උපාවාසය පිළිබද දැනගනිමු

ෆයිසල් මුහම්මද්

උපාවාසය යනු කෙටියෙන්

creator

විශ්වෙය් නිර්මාතෘ

උපවාසය යන්න ඉස්ලාමය පවසන අනෙකුත් වැඳුම් පිඳුම් වලට වඩා තරමක වෙනස් ස්වරූපයක් ගන්නා දේව නැමදුමකි. නිදසුනක් ලෙස මුස්ලම්වරයෙකු දිනපතා පස්වතාවක් කරන දේව නැමදුම වන සලාතය සැලකූවිට එය සියˆ දෙනාට පෙනෙන්නට ඉටුකරන දකින ඕනෑම කෙනෙකෙ=ට පහසුවෙන් වටහාගත හැකි ක්‍රියාකාරකම් කිහිපයක් සහිත කටයුත්තකි.
            සලාතය පමණක් නොව සzකාතය සැලකුවත්, හජ් වන්දනය සැලකුවත් එය එසේමය. නමුත් කෙනෙකු උපවාසයේ නිරතවීීම එවැන්නක් නොවේ. ඔහු ඔහුගේ මූලික අවශ්‍යතාවය වන ආහාර පානවලින් වැලකී තම හැඟීමන් පවා තමා විිසින්ම පාලනය කරගැනීම උපවාසයයි. ඒ අනුව කෙනෙකු උපවාසයේ නිරතව සිටිිනවාද/ නැද්ද/ යන්න දන්නේ අල්ලාහ් සහ එම උපවාසයේ නිරතවන තැනැත්තා පමණි.

ලෝකයාට වසන් ව තමන්ට රිසිසේ ආහාර පාන ගැනීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබිය දී කිසිවෙකු එයින් වැලකී එපමණක් නොව ඉස්ලාම් අනුමත නොකරන අනිකුත් දුර්ගුණාංගවලින් වැලකී උපවාසයේ නිරත වන්නේ නම්, ඒ ස්ථිරව ම අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත හා භාග්‍ය දිනා ගැනීමේ අරමුණින් මිස අන්කිසිවක් නිසා නම් නොවේ. මෙය පහත හදීසය තුලින් අවබෝධ කරගත හැක.
        අල්ලාහ් දෙවියන් පැවසූ බවට (හදීස් කුද්ස) මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසයි. මිිනිසුන් කරනු ලබන යහකටයුතුවලට අදාල කුසල ඔවුන්ට ම හිමිි එකකි. නමුත් උපවාසය එසේ නොවේ. එම කුසල ක්‍රියාවට අදලා කුසල ලබාදෙන්නේ දෙවිියන් වන මා විිසින්මය.’ උපවාසය යනු පලිහකි. එම නිසා ඔබලාගෙන් කිසිවෙකු උපවාසයේ නිරතව සිටිිය දී නුසුදුසු හා නිෂ්පල වදන් නොපවසන්න. එමෙන්ම අධිික ශබ්ද නගා කථා නොකරන්න. තවද ඔබලා උපවාසයේ නිරතව සිටිය දී කිසිවෙකු විසින් ඔබලාට හිරිහැරයක් කරන්නට හෝ ගැටුමක් ඇති කරගන්නට සැරසුනේ නම්, මම උපවාසයේ නිරතව සිටිිමිි යයි පවසන්න. යයි පැවසූ නබිතුමාණන් මාගේ
ප්‍රාණය කවුරු අත තිඛෙන්නේ ද ඔහු වන අල්ලාහ් දෙවියන් මත දිවුරා පවසමිි. උපවාසය රකින්නෙකුගේ මුවෙන් නික්මෙන දුර්ගඳය අල්ලාහ් දෙවියන් හමුවේ කස්තූරි සුවදට වඩා ශ්‍රේෂ්ඨ වන්නේය. උපවාසයේ නිරත වන්නෙකු හට සතුටුමත් අවස්ථා දෙකක් උදා වන්නේය. එනම් උපවාසයේ නිරතවුවෙකු සවස් කාලයේ උපවාසයෙන් මිදෙන මොහොත හා මරණින් මතු හොද හා නරක විිනිශ්චය කරන දිනයේ උපවාසයේ නිරත වුවෙකු ලෙස අල්ලාහ් දෙවියන් මුණගැසෙන මොහොතය.
(මූලාශ්‍ර ග්‍රන්ථය  බුහාරී මුස්ලිම්)
    තම කැමැත්ත කැප කොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත අපේක්ෂාවෙන් නිරාහාරව හා හැඟීම් පාලනය කරගන්නා තැනැත්තා හට දේව කැමැත්ත හා භාග්‍යයන් හිමිවන බව ඉහත හදීසය තුලින් පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ ආකාරයට භාග්‍යයන් ලඟා කරන උපවාසය මනුෂ්‍යාහට තවත් භාග්‍යයක් ද ලඟාකර දේ. එය තවත් අවස්ථාවක නබිතුමාණන් පැවසීමේ දී, (කිසියම් කෙනෙකු රමධාන් මාසයේ) උපවාසයේ නිරතව ඉස්ලාමයේ කුළුණූ 05 ක් (වන කලිමාව, සලාතය, උපවාසය, සකාතය, හජ්) අතුරින් උපවාසය ද එකක් ලෙස පිලිගන්නේ ද, තවද ක්‍රියාව වෙනුවෙන් කුසල් අපේකෂා කරන්නේද ඔහුගේ පෙර පාපයන් සියල්ල අල්ලාහ් (දෙවි) සමා කරන්නේය. (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්)
ඉහත හදීසයන් තුලින් මේ උපවාසයේ මහිමය දැන් හොඳින් අවබෝධ කරගත හැකි වනු ඇත. මේ ආකාරයට අසීමිත භාග්‍යයන් පිරි මාසයක් තමා මේ අද අපට උදා වී තිඛෙන්නේ.

Related Post