යුක්තිය හා සාධාරණය (justice-in-islam)

සාධාරණය ඉටු කරමු

ඉස්ලාමි මග ෙපන්වන සාධාරණය

උතුම් මුහම්මද් නබිතුමාණන්ගෙන් ආදර්ශයක්
සෞදි අරාබියාවේ මක්කම නගරය පුරා බහු දේව වාදය රජ කල වකවානුවක ජනතාව තමන්ගේ දෙවිවරුන් තම දෑත්වලින් සාදාගෙන පිළිම වන්දනාවේ නියෙලී සිටිය සමයක ඒකදේව වාදය යනු ඉස්ලාම් ආගම දෙවියන් අල්ලාහ් විසින් මෙලොවට පිරිනමන ලදි,
එම අවසාන දූත මෙහෙයුමට දෙවියන් අල්ලාහ් විසින් තෝරාගත් උතුම් පුද්ගලයා මුහම්මද් නබිතුමාණන් විය. එතුමාගේ ජීවිතයෙන් අපට පමණක් නොව මුˆ ලෝකයේ ජීවත් වන පාලකයා හා පාලිතයා දනවතා හා දුප්පතා උසස් හා පහත් සියලූ දෙනාටම ආදර්ශමත් සිදූවීමකට අපගේ අවධානය යොමු කරමු.   
මුහම්මද් නබිතුමාණන්ගේ පාලන සමයේ උසස් කුලයක කාන්තාවක් සොරකමක් කළාය, එම වැරදි ක්‍රියාවට ඉස්ලාමීය නීතය අනුව ඇයගේ අත කැපීමට මුහම්මද් නබිතුමාණන් විසින් නියෝග කරන ලදි, නමුත් ඇයගේ ඥාතීන් ද මුහම්මද් නබිතුමාණන්ට ඉතා ප්‍රියමනාප හා සමීපතම අනුගාමිකයෙකු වූ උසාමා බින් ෙසෙද් (රලි) තුමා වෙත ගොස් නබිතුමාණන්ගේ මෙම තීන්දුව ලිහිල් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියෝය, ඔහුද එයට එකඟ වී ඇය වෙනුවෙන් මැදිහත් වූ විගස මුහුණ රතු වූ නබිතුමාණන් කෝපයට පත්වී දෙවියන් අල්ලාහ් විසින් පහළ කරන ලද නීතිය වෙනස් කරන්න උත්සහ කරනවාද? යැයි උසාමා (රලි) තුමාගෙන් විමසුවේය, පසුව මිනිසුන් අමතා පහත දැක්වෙන අයුරු දේශනාවක් පැවත්වූහ
ඔබලාට පෙර විසූ සමාජයන් විනාශ වීමට මූලික හේතුව ඔවුන්ගේ නායකයින් හා උසස් අය සොරකමක් කලොත් ඔවුන්ට දඬුවම් නොකර අත්හැරියෝය
ඔවුන්ගෙන් සාමාන්‍ය දුර්වල වැසියෙක් සොරකමක් කල විට දඬුවම් කලෝය, මා දෙවියන් අල්ලාහ් මත දිවුරා කියන්නෙමි මාගේ දියණිය ෆාතිමා සොරකම් කලත් මා ඇයගේ අත කපන්නෙමි. (ග්‍රන්ථය : බුහාරි)
 අබූ අහ්මද් – කුවෙයිට්

Related Post