සහාරා නමි නවක මුස්ලිමි සහෝදරියගේ අත්දැකීම
සිංහල මවි පිය දෙපලකට දාව උපන් මා කුඩා කලම අමිමාටත් තාත්තාටත් කරදර දුන් කෙල්ලකි.සහෝදරයින් දෙදෙනකු හා සහෝදරියන් දෙදෙනකු සමග ඉතා සතුටින් දුප්පත් ජීවිතයක් ගත කළෙමි.එදා වේල කෑමට පවා නොතිබුනු අපහට,අමිමා ගෙදරක වැඩක් කරගෙන එන බත් පත කෑ වාර අනන්තය.කුඩාවට තිබූ මැටි බිත්ති නිවස අපි සිවි දෙනාගේ මාලිගය විය.කන්න නැතත් අපි සතුටින් ජීවත් වුනෙමු.එකෙසේ උපන් බව කට පිරෙන්නට අමිමා ගුටි බැට දුන්නාය.ඒ කිසිවකට නොවේ පාසල් යන්නත් දත් මදින්නටත්ය.නිවසේ සැර වැඩිම දරුවා මා බව හැමෝම කියන්නට ගත්තේ මාගේ ක්‍රියාවන් නිසා විය හැකිය.මා කිසිවකුට බිය වූයේ නැත.කරන හැම වැඩම පිරිසිදුවට කිරීමට මා අාසා කලෙමි.නිවසේ අපි සවොම දිනෙන් දින වැඩිවියට පිය නැගුවද දුප්පත්කම එතැනම විය.මා හට එය සුපුරුදු දෙයක් බවට පත්වී තිබුණි.වසර 12 වන විට මා මරණය ලඟට ගොස් නැවත පැමිණි අයෙක්මි.මැලේරියා උවදුර මා සිවි වරක් වෙලා ගත්තේය.මේ සෑම විටම මාගේ පිහිට මාගේ රත්තරං අමිමා විය.උසස් අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට වරමි ලද මා හට මාගේ අමිමා සියළු වියදමි සපයා දුන්නාය.
මාගේ සොහොයුරන් අධ්‍යාපනය හදාරා අයෙක් ගුවන් හමුදාවේද අයෙක් ව්‍යාපාරික ලෝකයේද නමි දිනා සිටිති.මාගේ එක් සොහොයුරියක් අද මා මෙන් ගුරුවරියක්ව සිටී.අපි සවෝම ඉතා දුක් බරව දිවි ගෙවා මෙතැනට ලඟා වූවත් අප සැමගේ වීරයාහා ශක්තිය අපගේ අමිමා විය.නිවසේ සැමට වඩා මා අමිමාටත් අමිමා මටත් බැඳී සිටී.එය අදටත් එසේම වී තිබේ.
කුඩා කළ සිටම මා අන් අයට වඩා වෙනස් චරිතයක් වූයෙමි.ඉතාම ඉක්මනින් කේන්ති යන මා හට එය පාලනය කරගත නොහැකි තත්ත්වයට වර්ධනය වූ අවස්ථා එමටය.මා,මාගේ අධ්‍යාපනය හදාරන අවධියේ මාගේ මව නගරයේ ආයුර්වේද බෙහෙත් සාප්පුවක් දමා තිබිණි.පංති ගොස් අමිමාගේ ආයුර්වේදයට පැමිණෙන මා සවස් වනතෙක් ඇය සමග කාලය ගත කර දෙදෙනාම සවසට නිවසට යමු.අමිමාගේ ආයුර්වේදයට පැමිණෙන වැඩි පිරිස මුස්ලිමි අය විය.අමිමා ඔවුන් සමග ඉතාම මිත්‍රශීලීය.ඔවුන්ද අමිමට එතරමි ඇලුමි කළෝය.කාල වර්ණ ඇඳුමින් සැරසුණු කාන්තාවන් දකින මා හට කුමක්දෝ හැඟීමක් සිතට වැටිණි.ෆර්දා ඇඳ සිටින ඔවුන් විටක මාගේ සිත ගැඹුරු ප්‍රශ්ණයකට ඇද දැමුවෝය.දිනක් අමිමා මා හට පුවත් පත් ලිපියක් ගෙනත් දුන්නාය.එය හබායා සහ ඉස්ලාමි පිළිබඳව විය.මා එය කියවා නැවත මවට දුන් අතර,එය මාගේ ජීවිතයේ ලොකු වෙනසක් නොකළේය.
