මතට තිත තියමු stop drugs

මතට තිත තියමු

මතට තිත තියමු

ඈත අතීතයේ සිට මිනිස් සමාජයේ තරුණකම,ධනය,ආයුකාලය හා බුද්ධිය යන සියල්ල විනාශ කරවන වසංගතයක් වශයෙන් පැවතී එන්නේ මත්පැන නැමැති විෂබීජයයි.වර්තමාන සමාජයේ සාරධර්ම පිරිහීම,ආර්ථික අසහනය,දිනෙන් දින ව්‍යාප්ත වන අපරාධ රැල්ල,පවුල් බේද ගිනි,මානසික අලසකමි හා නොයෙකුත් සමාජීය ගැටළු වැනි මහා ඛේදවාචකයන්ට මුදුන් මුල වන්නේ ද මෙම මත්පැන් පානයයි.විශේෂයෙන්ම,විශ්ව අනාගත තරුණ පරපුර මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවීම රටක් වශයෙන් එහි අනාගතය හා ඉදිරි දැක්ම සඳහා විශාල අහිමිවීමක් වන නිසා,මේ මත් උවදුරට එරෙහිව ප්‍රායෝගික මෙන්ම පලදායි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යයතාවය සැලකිල්ලට ගෙන වර්ෂයක් පාසා මැයි 31 වැනි දින “ජගත් දුමිවැටි හා මත්පැන් විරෝධී දිනය” සමරනු ලැබේ.නමුත් වර්ථමානයේ මෙම විරෝධතා දිනය සටන් පාඨ,විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ වලට පමණක් සීමා වූ තවත් සාමිප්‍රදායික දිනයක් බවට පරිවර්ථනය වී අවසන්ය.ජනතාවට මෙයින් සෙතක් හෝ සහනයක් ලැබෙනවාද යන්න ප්‍රශ්ණාර්තයක් වී ඇත.මෑත කාලීන සමීක්ෂණ වාර්ථාවන් තුළින් ද ගම්‍ය වේ.

විශාල මුදල් කන්දරාවක් වියදමි කරමින් දෛනිකව ලොව පුරා ලීටර් මිලියන ගණනින් මත්පැන් පරිභෝජනය කරන මිනිස් සමාජය තම ජීවිතයට දිනපතා මුහුණ දෙන්නේ විකෘති වූ හා අවුල් සහගත මානසිකත්වයකින් යන්නෙහි කිසිවෙකුටත් දෙවැනි මතයක් පැවතිය නොහැක.මෙවැනි සමාජීය පිරිහීම වැළැක්වීම උදෙසා වසරේ දවසක් වෙන්කර,සටන් පාඨ කියමින් කඩදාමි කොළවලට පමණක් සීමා වූ ප්‍රතිපත්ති සැකසීම තුළින් සමාජයට කිසිම සෙතක් වන්නේ නැහැ.මෙම ප්‍රශ්ණය දෙස යථාර්ථවාදීව බැලිය යුතුය.

අද බොහෝ දෙනා මතට තිත තියන්නට උත්සාහ දරති.මේ සඳහා බොහෝ සංවිධාන හා ආයතන නොයෙක් අයුරින් ක්‍රියා කරමින් සිටියි.පුවත්පත් දැන්වීමි ඔස්සේ,රූපවාහිනි නාලිකා ඔස්සේ,ගුවන් විදුලිය ඔස්සේ මෙහි ඇති ප්‍රතිවිපාකය සමිබන්ධයෙන් දැනුවත් කරමින් සිටියි.එහෙත් මේ දේවල් මතට තිත තියන්නට සමත් වූයේ නැත.මතෙහි ප්‍රතිවිපාකය හේතුවෙන් ලංකාවේ සංස්කෘතිය විනාශ වන්නේය.තරුණ තරුණියන් රැසක් බටහිර වාදීන් බවට පත්වෙමින් සිටින්නේය.අනුන් තමන්ව පිළිගත යුතුයි යන පටු චේතනාවෙන් ඇතමුන් මතට ඇබිබැහි වී සිටිති.ශෝජනීය කරුණක් නමි,බොහෝ උත්සව වල,මගුල් ගෙවල් වල,මරණ ගෙවල් වල මෙන්ම ආගමික උත්සව වල පවා රජ කරන්නේ අරක්කු බෝතල්ය.විශේෂයෙන් දෙසමිබර් මාසයේ සිට ජනවාරි අග දක්වා අරක්කු සැපයීම සීඝ්‍ර වන්නේය.මතට තිත තියෙන දේ කෙසේ වෙතත් එය සුළු වශයෙන් හෝ අඩුවීමක් වත් දක්නට නොලැබෙන්නේය.

