Originally posted 2024-02-18 15:10:48.
“මරණින් මතු උදාවන විනිශ්චය දිනයේ සියල්ල තීන්දු තීරණ කොට (ස්වර්ගයට යන පිරිස් ස්වර්ගයට හා නිරයට යන පිරිස් නිරයටද යොමු කිරීමෙන් අනතුරුව නිරයට ගිය පිරිස් අතුරින් එක්තරා පිරිසක් පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසයි. “නිරයට ගිය පිරිස් අතුරින් අල්ලාහ් (දෙවියන්)ගේ කරුණාව හේතුකොටගෙන පසුකාලීනව එයින් කිසියම් පිරිසක් ස්වර්ගයට ඇතුල් කරනු ලබයි. මෙලෙස අල්ලාහ් (දෙවියන්)ගේ කරුණාව හේතූ කොටගෙන නිරයෙන් ඉවතටගත් පිරිස් අතරින් අවසානම තැනැත්තා අල්ලාහ් (දෙවියන්)ගේ කරුණාව හේතුකොටගෙන ඔහුව නිරයෙන් ඉවතට ගත්තද එය ඔහුව ස්වර්ගයට ඇතුල් කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මේ අනුව නිරයෙන් මුදවාගත් ඔහුව ස්වර්ගය හා නිරය අතර නිරය දෙසට හරහා නරත කර තබනු ලැබේ. මෙසේ කාලයක් ගතවන විට ඔහු “දෙවියණේ!, මා කොතරම් කාලයක් මෙලෙසෙ බලාහිදින්නද? මාගේ මුහුණ ස්වර්ගය දෙසට හරවා තබන්න. මා වෙන කිසිවකු ඔබෙන් ඉල්ලන්නේ නැහැ” යනුවෙන් පවසයි. එවිට අල්ලාහ් (දෙවියන්) ඔහුගෙන් ඒ සදහා විවිධ දිවුරුම් ප්රකාශනයන් පොරොන්දු ලබාගෙන ඔහුගේ මුහුණ ස්වර්ගය දෙසට හරවා තබයි. මෙසේ කාලයක් ගතවන විට ඔහු “දෙවියණේ!, මා කොතරම් කාලයක් මෙලෙසෙ බලාහිදින්නද? මාව ස්වර්ගය සමීපයට ගොන ගොස් තබන්න. මා වෙන කිසිවකු ඔබෙන් ඉල්ලන්නේ නැහැ” යනුවෙන් පවසයි. එවිට අල්ලාහ් (දෙවියන්) ඒ සදහා ඔහුගෙන් විවිධ දිවුරුම් ප්රකාශනයන් හා පොරොන්දු ලබාගෙන ඔහුව ස්වර්ගය සමීපයෙහි ගෙනගොස් තබයි. . මෙසේ කාලයක් ගතවන විට ඔහු “දෙවියණේ!, මා කොතරම් කාලයක් මෙලෙසෙ බලාහිදින්නද? මාව ස්වර්ගය ඇතුලට ගොන ගොස් තබන්න මා එය භුක්තිවිදින්න ආසයි. මා වෙන කිසිවකු ඔබෙන් ඉල්ලන්නේ නැහැ” යනුවෙන් පවසයි. එවිට අල්ලාහ් (දෙවියන්) “ඔබ පොරොන්දු වූ සියල්ල කඩකලා ඉතින් ඔබව කෙලෙසද මා ස්වර්ගයට යොමු කරන්නේ” යනුවෙන් විමසයි. එවිට ඔහු දෙවියන්ගෙන් මෙලෙස ද ප්‍රාර්ථනාවක් කරයි. “දෙවියණි!, ඔබේ මැවීමන් අතුරින් අවාසනාවන්තම මැවීමක් බවට මා පත්නොකරන්න.” මෙය ඇසූ අල්ලාහ් (දෙවියන්) මොහුගේ ක්‍රියාකලාපයන් දෙස බලා අධික ලෙස සිනාසෙන බව පැවසූ නබිතුමාණන් එලෙස සිනාසෙමින් දෙවියන් ඔහුට මෙසේ පවසූ බවද පවසයි. එනම් “ඔබ දැන් ස්වර්ගය තුලට ඇවිත් එහි ඔබට අවශ්‍ය දෑ දැන් ඉල්ලන්න.” එවිට ඔහු “දෙවියණි! මීට වඩා කිසිවකු මහට අවශ්‍ය නොවේ” යනුවෙන් පවසයි. එයට අල්ලාහ් (දෙවියන්) ඔහුට “මෙය ඉල්ලන්න එය ඉල්ලන්න අරක ඉල්ලන්න…” යනාදී වශයෙන් ඔහුට එකින් එක අල්ලාහ් (දෙවියන්) විසින් මතක්කරදිදී ඉල්ලීමට සලස්වයි. අවසානයේ ඔහුට මෙලොවෙහි ඇති භාග්‍යයන් මෙන් දෙගුණයක් ලබාදුන් බව පැවසූ නබිතුමාණන් මොහු තමා ස්වර්ගයට අවසාන වශයෙන් පිවිසෙන තැනැත්තා වන්නේ”. යනුවෙන්ද පවසන ලදි.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
අබූ අර්ශද්
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

