නබි තුමාණන්ගේ රුවන් වැකී හතලියක් දෙවෙනි වදන hadees(02)

නබි තුමාණන්ගේ රුවන් වැකී හතලියක් (ඉමාමි නවවි)

දෙවෙනි වදන (02)

මාතෘකාව : ඉස්ලාමි හා ඊමාන් සහ ඉහ්සාන්

عن عمر بن الخطاب رضي الله عنه قال : بينما نحن جلوس عند رسول الله صلى الله عليه وسلم ذات يوم ، إذ طلع علينا رجل شديد بياض الثياب ، شديد سواد الشعر ، لا يرى عليه أثر السفر ، ولا يعرفه منا أحد ، حتى جلس إلى النبي صلى الله عليه وسلم فأسند ركبته إلى ركبتيه ، ووضع كفيه على فخذيه ، وقال : ” يا محمد أخبرني عن الإسلام ” ، فقال له : ( الإسلام أن تشهد أن لا إله إلا الله وأن محمدا رسول الله ، وتقيم الصلاة وتؤتي الزكاة ، وتصوم رمضان ، وتحج البيت إن استطعت إليه سبيلا ) ، قال : ” صدقت ” ، فعجبنا له يسأله ويصدقه ، قال : ” أخبرني عن الإيمان ” قال : ( أن تؤمن بالله وملائكته وكتبه ورسله واليوم الآخر ، وتؤمن بالقدر خيره وشره ) ، قال : ” صدقت ” ، قال : ” فأخبرني عن الإحسان ” ، قال : ( أن تعبد الله كأنك تراه ، فإن لم تكن تراه فإنه يراك ) ، قال : ” فأخبرني عن الساعة ” ، قال : ( ما المسؤول بأعلم من السائل ) ، قال : ” فأخبرني عن أماراتها ” ، قال : ( أن تلد الأمة ربتها ، وأن ترى الحفاة العراة العالة رعاء الشاء ، يتطاولون في البنيان2 ) ثم انطلق فلبث مليا ، ثم قال : ( يا عمر ، أتدري من السائل ؟ ) ، قلت : “الله ورسوله أعلم ” ، قال : ( فإنه جبريل أتاكم يعلمكم دينكم ) رواه مسلم .

උමර් රලියල්ලාහු අන්හු තුමා මෙසේ සඳහන් කරයි,“දවසක් අපි සි‍යලු දෙනාම අල්ලාහ්ගේ දූතයා වන මුහමිමද් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙහි වසල්ලමි තුමා සමග වාඩි වී සිටියෙමු, ඒ අවස්ථා‍වෙිදි කෙනෙක් අප ඉදිරියෙන් පෙනී සිටියේය, හෙතම ඇඳ සිටි වස්ත්රය සුදුම සුදු පාට විය, ඔහුගේ හිස කෙස් තද කළු පාටව තිබුණී, අපගෙන් කිසිවෙකු ඔහු නොහඳුනයි,හේ ඉදිරියට පා තබමින් නබි තුමා අභියස වාඩි විය, තම දණහිස එතුමාගේ දණ හිසට මුහුණ ලා දෑත් පාද මත තබා වාඩි විය, අනතුරුව නබිතුමා දෙස බලා “ මුහමුමද් තුමණී! ඉස්ලාමය ගැන මා හට කියා දෙන්නැයි ඇසීය, එතුමා ඉස්ලාමි යනු

1 අල්ලාහු හැර වෙන කිසිම දෙවි කෙනෙකු නැත,මුහමිමද් ඔහුගේ දූතයා යැයි සාක්ෂි දැරීම,

2 සලාතය ඉටු කිරීම ,

3 සකාතය පිරි නැමීම

4 ,රමධාන් මස උපවාසයේ යෙදීම

5 ඔබට හජි කිරීමට හැකියාවක් තිබෙි නමි එය ඉටු කිරීම

යනාදී යි යැයි පිළිතුරු දුන්නේය. එවිට ඔහු ඔබ නිවැරදිය බව කීය, අපි ඔහු එසේ ප්රශ්ණ කිරීම ගැනත් ඔහුම  එය නිවැරදි යයි තහවුරු කිරීම ගැනත් පුදුමයට පත් වූයෙමු, ඉන් පසු ඊමානය ගැන මට හට යමක් කියා දෙන්නයි ඇසිය,

එයට අල්ලාහ් ‍ෙකරෙහිත්

ඔහුගේ මලාඉකාවරුන්,

ඔහුගේ ආගමි,

ඔහුගේ දුතයින්

අවසාන දිනය

හොඳ හා නරක අල්ලාහගේ මනාපය පරිදි සිදුවන බවත් විශ්වාස කිරීම

යයි එතුමා පිළිතුරු දුනී, මිට සවන් දුන් විගස ඔබ නිවැරදීයි යයි කියා සිටියේය, ඉන් පසුව ඉහ්සාන් ගැන කියා දෙන්නැයි ඇසීය.