ලෝකයේ පවතින සියළුම ආගමි මත තහනමි කරන්නේය.එදිනෙදා එයට විරෝධී දේශනයන් පවත් වන්නේය.එහෙත් ඇතැමි පිරිස් මෙම ආගමික දේශන තුටිටුවකට වත් ගණන් ගන්නේ නැත.ඔවුන් වයින් ස්ටෝර්ස් අභියස විනීතව පෝලිමි ගැසී අරක්කු මිලදී ගැනීම අපිට එදිනෙදා පහසුවෙන් දැක ගන්නට හැකි වේ.මෙය දකින විට පූජකයන් කරන දේශනාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බව පෙනේ.

දුමිවැටි හා මත්පැන් උවදුරෙහි වර්ථමාන තත්ත්වය දෙස නෙත් යොමු කරනවානමි,මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්ෂණ සටහන් වන්නේ,වසර 2015 වනවිට ලෝක සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 10% ක ප්‍රතිශතයක් දුමිබීම හා මත්පැන් පානය ආශ්‍රිත රෝගී නිසා සිදුවනු ඇති බවයි.මේ වනවිටත් දුමිපානය හා මත්පැන් පානය ආශ්‍රිත රෝගී තත්ත්වයන් නිසා වසරක් පාසා පුද්ගලයන් ලක්ෂ 05 (500000)කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවද එම වාර්ථාවන්හි සඳහන්ය.අපේ පුංචි ශ්‍රී ලංකාවේත් දුමිපානය හා දුමිවැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව 15000 ත් 25000 ත් අතර වූ පුද්ගල මරණ වාර්ථා වන බව සමීක්ෂණ හෙළි කරයි.

 

මෙම උවදුරෙන් බේරෙන්නේ කෙසේද?

ඉතිහාසයේ මෙම සමාඩ ව්‍යයසනය සමාජය තුළින් තුරන් කිරීම සඳහා නොයෙකුත් සංවිධාන හා ව්‍යාපාරයන් බිහි වූවත් මෙම ප්‍රශ්ණය දෙස ප්‍රායෝගිකව නොබැලීම නිසා එම ක්‍රියා කාරකමි වලට සාර්ථකත්වය අත් කර ගැනීමට නොහැකි විය.නමුත් ඉතිහාසයේ අවුරුදු 1400 කට පෙර මත් උවදුර තුළ ගිලිහී පැවති සමාජයක යථාර්ථය නිසියාකාරව හඳුනාගෙන ඉතා අලංකාර ලෙස එම සමාජය මෙම ඛේදවාචකයෙන් මුදවා,එම සමාජය තුළ රජ කරමින් තිබූ අහිතකර පුරුදු වන නූගත්කම,දූෂණය,ප්‍රචන්ඩත්වය හා ජාති කුග භේද අතුගා දැමීමට දිව්‍යයමය දහමක් වන “ඉස්ලාමි” ධර්මයට හැකි විය.මෙය අපට ආශ්චර්ය ගෙන දෙන කරුණක් වනු නියතය.නමුත් එය ආශ්චර්ය විය යුතු කරුණක් නොවේ.මෙය සිදුවුනේ අද තිබෙන සෞදි අරාබියාවේ මීට අවුරුදු 1400කට පෙරය.මේ සමිබන්ධයෙන් බොහෝ ඉතිහාසඥයින් කරුණු පැහැදිලි කර ඇත.

අල්ලාහ් දෙවිඳුන්ගේ අවසන් ශාස්තෘවරයාණන් වූ මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේආශිර්වාදය අත්වේවා) නබිතුමා මතට තිත තියන්නට බොහෝ සේ ක්‍රියා කළහ.මේ සමිබන්ධයෙන් අධික ලෙස දේශනා පැවැත් වූයේය.අල්ලාහ් දෙවිඳුන්ගේ අනාවරණයෙන් එම ජනතාවට සත්‍යය ලෙසින්ම පහදා දී සමස්ථයක් වශයෙන් එම ජනතාව අතර මතට තිත තැබුවේය.ඒ මොහොතේම මත උපදවන සෑම දෙයක්ම පොළොවට මුදා හැරියේය.එය මත් ගංගායන් ගලා යන ආකාරයෙන් තිබූ බවද ඇතැමි ඉතිහාසඥයින් උපමා කරන්නෝය.

