ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05 ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05 අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම මුස්ලිම් වරයෙක්ම ජීවිතයේ එක් වතාවක් මෙම කර්තව්‍ය ඉටුකිරීම අනිවාර්ය යුතුතමකි. මෙය සර්ව බලධාරී දෙවි තම ශුද්ධ වූ ග්‍රන්ථය වන පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ පවසයි. එහි(මක්කා නගරයේ පිහිටා ඇති දේවස්ථානයෙහි) පැහැදිලි සංඥාද මකාමු ඉබ්රාහී (දේව වක්තෘ ඉබ්රාහී නැමදුම් කළ ස්ථානය) ද ඇත. එයට ඇතුළු වන කවරෙකු වුවද, ඔහු සුරක්ෂිත වන්නේ ය. (එබැවින්) එම (මක්කා නගරය) වෙත සැපවත් වීමට තරම් වත්පොහොසත් කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත(ගොස්) හජ් වන්දනාව ඉටුකිරීම අනිවාර්ය වේ. ශුද්ධ වූ කුර්ආනය 3-97 ඉහත කුර්ආන් වැකිය මගින් හජ් වන්දනාව කොතරම් වැදගත්ද යන්න මනාව පැහැදිලිවේ. ඒ අනුව ඉස්ලාම් අවදාරණය කරන අනිකුත් වත්පිළිවෙත් මෙන් හජ් සහ උම්රා ඉටුකළ යුතු ආකාරය ද නබි (සල්) තුමාණෝ ඉතා පැහැදිලිව ජනයාට පෙන්වා දී මෙසේ ප්‍රකාශ කොට ද ඇත. ‘ඔබලාගේ හජ් හා උම්රා නැමදුම (ඉටුකිරීමේ ක්‍රමවේදය) මාගෙන්ම ලබා ගන්න, මක්නිසාදයත් මාගේ මෙම හජ්වලින් පසු (නැවතත්)හජ් ඉටුකිරීමට නොලැබේ දැයි මම නොදනිමි’ ග්‍රන්ථය – සහීහ් මුස්ලිම් ඉහත හදීසය තුලින් අවදාරණය කරන මූලික කාරණයක් වන ‘…හජ් හා උම්රා නැමදුම මාගෙන්ම ලබා ගන්න…’ යන වදන ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම හජ් කර්තව්‍ය කලයුතු ආකාරය මෙතැන් සිට දැන් විමසා බලමු.
උම්රා – ඉටුකළ යුතු ආකාරය ඉහ්රාම් ඉහ්රාමයට පෙර ස්නානය කිරීම – ආවර්ථය ඇති වූ කාන්තාවන්, දරු ප්‍රසූතිය නිසා රුධිර වහනය සිදුවන කාන්තාවන් ඇතුළුව හජ් සහ උම්රා ඉටුකරන සියළු දෙනා ඉහ්රාමයට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ. පුරුෂයින්ගේ ඉහ්රාමය – මැහුම් නොමැති රෙදි කැබැලි දෙකක්. එක් කැබැල්ලක් සරමක ආකාරයට ඇඳ ශරීරයේ පහළ කොටස ආවරණය කළ යුතු අතර අනික් කැබැල්ලන් ශරීරයේ ඉහළ කොටස ආවරණය වන පරිදි ඇඳ ගත යුතු වේ. පාවහන් පැළඳ ගත හැකිය.
මෙහි ඉහත රූපයේ කළු පාටින් පෙන්වා ඇත්තේ ඉහ්රාම් ඇදීමේ දී ශරීරයේ විවෘතව තිබිය යුතු ස්ථානයන්ය පුරුෂයින්ට තහනම් ඇඳුම් තොප්පි තලපා මසන ලද ඇඳුම් කාන්තාවන්ගේ ඇඳුම් සාමාන්‍ය පරිදි මසන ලද ඇඳුම් පැළදිය හැකි අතර හිස ආවරණය කළ යුතුය.
