Originally posted 2024-03-05 23:02:04.
1) – දෝවනය කිරීමට පසු උසුරිය යුතු ප්‍රාර්ථනාව
أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله
—අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලූහු˜
අර්ථය: නැමදුමට සුදුස්සා අල්ලාහ් තආලා හැර වෙන කිසිවෙකු නොමැත ඔහු ඒකකයෙකි ඔහුට සමාන කිසිවෙකු නොමැති බව මම සාකෂි දරමි. තවද මුහම්මද් නබි තුමාණන් අල්ලාහ්ගේ වහලෙකු බව හා දූතයෙකු බවද සාකෂි දරමි. (මුස්ලිම් ග්‍රන්ථය ඇසුරෙනි)
2) – මස්ජිදයට (පල්ලියට) ඇතුළුවන විට උසුරිය යුතු ප්‍රාර්ථනාව
اللهم افتح لي أبواب ورحمتك
—බිස්මිල්ලාහි වස්සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහි අල්ලාහුම්ම ඉෆ්තහ්ලි අබ්වාබ රහ්මතික˜.
අර්ථය: යා අල්ලාහ් ඔබගේ කරුණාවන්ත දොරටුවන් විවෘත කර දෙනු මැනව. (මුස්ලිම් ග්‍රන්ථය ඇසුරෙනි)
3) මස්ජිදයෙන් (පල්ලියෙන්) පිටවන විට උසුරිය යුතු ප්‍රාර්ථනාව
اللهم إني أسالك من فضلك
—අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික˜
අර්ථය: අල්ලාහ් දෙවියනි ඇත්තවශයෙන්ම මම ඔබේ දයාව පතන්නෙමි (ඉබ්නු මාජා)
4) – උපවාසයෙන් මිදුන පසු උසුරිය යුතු ප්‍රාර්ථනාව
ذهب الظمأ وابتلت العروق وثبت الأجر إن شاء الله
—දහබල් ලම: වබ්තල්ලතිල් උරූක් වසබතල් අජ්රු ඉන්ශා අල්ලාහ්˜
අර්ථය:පිපිාසය සන්සිදුවිය, නහර තෙත් විය (ඉන්ශා අල්ලාහ්) යහපත් ප්‍රථිපල ලැබීම නිශ්චිතය.(අබූ දාවුද්)
5) අනියම් ස්ථානයක උපවාසයෙන් මිදුන පසු උසුරිය යුතු ප්‍රාර්ථනාව
أفطر عندكم الصائمون وأكل طعامكم الأبرار وصلت عليكم الملائكة
—අෆ්තර ඉන්දකුමුස් සාඉමූන් වඅකල තආමුකුමුල් අබ්රාර් වසල්ලත් අලයිකුමුල් මලාඉකා˜
අර්ථය: ඔබ වෙත උපාසකයන් උපවාසයෙන් මිදුනේය, යහපත් පුද්ගලයන් ඔබේ ආහාර අනුභව කලේය,තවද ඔබ වෙත අල්ලාහු තආලාගේ දේව දූතයින් (මලාඉකාවරුන්) බරකත් ගෙන ආවේය. (අබූ දාවුද්)
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