එදා මත්පැන් තුළ ගලී පැවති සමාජය එයින් මුදවා ගැනීම සඳහා මත් උවදුර මගින් මිනිස් සමාජයට සිදුවන අනිටු විපාකයන් හා එයින් මිදීම තුළින් ඔවුන් ලඟා කරගන්නා යහපත හා මහිමය ඉතා හොඳින් අල්ලාහ් (දෙවියන්) දිව්‍යයමය මග පෙන්වීමි මත හිඳ මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේආශිර්වාදය අත්වේවා) නබිතුමාණන් විසින් පහදා දෙන ලද්දේ දැඩි නීති රීති මගින් නොව ඔවුන්ගේ සිහිබුද්ධිය හා හෘද සාක්ෂිය වෙත ආයාචනයන් සිදු කරමිනි.එය කොතරමි ද යැයි පවසනවා නමි අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ අල්කුර්ආනය මගින් මෙම මධ්‍යයසාරය එකවර තහනමි නොකොට එය පියවරින් පියවර ඉතා සූක්ෂම ආකාරයට සිදු කරන්නට තරමි එම සමාජය මත්පැන්හි ගලී ජීවත් වූහ.

 

පළමු පියවර

“වැඳුමි පිඳුමි කරන මොහොතේ මත්පැන් භාවිතයෙන් වලකින්න”

                                                (අල්කුර්ආන් 04:43)

දෙවන පියවර

“නබිතුමණි ඔවුන් මධ්‍ය්‍යසාර පිළිබඳව විටින් විට ඔබෙන් ප්‍රශ්ණ කරති.මධ්‍යයසාරයන්හි ඇති ප්‍රයෝජනයන්ට වඩා අනිටු විපාකයන් අධික නිසා,මෙයින් වැළකී සිටීම යහපත් යැයි නුඹ ඔවුන්ට පවසන්න.”

                                                (අල්කුර්ආන් 02:219)

අවසන් අදියර

අවසන් අදියරෙහි මත්පැන තහනමි කරමින් අල්ලාහ් දෙවියන් මිනිස් සමාජයට කළ ආමන්ත්‍රණය ඉතා සුවිශේෂීය.

“විශ්වාසවන්තයිනි!නියත වශයෙන්ම මත්පැනද,සූදු කෙළියද,පිළිරූ ආරාධනයද,දුන්නෙන් විද නිවිති බැලීමද ෂෛතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවන් වන්නේය.ඔබ සාර්ථකත්වය ලැබීමට නමි මේ ක්‍රියාවන්ගෙන් ඈත්වන්න.මත්පැන් මගින් ඔබලා අතර ක්‍රෝධය හා වෛරය වපුරනු ලබන්නේය.දෙවියන් වහන්සේ සිහිපත් කර දීමෙන් ද නියෝග හා පනත් අනුගමනය කිරීමෙන්ද ඔබ වළක්වාලයි.සොමිනසේ මාරගයෙන් ඔබ ඉවත් කොට සීමා ඉක්මවීම හා ලර්හාවට ඇද දමන්නේය”

                                                (අල්කුර්ආන් 05:90-91)

මෙම වචනය පහල වනවාත් සමගම එම සමාජය ඊට දැක්වූ ප්‍රතිචාරය දෙස බලන්න.ධාර්මිශ්ට ශිෂ්ට සමාජයකට එය හොඳම නිදසුනකි.“මෙම නියෝගය පිළිබඳ පුවත අප වෙත ලැබෙන විට අපි කණඩායමක් අබූ තල්හා (ධනවත් ව්‍යාපාරිකයෙක්) ගේ නිවස තුල සාදයකට සහභාගි වෙමින් සිටියෙමු.මේ පණිවුඩය එතුමාණන්ගේ කණ වැකුණු විගස “මෙහි තිබෙන සියළුම මත්පැන් ඉවතට ගෙන ගොස් කානුවලට වක් කරන්න.” යනුවෙන් අබූ තල්හා මගෙන් ඉල්ලා සිටියේය.මා සියළුම භාජන එළියට ගෙන ගියෙමි.සමහර භාජන කඩා බිඳ දමන ලද අතර තවත් සමහර භාජන හිස් කොට සෝදන ලදී.කොතරමි මත්පැන් හළා ඉවත් කරන ලද්දේ යත් ඉන්පසුව කාලයක් ගතවන තුරුම මදීනා නුවරදී වැසි දවස් වලදී මත්පැන් සුවඳ හා වර්ණය සැම තැනම දක්නට තිබිණි.” යනුවෙන් නබිතුමෙගේ අනුගාමිකයෙක් වාර්ථා කරන නබි වදනක් බුහාරි නැමැති නබි වදන් ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

