන් වන්ෙන් අයියාමුත් තශ්රීක් (හජ් මස 11,12,13 වෙනි දින අසර් සලාතය නිම වන අවස්ථාවේදීය.

තක්බීර් උසුරිය  යුතු අාකාරය

” الله أكبر .. الله أكبر .. الله أكبر .. لا إله إلا الله ، الله أكبر .. الله أكبر .. ولله الحمد ” .

අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු ,අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, වලිල්ලාහිල් හම්දු.

Related Post