කාන්තාවන් නොපැළඳිව යුතු දෑ මුහුණ ආවරණය නොකළ යුතුයි අත් ආවරණය වන පරිදි මේස් නොපැළදිය යුතුය ඉහ්රාම් වස්ත්‍රය ඇඳගත යුතු ස්ථාන
1524حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ، حَدَّثَنَا وُهَيْبٌ، حَدَّثَنَا ابْنُ طَاوُسٍ، عَنْ أَبِيهِ، عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ: «إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لِأَهْلِ المَدِينَةِ ذَا الحُلَيْفَةِ، وَلِأَهْلِ الشَّأْمِ الجُحْفَةَ، وَلِأَهْلِ نَجْدٍ قَرْنَ المَنَازِلِ، وَلِأَهْلِ اليَمَنِ يَلَمْلَمَ، هُنَّ لَهُنَّ، وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِهِنَّ مِمَّنْ أَرَادَ الحَجَّ وَالعُمْرَةَ، وَمَنْ كَانَ دُونَ ذَلِكَ، فَمِنْ حَيْثُ أَنْشَأَ حَتَّى أَهْلُ مَكَّةَ مِنْ مَكَّةَ» صحيح البخاري
මදීනා වැසියන්ට දුල් හුලෛෆා නැමති ස්ථානයද, ෂාම් (සිරියා) වැසියන්ට ජුහ්ෆා නැමති ස්ථානයද, නජිද් වැසියන්ට කරනුල් මනාසිල් නැමති ස්ථානයද, යෙමෙන් වැසියන්ට යලම්ලම් නැමති ස්ථානයද, ඉහ්රාම් අඳින ස්ථාන ලෙස නබි (සල්) තුමාණෝ නම් කර ඇත. මෙම ස්ථාන මෙම ස්ථානයන්හි ජීවත් වන අයට හා මෙම ස්ථාන හරහා හජ් සහ උම්රාව අපේක්ෂාවෙන් පැමිණෙන අයටයි. මෙම සීමාවන් තුළ ජීවත් වන අයට ඔවුන් ජීවත් වන ස්ථානයම සීමාව වේ. මක්කා වැසියන් මක්කාවේදීම ඉහ්රාමය ඇඳගත යුතු යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. බුහාරී – 1524,1526,1529,1530,1845 ඉහත හදීසයට අනුව නබි (සල්) තුමාණන් එක් එක් ප්‍රදේශවල අය ඉහ්රාම් ඇඳිය යුතු ස්ථානය නිර්නය කර ඇත.
ඒ අනුව මදීනා වැසියන්ට හා ඒ හරහා එන අයට දුල් හුලෛෆා නැමැත් ස්ථානයද සිරියා වැසියන්ට හා ඒ හරහා එන අයට ජුහ්ෆා නැමැති ස්ථානයද නජිද් වැසියන්ට හා ඒ හඑහා එන අයට කරනුල් මනාසිල් නැමැති ස්ථානයද යෙමන් වැසියන්ට හා ඒ හරහා එන අයට යලම්ලම්(වර්ථමාන සහ්දීයා) නබි (සල්) තුමාණන් නම් කර ඇත. හජ් හා උම්රා සඳහා එන සියලු දෙනා මෙම සීමාවේදී හෝ ඊට ප්‍රථම ඉහ්රාමය ඇඳගත යුතු වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් යන අයට සීමාව වන්නේ යලම්ලම්(වර්ථමාන සහ්දීයා) නම් ස්ථාන යයි. මේ ආකාරයට උම්රා සඳහා ඉහ්රාම් අඳින විට ඉසිරිය යුතු වදනක් ද ඇත. එනම්, لَبَّيْكَ عُمْرَةً (ලබ්බයික් උම්රතන්) යැයි පැවසිය යුතු අතර හජ් සඳහා පමණක් ඉහ්රාම් අඳින්නේ නම්,
