විවෘත ස්වර්ගයට පහසුවෙන් පිවිසෙන්න ඔබටයි මෙම ආරාධනාව

1191- ඔබ ස්වර්ගයෙහි මාළිගාවක් ලබාගන්න කැමතිද?
—කව්රුන් අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් (දේවස්ථානයක්) තනයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයෙහි මාළිගාවක් තනනු ඇත. යනුවෙන් නබි (සල්) තුමා පැවසූහ. ග්‍රන්ථයන්: බුහාරි, මුස්ලිම්

2- ස්වර්ගයට පිවිසීම සඳහා නබි (සල්) තුමාගේ අනුග්‍රහය අවශ්‍යද?
—කව්රුන් තම දිව හා රහස් අවයවයන් ආරක්ෂා කරන බවට භාරවෙයිද ඔවුන්ට ස්වර්ගය ලබාදීමට මා භාරවෙමි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. ග්‍රන්ථයන්: බුහාරි, මුස්ලිම්.

3- ස්වර්ගයෙහි ඇති වස්තු අතුරින් එකක් ඔබ සතුවීමට ප්‍රියද?

ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්˜ (කිසිදු යහපතක් හෝ විපතක් අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර සිදුනොවෙයි) යනු පවසන්න එය ස්වර්ගයෙහි නිධානයන් අතුරින් එකකි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. ග්‍රන්ථනයන්: බුහාරි, මුස්ලිම්.

4- ඔබ ස්වර්ගයෙහි නබි (සල්) තුමන් සමග  සිටිය යුතුද?

අනාථයින්ගේ වගකීම ස්වෙච්චාවෙන් බාරගෙන කටයුතු කරන්නා හා මා ස්වර්ගයෙහි මෙසේ සිටිමු යැයි පවසා නබි (සල්) තුමන් තමන්ගේ ඇඟිලි දෙක එක්කර පෙන්වූහ. (මූලාශ්‍රය: බුහාරි).

5- ඔබ වෙනුවෙන් ස්වර්ගයෙහි දොරටුවන් අටම විවෘතවිය යුතුද?

—ඔබගෙන් කෙනෙකු අලංකාර ලෙස දෝවනය කර පසුව —අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු˜ (පුදනු ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත් ඔහු ඒකීයෙකු බවත්, ඔහුට සමානව කිසිවක් නැති බවත්, මුහම්මද් (සල්) තුමන් අල්ලාහ්ගේ Þසයා හා ශාස්තෘවරයා බවත් මා සාක‍ෂි දරමි). යනුවෙන් පවසයි නම් ඔහුට ස්වර්ගයෙහි දොරටුවන් අටම විවරකරනු ලබයි. ඔහුට රිසි දොරටුවකින් පිවිසිය හැක˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

6- ඔබ පහසුවෙන් ස්වර්ගයට පිවිසීමට කැමතිද?
කව්රුන් අසර් හා සුබහ් සලාතය නොකඩවා ඉටු කරයිද ඔහු ස්වර්ගයට පිවිසෙයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.(මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

7- ඔබට ස්වර්ගය අනිවාර්යෙන් ලැඛෙන්න අපෙක‍ෂා කරනවාද?
. යම් මුස්ලිමෙකු අලංකාර ලෙස දෝවනය කර පවිත්‍ර සිතින් රක්අත් දෙකක් ඉටු කරයි නම් ඔහුට ස්වර්ගය අනිවාර්්‍ය වේ˜ යැයි නබි (සල්) තුමන් ප්‍රකාශකළහ (මුස්ලිම්).

8- ඔබට ස්වර්ගයේ මග පහසු විය යුතුද?
කව්රුන් අධ්‍යාපනයේ මං පෙත් සොයයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයේ මග පහසු කරයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

9- ස්වර්ගය සඳහා වූ උතුම් සත් ක්‍රියාවක් ඉටු කල හැකිද?
ඔහුට විනාශයæ පසුව ඔහුට විනාශයæ පසුවත් ඔහුට විනාශයæ යැයි නබි (සල්) තුමන් පැවසු විට, ඔහු කව්දැයි විමසනු ලැබිනි, වයොවෘද්ධ දෙමාපියන් හෝ ඒ දෙදෙනාගෙන් කෙනෙකු හෝ සිට, ඒ වාසනාවේ පළ නොලබා ස්වර්ගයට නොපිවිසෙන අය˜ (මූලාශ්‍රය: මුස්ලිම්).

අබූ අහ්මද්

Related Post