අල්ලාහ් දෙවියන් විසින් ,ඔහුගේ අවසන් වක්තෘවරයා වූ මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේආශිර්වාදය අත්වේවා) නබිතුමාට බොහෝ ප්‍රාතිහාරයන් කිරීමේ හැකියාව සහ බොහෝ සාක්ෂින් ලබා දෙමින් එතුමා සැබැවින්ම අල්ලාහ් දෙවිදුන් විසින් මෙලොවට යවනු ලැබූ වක්තෘවරෙයකු බව තහවුරු කොට ඇත.එසේම අල්ලාහ් දෙවිදුන් තමා විසින් අනාවරණය කරන ලද අවසානතම ග්‍රන්ථය වන ශුද්ධ වූ අල්කුර්ආනයෙහි කතෘවරයා මනුෂ්‍යෙයකු නොවන බවටද සාක්ෂිය සපයයි.අල්කුර්ආනය යනු අල්ලාහ් දෙවිදුන්ගේ සත්‍ය වදන්ය.ජිබිරායීල් දේව දූතයා මගින් අවුරුදු 23ක කාලයක් තිස්සේ,මෙම වදන් වක්තෘ මුහමිමද් (එතුමාටඅල්ලාහ්ගේආශිර්වාදයඅත්වේවා) නබිතුමාට ආවරණය කරන ලදී.එය මුහමිමද් (එතුමාටඅල්ලාහ්ගේආශිර්වාදයඅත්වේවා)නබිතුමා විසින් වනෙපාත් කරෙගන,ඔහුගේ අනුගාමිකයින්ට එය ලියා ගැනීම පිණිස කියවන ලදී.ඔවුන් එය පිළීවෙලින් මතක තබා ගෙන විවිධ අන්දමින් සෙල්ලිපි වල සටහන් කර ගෙන,ඒවා මුහමිමද් (එතුමාටඅල්ලාහ්ගේආශිර්වාදයඅත්වේවා)නබිතුමා සමග සමාලෝචනය කර ඇත.එපමණක් නොව මෙම ශුද්ධ වූ අල්කුර්ආනය මුහමිමද් (එතුමාටඅල්ලාහ්ගේආශිර්වාදයඅත්වේවා) නබිතුමාද ජිබිරීල් දේව දූතයා ඉදිරියේ සෑම වසරක් පාසාම පාරායනය කර ඇති අතර,එතුමාගේ ජීවිතයේ අවසාන වසරේදී එය දවවාවක් පාරායනය කර නිවැරදිතාවය තහවුරු කර ගෙන ඇත.
ශුද්ධ වූ අල්කුර්ආනය ලොවට පහළ වු දා සිට මේ වන තුරු එහි අකුරක් නෑර අකුරක් පාසාම කඩ පාඩමි කර ගත් මුස්ලිමිවරුන් විශාල සංඛ්‍යාවක් මෙලොව තුළ සිටී.ඒ අතරේ වයස අවුරුදු දහයක් තරමි වූ කුඩා දරුවන් පවා සිටී.එලෙස ශත වර්ෂ ගණනාවක් පසු කලත් අල්කුර්ආනය එකම අකුරක්වත් නොවැරදී,නොවෙනස්ව සංශෝඩනයන්ට භාජනය නොවී ඒ අයුරින්ම පවතී.මෙවැනි සුවිශේෂත්වයක් වෙනත් කිසිම දේව පුස්තකයට හිමි වූයේ නැත.
දැනට සිය වස් දහ හතරකය පෙර අනාවරණය කළ අල්කුර්ආනයේ සදහන් සමහර තොරතුරු විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ ඉතාමත් මෑතකදීය.මේ සොයාගැනීමි මගින් විද්‍යාමාන වන්නේ අල්කුර්ආනය යනු සත්‍ය වශෙයන්ම සියළු නිර්මාණයන්හි එකම නිර්මාතෘ අල්ලාහ් දෙවිදුන්ගේ වදන් බවත්,එය වක්තෘ මුහමිමද් (එතුමාටඅල්ලාහ්ගේආශිර්වාදයඅත්වේවා)නබිතුමාට අනාවරණය වු බවත් ය.අල්කුර්ආනෙයහි අන්තර්ගතය ලෙස අවධානය යොමු කර,එය අධ්‍යයනය කරද්දී,එවැනි ග්‍රන්ථයක් රචනය කිරීමට තරමි ඥානයක් එතුමාට නොතිබුනු හෙයින් ඔහු එහි කතෘ නොවන බවද,සත්‍ය වශෙයන්ම එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවා බවද ප්‍රත්‍යක්ෂ වේ.