(ලබ්බයික් හජ්ජන්) لَبَّيْك حَجًّا යයි පැවසිය යුතුය. තවද හජ් සහ උම්රා යන දෙකම කරන්නේ නම්, لَبَّيْكَ عُمْرَةً وَحَجًّا (ලබබයික් උම්රතන් හජ්ජන්) යැයි පැවසිය යුතු වේ. ඉහ්රාම් ඇඳගත් කෙනෙකු වැළකී සිටිය යුතු කරුණු – විවාහය – ඉහ්රාම් ඇඳගත් පුද්ගලයා විවාහ වීම මගුල් කතා කිරීම වැනි කරුණු වලින් වැළකී සිටිය යුතුයි. (සාක්ෂි – සහීහ් මුස්ලිම් 2522,2524) සංසර්ගය තම භාර්යාව සමග හජ් හෝ උම්රා සඳහා ගිය පුද්ලයා ඉහ්රාම් ඇඳගත් පසු සංසර්ගයේ යෙදීම තහනම් වේ.(සාක්ෂි අල් කුර්ආන් – 2-197). අනවශ්‍ය වාදභේදවල නියලීම ඉහ්රාම් ඇඳගත් පුද්ගලයා අනවශ්‍ය වාදවල නියලීම තහනම් වේ (සාක්ෂි – 2-197) දඩයම් කිරීම ඉහ්රාම් ඇඳගත් පසු සතුන් දඩයම් කිරීම තහනම් වේ (අල් කුර්ආන් 5-95 සුවඳ විලවුන් ගෑම ඉහ්රාම් අඳගැනීමෙන් පසු සුවඳ විලවුන් ගෑම තහනම් වන අතර ඉහ්රාම් ඇඳගැනීමට පෙර සුවඳ විලවුන් ගෑමෙහි ප්‍රශ්ණයක් නැත.(සාක්ෂි බුහාරී – 5928) ශරීරයෙන් රෝම ඉවත් කිරීම ඉහ්රාම් ඇඳගත් පසු හජ් කර්තව්‍ය ඉවරවන තෙක් නියපොතු කැපීම, රෝම ඉවත් කිරීම වැනි කරුණු වලින් වැළකී සිටිය යුතු වේ.(බුහාරී – 1814) ඉහ්රාම් ඇඳිය යුතු කාලය – හජ් වන්දනාවේ වත් පිළිවෙත් දුල් හිජ්ජා මස අටවන දින ආරම්භ වන නමුත් ඊට මාස දෙකකට කළින්ම ඉහ්රාම් ඇඳීම කළ හැකිය. ‘හජ් කර්තව්‍ය සඳහා වූ කාලය සැවොම දන්නා නියමිත මාසයන් හි ය.’ ශුද්ධ වූ අල් කුර්ආන් 2-197 “وَأَشْهُرُ الحَجِّ الَّتِي ذَكَرَ اللَّهُ تَعَالَى فِي كِتَابهِ: شَوَّالٌ وَذُو القَعْدَةِ وَذُو الحَجَّةِ،” 1572 – صحيح البخاري ‘
අල්ලාහ් තම පුස්තකයේ සඳහන් කරන හජ් සඳහා වූ මාස වනුයේ ෂව්වාල්, දුල් කහ්දා සහ දුල් හිජ්ජා යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.’ මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි 1572) ඉහත කුර්ආන් වැකිය හා හදීසයට අනුව ෂව්වාල්, දුල් කහ්දා, දුල් හිජ්ජා යන මාස අතුරින් කුමන මසක වුවද ඉහ්රාම් ඇඳුම ඇඳිය හැකිය. තල්බීය පැවසීම – ඉහ්රාම් අඳින විට කිබ්ලා දෙසට හැරී තල්බීයාව පැවසිය යුතුය.(සාක්ෂි බුහාරී 1553). උස් හඬින් තල්බීයාව පැවසිය යුතු අතර කාන්තාවන්දටද තල්බීයාව උස් හඬින් පැවසිය හැකිය. මක්කාවට පැමිණි පසු තල්බීයාව නැවැත්විය යුතු ය. තල්බීයාවේ වදන් لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالمُلْكَ، لاَ شَرِيكَ لَكَ ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික් ලාෂරීකලක ලබ්බයික්, ඉන්නනල් හම්ද වන් නිහ්මත ලක, වල් මුල්ක ලාෂරීකලක් මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී – 1549
ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික් ලාෂරීකලක ලබ්බයික්, ඉන්නනල් හම්ද වන් නිහ්මත ලක, වල් මුල්ක ලාෂරීකලක් මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී – 1549