සූරා අල් ෆාතිහා – ආරම්භය

පරිච්ඡේදය – 01

සූරා අල් ෆාතිහා – ආරම්භය

4

1- මහා කාරුණික පරම දයාබර අල්ලාහුගේ් නාමයෙන් ආරම්භ කරන්නෙමි,

2- පැසසුම් සියල්ලම සකල ලෝක සංවර්ධන, සංරක‍ෂණ පරිපෝෂණ, පරිපාලන කරන්නාවූ අල්ලාහුටමය,

3- ඔහු අසීමිත කරුණා වන්තයාය, අසම දයාවන්තයාය,

4- විනිශ්ච දිනයෙහි අධිපති (ඔහුමය),

5- ඔබම අපි නමදින්නෙමු, ඔබගෙන් පමණක්ම පිහිට පතන්නෙමු,

6- අපට සෘජු මාර්ගය පෙන්වා දෙනු මැනව,

7- (එය) ඔබගේ ආශිර්වාදය ප්‍රදානය කළ අයගේ මාර්ගයයි, ඔබගේ කෝපයට භාජනය වූ හෝ නොමග ගියවුන්ගේ මාර්ගයේ නොවේ.

 

Related Post