Originally posted 2024-07-06 21:49:52.
සාරධර්ම උගන්වන නබි වදන්
මෙලොවට අවසාන වශයෙන් අවතීර්ණ වූ වක්තෘවරයා වන මුහම්මද් (සල්* නබි තුමා පැවසූ බව ඔහුගේ අනුගාමිකයා වන අබූ හුෙරෙරා (රලි* තුමා මෙසේ වාර්තා කරයි.
දෙවියන් අල්ලාහ් ද අවසාන (විනිශ්ච දිනය* ද විශ්වාස කරන අය හොඳ දේ පමණක් කථා කරත්වා ! නැතහොත් නිහඬව සිටිත්වා! දෙවියන් අල්ලාහ් ද අවසාන (විනිශ්ච දිනය* ද විශ්වාස කරන අය තම අසල් වැසියන් සමග උදාර අන්දමින් හැසිරෙත්වා! දෙවියන් අල්ලාහ් ද අවසාන (විනිශ්ච දිනය* ද විශ්වාස කරන අය තම ආගන්තුකයින් සමග නිර්ලෝභීව හැසිරෙත්වා! (මූලාශ‍්‍රය : බුහාරි,මුස්ලිම්*
ඉහත දැක්වෙන රුවන් වැකිය අනුව මිනිසා කෙතරම් උදාර ගුණාංගවලින් සමන්විත කීර්තිමත් නිර්මාණයක් ද යනු පැහැදිළිව අවබොධ කරගත හැකිය, මන්ද දෙවියන් විසින් මිනිසාට ලබා දුන් දායාදයක් වන දිව සිය කැමත්තට පරිහරණය කිරීමට අවසර නොලැබූ බැවින් ඔහු අනිවාර්්‍යයෙන්ම දෙවියන් කැමති අයුරු එය පරිහරණය කළ යුතුයි,එපමණක් නොව අසල් වැසියන් සමග හැසිරිය යුතු ආකාරය හා ආගන්තුකයින්ට සංග‍්‍රහ කළ යුතු ක‍්‍රමය ද ඉස්ලාම් උගන්වයි. ඉස්ලාම් ආගම යම් සීමිත පිරිසකට හෝ යමි දේශයකට මග පෙන්වීම සඳහා පහළ වූ ජීවන ක‍්‍රමයක් නොවන හෙයින් මුලූ මානව වර්ගයාම එය පිළිපැදීමට උත්සහ දැරිය යුතුයි.
නමුත් අද සමාජයේ දැකීමට හා ශ‍්‍රවනය කිරීමට හැකිව තිබෙන්නේ හාත්පසින්ම වෙනස් වූ සදාචාරයක් හා පිරිහුණු ගුණාංගයන්ය,කොතැන බැලූවත් පරුෂ වචන, ඕප දූප,බොරුව,වංචාව, හා අනුනගේ ආත්ම ගරුත්ව කෙළසීම,අපවාද කිරීම,යනාදි නොයෙකුත් වැරදි ක‍්‍රියාවන් තම දිවෙන් සිදු වේ,
තවද සිය අසල් වැසියන්ට ආරක්‍ෂාව ලබා දීම හා උදව් උපකාර කිරීම කෙසේ වෙතත් නොයෙකුත් උවදුරු කරදර හා වංචනික ක‍්‍රියාවන් සහ අසාධාරණ හේතුවෙන් ඔවුන් එම ස්ථානය අතහැර යාමට තීරණය කරන තරම් ක‍්‍රියාවන් කරනු ලැබේ.
එලෙසම ආගන්තුකයින්ට සැලකීම අද ලොකු බරක් හැටියට හා වියදමක් ලෙස සලකන බව දැකගන්නට පුලූවනි, එම නිසා යහපත් ගතිගුණාංගයක් වන ආගන්තුක සත්ත්කාරය තුළින් ලැබෙන්නා වූ ප‍්‍රයෝජනයන් සමාජයට අහිමිවී තිබේ.
මෙයට ප‍්‍රධාන හේතුව අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්* නබි තුමා පැවසූ
දේව විශ්වාසය හා අවසාන (විනිශ්ච දිනය* පිළිබඳව නිවැරදි ලෙස විශ්වාස නොකිරීමයි.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