“ඔබ අල්ලාහ් නොදකිත් ඔහු වෙත සෘජුව යොමුවෙමින් සලාතය ඉටු කරන්නාක් මෙන් සලාතය ඉටු කිරීමය, ඒ මක්නිසාද යත් ඔබ ඔහු නොදුටුවද ඔහු සැබැවින් ම ඔබව දකින්නේය,යනුවෙන් පිළිතුරු දුන්නේය, අනතුරුව ‘අස්සාආ’ ඒ වෙිලාව ගැන මට කියා දෙන්නැයි ඇසීය, එයට එතුමා මෙි ප්රශ්ණය අසනු ලබන්නා ප්රශ්ණය අසන්නාට වැඩියෙන් දන්නෙක් නොවෙි,යැයි කීය,

අනතුරුව අවසාන දිනයට සලකුණු කුමක් දැයි ඇසීය, මුහමිමද් නබිතුමා  මෙසේ කීය, වහල් කාන්තාව තම ස්වාමි දුව මෙලොව බිහි කරයි, ඒ අවස්ථාවෙදි පාවහන් නැති නිරවස්ත්ර එ‍‍ෙඬිරු සමාජය උසස් ගොඩනැගිලි ඉඳි කිරීමෙහිලා තරඟ කරමින් සිටින බව ඔබ දකී, පසුව ඔහු සමු ගත්තේය. මම මවිතයට පත් වී සිටියෙමි, පසුව මුහම්මද් සල්ලල්ලාහු අලෙහි වසල්ලමි තුමා උමර් ! ප්රශ්ණ කල තැනත්තා කවුදැයි ඔබ දන්නවාද යැයි ඇසීය. එයට මා අල්ලාහ් හා අල්ලාහුගේ දූතයාණන් පමණක් මැණවින් දනිති යැයි පිළීතුරු දුන්නෙමි, එවිට එතුමාණෝ ඔහු ජිබිරීල් ය, ඔහු ඔබලාට ඔබලාගේ ආගම ඉගැන්වීමට පැමිණයේය යි කියා සිටියේය.

(මූලාශ්රය : මුස්ලිමි)

ඉහත සඳහන් නබි වදන තුලින් අපට මනාව කරුණු රාශියක් පැහැදිළී වෙි, නමුත් ඉතා කෙටියෙන් අපි එම වදනින් කරුණු කිහිපයක් බලමු,

අපට අපගේ ඉස්ලාමි ආගම නිවැරදිව ඉගැන්වීම සඳහා දෙවියන් අල්ලාහ් ඔහුගේ දූතයා වන ජීබිරීල් අලෛහිස්ලාමි තුමාව නබි තුමාණන්‍ගේ අනුගාමිකයින් රැස්ව සිටින ස්ථාකනයට යවන ලදි,

ඔහුගේ පිරිසිදුභාවය ද අපි සැලකිලිමත් විය යුතු කරුණකි,

සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙකු තම ගුරුවරයා‍ට කෙතතමි ගෞරවයෙන් හා විනයකින් දැනුම ලබා ගත යුතද යන්නත් ඔහුගේ පැමිණිමෙන් හා අසුන් ගැන්මෙන් ප්රශ්ණ කිරීමෙන් දැක ගන්නට පුළුවනි,

තවද ඉස්ලාමයේ කුළුණූ පහ දැනගැනීමට පුළුවනි

විශ්වාසයේ කුළුණු හය

ඉහ්සාන් යනු කුමක්ද? අපි අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම දෙවියන් අල්ලාහු අපව බලා ගෙන සිටින බව අමතක නොකළ යුතුය, දෙවියන්ට නොපෙනී කිසිම පවක් හෝ වැරද්දක් කල නොහැකිය මෙම විශ්වාසය අපව පාප ක්රියාවලින් වළක්වයි.

ලොවේ විටින් විට්න අවසාන දිනය පැමිණෙන බව විවිධ විද්්‍යාඥ විද්වතුන් අනාවැකි දෙන බව නොරහසකි, නමුත් එම අවසාන දිනය ගැන දෙවියන් අල්ලාහු හැර වෙන කිසිම කෙනෙකුට කිව නොහැකි බවත් එම දිනය කවදාද යන්න දෙලොව නායක මුහම්මද් නබි තුමා පවා නොදන්නා බව නබි වදනින් දැන ගන්නට පුළුවනි,

අවසාන දිනයට සලකුණු ලෙස සාමාන්‍ය මිනිස්සු පවා තටිටු තටිටු ගොඩනැගිලි තනන බව නබි වදනේ සඳහන් පරිදි අපගේ ජීවිතයේ දීම එය දැක ගන්නට පුළුවනි, තවද එවැනි කරුණු රාශියත් ඉහත දැක්වෙන නබි වදන තුලින් අපට දැන ගන්නට හා සිතන්නට ඒ අනුව ක්රියා කරන්න පාඩමි තිබෙන බව අමතක නොකරමු.

 

Related Post