මා පුරුදු වී සිටි දෙයක් තිබිණි.එනමි,විභාගයක් හෝ යමි සුභ ක්‍රියාවක් කරන විට දඋස පියාගෙන “මේ ලොව නිර්මාණය කරන ලද කෙනෙක් හෝ බලයක් තිබේ නමි එය මා හට දැන් පිහිට වේවා” කියා පැතීමය.සෑම දෙයකින්ම මා හට ජය අත්විය.දිනක් මා නිවසේ සිට විශ්ව විද්‍යාලය බලා යන ගමනේ බසයට නැගී වාඩි වූයෙමි.මා සිටි ස්ථානයට මදක් ඉදිරියෙන් සිටි තරමක් වයස අවුරුදු (60) පමණ අයෙක් කුමක් දෝ දෙයක් (බෙල්ල දෙපසට කරකවන,ඉදිරියට නැමෙන& කරනු මා බලා සිටියෙමි.කුමක් කරන්නේද මා හට වැටහීමක් නොවුණි.ජනේලයෙන් ඉවත බලා ගත් මා ගැඹුරු කල්පනාවකට වැටුණි.මා පසු කර යන ගස්වැල් අහස ගංගා දෙස බලන මා හට මේවා මෙලෙස හදන්නේ බලය දෙන්නේ කවුද?කොහෙන්ද?වැනි ප්‍රශ්ණ හිතට නැගුණි.
මෙලෙස කාරණා කීපයකට කරුණු සොයමින් සිටි මා හට පිළිතුරු ලැබුණි.සුබිහානල්ලාහ්,මා සතුටු වෙමි.ඉතාමත් සතුටු වෙමි.මා හඳින ගතිමි.එකිනෙකට පැටලැවී තිබූ නූල් බෝලයේ පොට මා පාදා ගතිමි.මාගේ අමිමාගේ යෙහෙළියක් විය.ඇයගේ නිවස මට සුපුරුදු තැනක් විය.මා එහි යන විට සල්වාර් අඳින්නට හුරු වුනෙමි.මවගේ යෙහෙළියගේ පුතා මාගේ අමිමාට ඉතාමත් අාදෙරන් සැලකුවේය.ඔහු ඉතාමත් යහපත් ගති ඇත්තෙක් විය.මුණ ගැසෙන හැම විට අප හට ඉස්ලාමය කියා දුන්නේය.මා අද ඔහුගේ කතාව ප්‍රිය කළෙමි.ඔහු කියා දුන් ධර්මය අද මාගේ සිතේ ගැඹුරේ සටහන් වී සිටී.මා හට සත්‍ය තේරුමි ගැනීමට හැකි විය.ෆර්දා ඇඳ හබායා ඇඳ සිටින අයට මා තරු කළෙමි.එෙලස මා විශ්වාස කළ බලවේගය, ලොව හිමිකරුවා වෙන කිසිවෙක් නොව අල්ලාහ් බව හැඳින ගතිමි.මා බසයේ යන විය වයසක අයෙකු සිදු කරමින් ගියේ කුමක් දැයි දැන ගතිමි.ඔහු සලාතය ඉටු කර ඇති බව මම දැන් දනිමි.මා මිය ගියෙමි.ඒ මා නොව මාගේ අතීතයයි,මා නැවත ඉපදී සිටිමි.එතැන් සිට මාගේ චරිතය වෙනස් වන්නට විය.මාගේ යහළුවන් මා හට සිනාසීමට පටක් ගෙනය.ව්ශ්ව විද්‍යාලය තුළ,නේවාසිකාගාරය තුළ මාගේ සද්ධය ටිකක් අඩු විය.මා සතුටු විය.මෙය මාගේ ජීවිතයේ ලද ලොකුම සතුටයි.සිතින් මෙන්ම ගතින් ද මා වෙනස් වන්නට පටන් ගතිමි.සල්වාර් ඇඳීමට පටන් ගත් මා හට ගෙදර අයද සිනාසූහ.නමුත් මා ඒවා කනකට නොගත්තෙමි.