මත්පැන් තුල ගිලී ගිය සමාජයක් පියවරින් පියවර එයින් මුදවා ගැනීමට ඉස්ලාමි අනුගමනය කල මෙම ක්‍රියා මාර්ගය සැබැවින්ම කොතරමි ආදර්ශමත් ක්‍රියා මාර්ගයක්ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක.මීට වසර 1400ට පෙර පහල වූ එම වාක්‍යය පදනමි කරගෙන එදා පටන් අද වන තුරුත් ලෝකයේ නන්දෙස වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිමිවරු මත්පැන් හා මත්ද්‍රව්‍ය ඵාවිතයෙන් දැඩි ලෙස වැළකී සිටින්නේ ඉස්ලාමි මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කොට ලබා දුන් ආදර්ශය නිසා මිස අන් කරුණක් නිසා නොවේ.මින් නොනවතින ඉස්ලාමි සමාජයෙන් එය සහමුලින්ම තුරන් කිරීම සඳහා වූ ක්‍රියා මාර්ගයක්ද අනුගමනය කළේය.

මධ්‍යයසාර තහනමි කිරීමෙන් නොනැවතුණු ඉස්ලාමි ධර්මය,ඒ මත්පැනට සමිබන්ධ වූ සෑම ක්‍රියාවකටම තහංචි පැනැවිවේය.මත්පැන් පානය කරන්නන් පමණක් නොව,මත්පැන් පානයේදී සෘජුව හෝ වක්‍රාකාරයෙන් සමිබන්ධ වන සියළු දෙනාම අල්ලාහ් විසින් ශාප කරනු ලැබුවන් වෙති.

01.මත්පැන් නිෂ්පාදනය කරන්නා.

02.කවුරුන් වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය කරනු ලැබුවේද?ඔහු

03.මත්පැන් පානය කරන්නා

04.මත්පැන් විකුණනු ලබන ස්ථානය වෙත එය රැගෙන යන්නන්

05.කවුරුන් වෙනුවෙන් මත්පැන් රැගෙන යනු ලැබෙන්නේද?ඔහු

06.මත්පැන් බෙදන්නා

07.මත්පැන් විකුණන තැනත්තා

08.මත්පැන් විකිණීමෙන් ලැබෙන මුදල් පරිහරනය කරන්නා

09.මත්පැන් මිලදී ගන්නා

10.මත්පැන් කවුරුන් උදෙසා මිලදී ගනු ලැබුවේද?ඔහු

යන සියළු කාණ්ඩ අල්ලාහ්ගේ ශාපයට ලක්වන බව,නබිතුමාණන් ප්‍රකාශ කළ නබි වදනක් සුනන් ඉබිනු මාජාහ් නැමැති නබිවදන් ග්‍රන්ථයෙහි තුන්වන වෙළුමේ මත්ද්‍රව්‍ය යන මාතෘකාව යටතේ තිස්වන පරිචිචේදයේ 3380 වන වදන වශයෙන් වාර්තා කරනු ලැබ ඇත.

මත්ද්‍රව්‍ය සමිපූර්ණයෙන්ම තහනමි කළ ඉස්ලාමි දහම එය සැපයුමි මාර්ගයද මුළුමනින්ම වසා දැමුවේය.ඒ නිසා නොයෙක් නිති දැමීමෙන් පමණක් මතට තිත තියන්නට නොහැක.එසේම තෝරාගත් දවසකට පමණක් මත් සැල් වසා දැමීමෙන් ද නිසි ප්‍රතිපලයක් අත්වන්නේ නැත.මේ හේතූන් නිසා තමා ඉස්ලාමි දහම මුස්ලිමි සමාජයට දිනා දුන් යහපත් වෙනස අද බොහෝ ජන සමාජයන්ට දිනා ගැනීමට තවම හැකි වී නැත්තේ.මිනිස් බුද්ධිය මත පදනමිව සමිපාදනය කරන ලද දුර්වල හා ප්‍රායෝගික නොවන නිතිරීති මගින් යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කර දීමට නොහැක.නැවතත් මතින් තොර රටක් හා ධාර්මිශ්ට සමාජයක් බිහි කිරීම සඳහා මෙම ඉස්ලාමි අනුශාසනාවන් පිළිපැදීම ඉතාම යෝග්‍ය යැයි සිතන්නෙමු.

 ඉබිනු ජවාද්

Related Post