මින් ඔබිබට සිතා බැලුවෙහාත් අද දින විද්‍යාත්මකව සොයාගත් ඇතැමි කරුණු ගවේශෂණය කරගන්නා ලද්දේ ඉතාමත් සූක්ෂම හා දියුණු යන්ත්‍ර උපකරණ මගිනි.නමුත් නොදියුණු කාල වකවානුවක් වූ දහ හතර වන සතවර්ෂයේ සිටි,නූතණ තාක්ෂණ දැනුමේ අල්ප මාත්‍රයක්වත් නොතිබුණු යුගයක,කිසිම කෙනෙකුට මෙවැනි දේ සොයාගැනීමට කිසිසේත් නොහැකි බව පැහැදිළි වේ.එමෙන්ම ශුද්ධ වූ අල්කුර්ආනෙයහි අඩංතු පරිච්චේදයන්ට සමාන වන එක් පරිචිචේදයක් නිර්මාණයකිරීම සදහා විශාල අභියෝගයක් පවතියි.
“මිනිසුන්ද,ජින්වරුන්ද එකතු වී කෙනෙකුට කෙනෙක් සහය වෙමින් මෙම අල්කුර්ආනය මෙන් පුස්තකයක් නිර්මාණය කිරීමට උත්සාහ කළද,කවමදාවත් එවැන්නක් ඔවුන්ට කළ නොහැක.”
(අල්කුර්ආන් 17: 88)
අල්කුර්ආනයේ පවතින පරිචිචේදයන් වැනි වූ තවත් එක් පරිචිචේදයක් නිරිමාණය කරන ලෙස මිනිස් වර්ගයාට අල්කුර්ආනය තුළින් දෙවියන් වහන්සේ අභියෝග කර ඇත.අල්කුර්ආනය පහළ වී දැනට ශතවර්ෂ දහ හතරක් ගතවී තිබුණත් අල්කුර්ආනයේ තිබෙන වචන දහයකින් පමණක් සමන්විත වූ කෙටිම පරිචිචේදය වන “කවුසර්” නැමැති (108 වන පරිචිචේදය වත් නිර්මාණය කිරීමේමෙම අභියෝගය ජය ගැනීමට මේ දක්වාම කිසිවෙකුත් සමත් වී නැත.
නවී විද්‍යාව විසින් දිනෙන් දින අල්කුර්ආනයේ ගැබිවී ඇති විද්‍යාත්මක තොරතුරු සොයා ගනිමින් පවතී.මෙසේ මෑත කාලෙය්දී සොයාගන්නා ලද විද්‍යාත්මක තොරතුරු අතර මුහුදු දෙකක් අතර තිබෙන බාධකයන් පිළිබදව ද අල්කුර්ආනය සදහන් කරයි.එම කරුණු පිළිබදව මෙම ලිපිය තුළින් සාකචිඡා කරමු.
සාගර හා ගංගා පිළිබදව අල්කුර්ආනයෙන්
එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක,එම මුහුදු දෙක අතර බාධයක් ඇති බව නවීන විද්‍යාව මගින් සොයාගෙන ඇත.මෙම බාධක මුහුදුදෙක වෙන්කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්,ලවණතාවයන් හා ඝනත්වයන් ඇත.උදාහරණයක් ලෙස මධ්‍යධරණී මුහුද ගත් විට එහි ජලය අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා උණුසුමි වූද,ලවණතාව අධික වූද,අඩු ඝණත්වයක් ද ඇති ජලය වේ.මධ්‍යධරණී මුහුදේ ජලය ගිබ්‍රැලිටා විවරය මගින් කිලෝ මීටර් සිය ගණනක් දුරටත්,මීටර් දහසක් පමණ ගැඹූරටත් අත්ලාන්තික් සාගරය තුළට ඇතුළු වන්නේ එයටම ආවේනික වූ උෂ්ණත්වය,ලවණතාවය හා අඩු ඝනත්වය යන ලක්ෂණය සමගය.