මා හට ඉස්ලාමිහි නියම අරුත වටහා ගැනීමට මග පෙන්වූයේ මාගේ මවගේ යෙහෙළියගේ පුතාය.ම ඉතාමත් කැමැත්තෙන් එය ඇසීමට ඉදිරිපත් වුනෙමි.ඔහුගේ කතා ප්‍රිය කළෙමි.ඔහුගේ නිවසේ ඇයගේ ඇසුර ප්‍රිය කළෙමි.ඔවුන්ගේ සංස්කෘතියට ගරු කළෙමි.අල්ලාහ් මා හට මග පෙන්වීමට කාෆිර් වූ මා මුස්ලිමි කිරීමට එවා ඇති අයෙක් ලෙස මා හට ඔහු පෙනුණි.කාලය ගෙවී ගියේය.මා මාගේ සිත සදා ගත්තෙමි.කුමක් කිරීමටද?අල්ලාහ්ගේ මාර්ගයේ යෑමට;මා එය මවගේ යෙහෙළියගේ පුත්‍රයා හට පැවසීමි.ඔහු ඉතා සතුටින් මා හට උදවි ලබා දුනි.මා,මාගේ මවට ඒ බව පැවසූ විට ඇය බියට පත් විය.මාගේ පියා ගමේ සැමගේ සිත දිනා සිටින අයෙකි.මෙම සිද්ධියෙන් කුමක් සිදුවේ දැයි ඔහු බිය විය.මා බිය නොවුනෙමි.මා ශුද්ධ වු ඉස්ලාමය වැළඳ ගතිමි.සිත නිදහස් විය.කිසිවෙකුට මා බිය නොවෙමි,අල්ලාහ් හැර.ඔහුට පමණි මා බිය බැති වන්නේ.ඉස්ලාමය වැළඳ ගත් මා,ආගම ධර්මය රකින හොඳ ස්වාමියෙකුද ලදිමි.ඔහු අන් කිසිවෙකු නොව,මා හට ධර්මය කියා දුන් මවගේ යෙහෙළියගේ පුතාය.
අද අපි දෙදෙනා අල්ලාහ්ගේ නාමයෙන් ඉතාම සතුටින් දිවි ගෙවමු.මා දැන් දෙදරු මවකි.ඔවුන්ද නියම ඉස්ලාමි භත්තිකයන් කිරීම මාගේ එකම පැතුමයි.අල්ලාහ් මා හට මාර්ගය පෙන්වා දුන්නා.දැන් අල්ලාහ් වෙනුවෙන් කැපවී අවසන්.ඉස්ලාමය වෙනුවෙන් පණ පිදීමටද මා දැන් සූදානමි වී සිටිමි.එය මට සතුටකි.ඉස්ලාමය පිළිබඳ මා ගැඹුරට නොදනිමි.අල්කුර්ආන් අකුරු කියවීමට නොදනිමි.නමුත්,මා දැනට ලබා ඇති දැනුම මාගේ ජීවිතයටත් තව අයෙකුට ඉස්ලාමය කියා දීමටත් ප්රමාණවත්ය.නමුත්,මා ඉදිරියේ සැමදේ උගනිමි.අල්ලාහ් මා හට මාර්ගය පෙන්වා දී ඇත.අවසන් ගමන යා යුත්තේ මාය.එය මා කෙසේ හෝ යමි.
දැනට රජයේ රැකියවක් කරන මා හට පැමිණි බාධක අනන්තය.අදටත් එය එලෙසය.නමුත් මා දුක් නොවෙමි.කාල වර්ණ හබායා ඇඳ සිටින මා දකින බොහෝ අය මා හට යකෙක් මෙන් කලු ඇඳ ඔලුව වසා ඉන්නවා යැයි බැන වදී.නමුත් මා දුක් නොවෙමි.දැන් සැමදේ මට ලැබී අවසන්.කිසිවෙකුට මා බිය නොවෙමි.
අල්ලාහ්ගේ ධර්මය අපි සැමටම විවෘතයි.එය කරා අප ගමන් කළ යුතුය.මා හට මෙතැනට එන්නට මග සැලසූ මගේ සැමියාටත් මවටත් අල්ලාහ්ගේ ලැබේවායි පතමි.මාගේ සහෝදර සහෝදරියන් අදටත් මා සමග මිත්‍රව සිටිති.නමුත් සෙසු නෑදෑයින් කිසිවෙකු මාද මාගේ සැමියා සහ දරුවන් පිළිගන්නේ නැත.එය මට දුකට කරුණක් නොවේ.
දැන් මා මාගේ යෙහෙළියන් හට මවට පියාට ඉස්ලාමි කියා දෙමි.ඔවුහු ඒවා ඇසීමට ප්‍රිය කරති.මා ලද සැනසුම ඔවුන්ටද ලඟා කරදීම මාගේ බලාපොරොත්තුවයි.
ප්රබෝධය සඟරාව