Originally posted 2024-06-05 23:58:26.
හජ් වන්දනාව ඉටු කිරීම
දෙවියන් අල්ලාහ් ශ=ද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ පවසන්නේය.
—(මෙලොවෙහි දෙවියන්ව නමදින්නට යයි) මිනිසුන්ට ඉදි කරන්නට යෙදුන නැමඳුම්පළවල් වලින් පළමුවන්න නියත වශයෙන්ම බක්කා හි (මක්කාවෙහි) පිහිටි එකයි.(එය ආශිර්වාද කරනු ලැබූ එකක් වශයෙන්ද) ඉතාමත් භාග්‍යයට අයත් එකක් වශයෙන්ද මුළුමහත් ලෝකවාසීන්ටම සෘජු මාර්ගය (පෙන්වන්නක්) වශයෙන්ද ඇත්තේය.එහි පැහැදිලි සාධකයන්ද ඇත්තේය.ඉබ්රාහීම් (සලාත් කිරීම සඳහා) සිට ගත් ස්ථානයද ඇත්තේය.කවුරුන් එහි ඇතුළු වන්නේද ඔහු (ආරක්ෂාව ලත්) බිය නැත්තෙකු බවට පත් වන්නේය.(එබැවින්) කවුරුන් එහි වන්දනා කිරීමට ශක්ති සම්පන්නයෙකු වශයෙන් සිටින්නෝද එවැනි මිනිසුන් කෙරෙහි අල්ලාහ් වෙනුවෙන් (එහි ගොස්) එම නැමඳුම්පළ හජ් කිරීම අනිවාර්්‍යය වන්නේය.කවුරුන් හෝ (මෙය) ප්‍රතික්ෂේප කළහොත් (එයින් අල්ලාහ්ට කිසිවක් අඩු වී යන්නේ නැත.මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් උත්පාදනයන්ගෙන් (කිසිවකගේ) අවශ්‍යයතාවයක් නැත්තෙකු වශයෙන් සිටින්නේය.˜ (අල්කුර්ආන් 03:96-97)
හජ් කර්තව්‍යයේ ඉලක්කය
මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නඛිතුමා පැවසූ බව ආයිෂා මව්තුමිය මෙසේ වාර්ථා කරන්නාය.
—ශ=ද්ධ වූ කඃබා දේවස්ථානය පැදකුණු කිරීම,සෆා මර්වා අතර දිවීම හා ජම්රාවන්හි ගල් ගැසීම යන සෑම ක්‍රියාවක්ම දෙවියන් අල්ලාහ්ව මතක් කිරීම සඳහාය.˜
(මූලාශ්‍රය:අබූ දාවුද් හා තිර්මිදි)
හජ් කර්තව්‍යයේ මහිමය
මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමා පැවසූ බව අබූහුෙරෙරා (රලි) මෙසේ වාර්ථා කරන්නේය.
—කවරෙකු ස්ත්රින් සමග ආශ්වාදයෙහි නොයෙදී පාපී ක්‍රියාවන්ගෙන් වැළකී හජ් කර්තව්‍යය ඉටු කරන්නේ ද ඔහු තම සියළු පාපයෙන්ගෙන් නිදහස් වූ එදින උපන් බිළිදෙකු වැනිය.˜
(මූලාශ්‍රය:බුහාරි හා මුස්ලිම්)
—උම්රාවක සිට තවත් උම්රාවක් දක්වා වූ කාල පරිච්චේදය පාපොච්චාරණ වේ.නිවැරදි ලෙස ඉටු කරනු ලැඛෙන හජ් වන්දනාවට ප්‍රතිඵලය ස්වර්ගය හැර වෙනත් කිසිවක් නොමැත.˜
(මූලාශ්‍රය :බුහාරි හා මුස්ලිම්)
හජ් කර්තව්‍යයේ ප්‍රයෝඡන
(1) දෙවියන් අල්ලාහ්ගේ අණට අවනතවීමක් ලෙස සලකනු ලබන්නේය.
(2) ඉස්ලාම් විශ්ව ආගමක් යන්නට පැහැදිලි සාධකයක් වේ.
(3) අවසන් (කියාමත්) දිනයේ සිදුවීම මතක් කර දෙන්නේය.
සටහන :- කවුරුන් හජ් කර්තව්‍ය ඉටු කිරීමට අදහස් කරන්නේ ද ඔහු මෙම මහඟ= වගකීම ඉටු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව ඉගන ගැනීම ඉතා උචිත වන්නේය.ඒ තුළින් හජ් කර්තව්‍යය නිවැරදි ලෙස ඉටු කිරීමේ භාග්‍ය ඔහුට හිමි වන්නේය.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