මෙම සාගරවල ඇති විශාල තරංග (රළ) සැඩ සුළි,වඩදිය හා බාදිය යනාදිය තිබුණත්,ඒවා එකිනෙක මිශ්‍ර වන්නේවත්,මෙම බාධක කැඩී යන්නේවත් නැත.මුහුදු දෙකක් හමුවන තැන බාධකයක් තිබෙන බවත්,එය විනාශ වී නොයන බවත් අල්කුර්ආනයේ සදහන්ව ඇත.ශුද්ධ වූ අල්කුර්නයෙහි අල්ලාහ් දෙවියන් මෙසේ පවසයි,
“ඔහු මුහුදු දෙකක් එකිනෙකට සංකලනය වීමට සැලැස්සුවේය.එහෙත් ඒවා අතර බාධකයක් ඇත.ඒවා එය අභීබවා නොයයි.” (අල්කුර්ආන් 55 : 19-20)
එහෙත් අල්කුර්ආනය මිරිදිය හා කරදිය අතර ඇති බෙදීම ගැන කතා කරන විට එහි “අනවරණීය බෙදුම”ලෙස බාධකය හදුන්වා ඇත.
අල්කුර්ආනයේ අල්ලාහ් දෙවිදුන් මෙසේ පවසයි
“ඔහුමය වර්ග දෙකක ජලය ඇති කළේ.එකක් මිරි දිය,බීමට හැකිය.අනික කර දිය,ලුණු රසැති හා තිත්තය.ඔහු ඒදෙක අතර සමිබන්ධයක් ඇති කළේය.එය අනවරණීය (තරණය කළ නොහැකි) බාධකයකි.”(අල්කුර්ආන් 25 : 53)
අල්කුර්ආනයෙහි මිරි දිය හා කර දිය වෙන් කිරීම ගැන කතා කරන විට,බෙදුමි කලාපයක් ගැන කතා කළත් මුහුදු දෙකක් අතර ඇති බෙදුම ගැන කතා කරන විට එසේ කතා නොකළේඇයි? යනුවෙන් කෙනෙකුට ඇසිය හැක.නවීන විද්‍යාව මගින් සොයාගත් ආකාරයට කලපුවල,එනමි කරදිය හා මිරිදිය මිශ්‍ර වන තැන ඇති තත්ත්වය,මුහුදු දෙකක් මිශ්‍ර වන තැන ඇති තත්ත්වයට වඩා ස්වල්පයක් වෙනස්ය.කලපුවලදී කරදිය හා මිරිදිය අතර වෙනස්කමි “ස්ථර දෙකක් අතර ඝනත්ව වෙනස පැහැදිලිව පෙනෙන කලාපයක්”ලෙස සොයාගෙන ඇත.මෙම බෙදුමි කලාපයේඇති ජලය කරදිය හා මිරිදියට වඩා වෙනස් ලවණතාවයක් දක්නට ලැබේ.
මේ තොරතුරු ඉතා මෑතකදී සොයාගත් අතර ඒ සදහා ඉතා නවීන උපකරණ යොදාගෙත උෂ්ණත්වය,ලවණතාවය හා ඝනත්වය ඔක්සිජන් දිවයන ප්‍රමාණය වැනි බොහෝ දේ මැන ගැනීමට සිදුවිය.එකිනෙක හමුවන මුහුදු දෙකම එකම මුහුදක් ලෙස පමණක් දැකිය හැක.එලෙසම කලපුවකදී ජලය කොටස් තුනකට බෙදීමද පියවි ඇසකින් දැකිය නොහැක.මේ කොටස් තුන නමිමිරිදිය,කරදිය හා බෙදුමි කලාපයයි.