Originally posted 2024-06-25 14:45:56.
ෆයිසල් මුහම්මද්
රමධාන් මාසයේ උපරිම ඵල නෙලා ගැනීම සඳහා පහත දැක්වෙන යහපත් ක්‍රියාවන් ඉටුකිරීම සඳහා ස්ථීරව අධිෂ්ඨාන කරගනිමු.
1 විශේෂයෙන් අල් කුර්ආනය පහලවීමට මූලික වූ මේ මාසයේ ශුද්ධ වූ අල් කුර්ආනය අධිකව පාරායනය කිරීමටත් එහි ඉගෙන්වීමන් අවබෝධ කරගැනීමටත් දැඩිව උනන්දු වියයුතුය. එහි වැදගත්කම ද පහත හදීසය තුලින් ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත. .
(කිසිවෙකු උපවාසයේ නිරතව අල් කුර්ආනය තම ජීවිතයේ මගපෙන්වීම කරගත්තේ ද , ඔහුගේ (විමුක්තිය* වෙනුවෙන් මරණින් මතු අවසාන විනිශ්ච දිනයෙහි මේ උපවාසය හා අල් කුර්ආනය දෙක දෙවියන් අල්ලාහු හමුවේ වාද කරනු ඇත, උපවාසය තම දෙවියන් හමුවේ මාගේ දෙවියනී ` මා ඔහු ආහාර ගැනීමෙන් වැලැක්වූයෙමි, ඔහුගේ හැඟීම් පාලනය කලෙමි, එම නිසා ඔහු වෙනුවෙන් ඔබ හමුවේ මට මැදිහත් වීමට අවසරය ලබාදෙන්න, යනුවෙන් විමසනු ඇත,
එසේම පරිශුද්ධ වූ අල් කුර්ආනය ද තම දෙවියන් හමුවේ මාගේ දෙවියනී ` ඔහු මාව (පාරායනය කිරීම තුලින්* නිදා ගැනීමෙන් වැලැක්වූයෙමි, එම නිසා ඔහු වෙනුවෙන් ඔබ හමුවේ මට මැදිහත් වීමට අවසරය ලබාදෙන්න, යනුවෙන් විමසනු ඇත, යනුවෙන් පැවසූ නබිතුමාණන් අවසානයේ මේ මනුෂ්‍යා වෙනුවෙන් මැදිහත්වීමට උපවාසයට හා අල් කුර්ආනයට දෙවියන් අල්ලාහු අවසර ලබා දෙනු ඇත යැය පැවසුවේය. (මුලාශ්‍ර ග්‍රන්ථය අහ්මද්**
2 අනිවාර්්‍ය සලාත් 5 (සාමූහිකව* හා සුන්නත් සලාත් ඉටුකිරීම
3 තරාවීහ් සලාතය රමධාන් මාසය පුරා ඉටු කිරීම
4 උපවාසකයින්ට ඉෆ්තාර් දීම
5 දුගියන්ට සදකා (දන්* දීම
6 ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීම හා දැනුවත් කිරීම
7 තමන් විසින් සිදු වූ පාප ක්‍රියාවන්ට සමාව අයදීම
8 උම්රා කිරීම
9 ඉස්ලාම් ආගම ඉගෙන ගැනීම හා අනුන්ට ඉගැන්වීම
10 ඉස්ලාම් තහනම් කරන ලද සියන්‍දාම කරුණුවලින් වැලකී සිටීම
මේ උතුම් වූ මාසය තුල දෙවියන් අල්ලාහුගේ අසීමිත භාග්‍යයන් හා ඔහුගේ ආශිර්වාදය ලබාගෙන දෙලොව සෞභාග්‍යමත් ජීවිතයකට අපි ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

